IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

Men in Black(1997) පෘථිවිය බේරා ගැනීමට කරන සටන...

Post by Unknown | at 6:00 AM | 5 Comments | Categories
Men in Black (1997)
(සිංහල උපසිරසි සමග)



    වර්ෂ 1997දී තිරගත වු men in Black 1 චිත්‍රපටය එහි සාර්ථකත්වය නිසාම එහි තවත් සිනමා කෘති දෙකක් 2002දී සහ 2012දී නිර්මාණය වුණා.  මේක ඒ එම men in Black චිත්‍රපට මාලාවේ පළමු චිත්‍රපටයයි.   කතා තේමාව දිග හැරෙන්නේ පිටසක්වල ජීවීන් අප පෘථිවිය තුළ පදිංචි වීමට පටන් ගන්නා කාලයකයි. මේකේ කතාව ගැන පොඩි හැදින්වීමක් කරොත්, මේ කාලයේදී පිටසක්වල ජීවීන් අප ලෝකය තුළ පදිංචියට පැමිණෙනවා.


     එහිදී ඔවුන් සමාජයේ ජීවත් වන්නේ සාමාන්‍ය මිනිසුන් විදියට, නමුත් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයේ රූපකාය, හැසිරිම ගොඩක් වෙනස්. මේ විදියට පෘථිවියට එන පිටසක්වල ජීවින් පාලනය, ඔවුන්ට හැදුනුම්පත් නිකුත් කිරීම, ආගමන විගමන කටයුතු සදහා වෙනම රහස්‍ය අංශයක් පෘථිවියේ ඉන්නවා. මේ රහස්‍ය අංශයේ යාවජීව නිලධාරියෙක් ලෙස කේ(Kay)කටයුතු කරනවා. එඩ්වඩ් නැමැති තරුණ පොලිස් නිලධාරියාද, මෙම රහස්‍ය කණ්ඩායමට අහම්බෙන් වගේ සම්බන්ධ වෙන්නේ. ඔහු ඒ සංවිධානයට බැදී, ජේ(Jay)ලෙස නම වෙනස් කරගන්නවා. සෙඩ්(Zed)එම සංවිධානයේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා.

   මේ අතරේ පෘථිවියට අනවසරයෙන් පිටසක්වල සිට භයානක මකුණෙක් පැමිණ, පෘථිවි වාසීන්ගේ ජීවිත අවුල් කරන්න ගන්නවා. මේ කතාව ඉතිං මම දිගටම කියාගෙන ගියොත් තේරුමක් නැති වෙනවනේ, ඒක නිසා ඔයාලාමේ සිංහල සබ් එක ෆිල්ම් එකට දාගෙන බලන්නකෝ. මේක සුපිරි චිත්‍රපටියක්.

         මෙහි Jay ගේ චරිතයට සුපිරි නළු Will Smith පණ පොවනවා.Kay නමින් රග දක්වන්නේ Tommy Lee Jones ඒ වගේම Zed ලෙස Rip Torn රග දක්වනවා.IMDB ratings වල 7.2ක ඉහළ අගයක් ගන්නා මෙම චිත්‍රපටිය විශිෂ්ට සිනමා කෘතියක් ලෙස හදුන්වන්න පුළුවන්. එහෙනම් කට්ටිය බලලා කමෙන්ට් කරන්නකෝ...

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

                                           695 MB චිත්‍රපටිය මෙතනින් බා ගන්න
                                                  ට්‍රේලර් එක මෙතනින් බලන්න
                                             සිංහල උපසිරසි මෙතනින් බා ගන්න


  • මෙම උපසිරසි වල සම්පූර්ණ අයිතිය අමිල චාමර ගුණසිංහ සතුය.
  • ඔබටත් මෙලෙස චිත්‍රපටයකට උපසිරසි ගන්වා අප අඩවියේ පළකරවා ගැනීමට අවශ්‍ය නම් පහත ඊමේල් ගිණුම මගින් අප සම්බන්ධ කරගන්න.
contact.sirasi@gmail.com


5 comments:

  1. සිංහල සබ්වලට තෑන්ක්ස් මචං... මේක පට්ට ෆිල්ම් එකක්...මේ වගේ වටිනා ෆිල්ම්ස් වලට දිගටම සබ් දාන්න..

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger