IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

10000 BC [2008] සිංහල උපසිරසි සමග- අහිමිවූ සභ්‍යත්වය සොයා යාම...

Post by Unknown | at 10:01 AM | 2 Comments | Categories

                10000 BC [2008] 
                   සිංහල උපසිරසි සමග



අද මම ඔයගොල්ලන්ට ගෙන එන්නේ 2008 වසරේ මහත් ජනප්‍රියත්වයකට පාත්‍ර වෙච්ච හොද නිර්මාණයක්. ඓතිහාසික කතාවක් තමයි මෙහි කතා තේමාව වෙන්නෙ. ක්‍රියාදාම, අවදානම්සහගත, කතාංග වශයෙන් මෙය වර්ග කරන්න පුළුවන්. ඒවගේම  ලස්සන ආදර කතාවකුත් මේකෙ ගලාගෙන යනවා. ආදර කතා තියෙන ඒවට ඔයගොල්ලො ගොඩක් කැමතියිනෙ. එහෙනම් මම මේකෙ කතාව චුට්ටක් කියන්නම්.

     ක්‍රි.පූ. 10000 තරම් ඈත අතීතයේ පුරාවෘත ගත කතාවක් තමයි මේකෙ තියෙන්නෙ. මෙහි සිටින යාගහිල්වරු ඉතා දක්ෂ දඩයක්කාරයො. ඔවුන්ගේ ප්‍රධාන දඩයම තමයි මැනෑක්. ඒගොල්ලො  මැනෑක් කිව්වට අපි නම් කියන්නෙ මැමත් කියලා. (ෆිල්ම් එක පුරාවටම මේ සතාව හදුන්වන්නෙ මැනෑක් කියන නමින්) මැමත් සතෙක්ව දඩයම් කරන්න හරිම අමාරුයි. ඒ සතෙක්ව යාගහිල්වරයෙනක්ට විශේෂ වරප්‍රසාදයක් හිමිවෙනවා. ඒ තමයි ධවල යෂ්ටියේ හිමිකාරිත්වය ලැබීම. ඉතිං මෙහි සිටින ඩිලේ කියන පුද්ගලයා(කතා නායකයා) අහම්බයකින් මැමත් කෙනෙක් මරලා ධවල යෂ්ටියේ හිමිකාරිත්වය ලබාගන්නවා. ඩිලේ ආදරය කරන එක්තරා තරුණියකුත් ඉන්නවා මේ අතර. ඇය තමයි ඉවෝල්ට්. 

    දිනක් රාත්‍රියක දෙවියන්ට කැපවූ වෙනත් ගෝත්‍රයක පිරිසක් බිලිදීම සදහා ඉවෝල්ට් ඇතුළු පිරිසව අරගෙන යනවා. ඩිලේව ඔවුන්ට අසුවෙන්නේ නෑ. පස්සෙ ඩිලේ තවත් පිරිසක් එක්ක තම පිරිස සොයා යන ගමනක් තමයි මේකෙ තියෙන්නෙ. ත්‍රාසය භීතිය සපිරි අවස්ථා ගණනාවකට ඔවුන්ට මුහුණ දෙන්න සිදුවෙනවා.
ඩිලේට තම පෙම්වතිය හමුවෙයිද? ඇය දෙවියන්ගේ බිල්ලක් වෙයිද? 

   මේ ආකාරයට සිදුවීම් ගණනාවක් සහිත 10000 BC චිත්‍රපටය ඔයගොල්ලො අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. මිනිත්තු 109 ක ධාවන කාලයක් ඇති මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට Camilla Belle, Steven Strait හා Marco Khan යන අය පණ පොවනවා. ගොඩක් අය මේක බලලා තියෙන්නත් පුළුවන්. බලලා නැත්නම් සිංහල සබ් එක්ක අරගෙන බලන්න. අතාරින්න එපා. මේකෙ ඇනිමේෂන් එහෙම ඉතාමත් හොද මට්ටමක තියෙනවා. එහෙනම් තවත් හොද නිර්මාණයකින්  ආයෙත් හමුවෙමු. මගේ මහන්සියට කමෙන්ට් එකකුත් දාන්න.

  • මෙම උපසිරසි නිර්මාණයේ සම්පූර්ණ අයිතිය දුලාන් තනුශංක සිල්වා සතුය.
  • ඔබටත් මෙවැනි උපසිරසි නිර්මාණයක් කර අප අඩඩියේ ප්‍රචාරය කර ගැනීමට පහත ඊමේ ගිණුම මගින්  අප සම්බන්ධ කරගන්න.
          contact.sirasi@gmail.com


2 comments:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger