IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

රාගය වැඩි පිරිමියාටද? ගැහැනියටද?

Post by Unknown | at 5:10 PM | 8 Comments | Categories
                   මේ පිළිබදව ඔබ කලින් දැන සිටියාද?


අද මම ටිකක් වෙනස් විදියක ලිපියක් තමයි ඔයගොල්ලන්ට අරගෙන එන්නෙ. මුලින්ම කියන්න ඕන මේක මනෝවිද්‍යා විෂය ක්ෂේත්‍රයට ටිකක් බරයි. මම මේ ලිපිය ලියන්න කරුණු සොයාගත්තෙ ඇලන් පීස් හා බාබරා පීස් විසින් රචිත Why men don't listen and women can't read maps නම් ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක කොටසක් ඇසුරිනි. හැබැයි ඒ පොතේ තියෙන දේවල් ඒ විදියටම මේ ලිපියට ඇතුළත් කළේ නම් නෑ. එහෙනම් වැඩි කතා නැතුවම රාගය වැඩි පිරිමියාටද? ගැහැනියටද? කියලා කියන්නම්කො. ඊට කලින් මේකට පිළිතුර මොකක්ද කියලා ඔයගොල්ලොත් පොඩ්ඩක් හිතලා බලන්න.

මිහිමත ජීවය බිහිවූ දා පටන් ජීවීන් තම වර්ගය බෝකරගැනීම සදහා සංසර්ගයේ යෙදුණි. මෙලෙස සංසර්ගයේ යෙදීම සදහා විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ඇතිවන ආකර්ශනය අත්‍යවශ්‍ය සාධකයක් විය. මෙම ආකර්ශනය එකතරා විදියක රාගයක් ලෙස අර්ථකථනය කළ හැකිය. එහෙත් මෙලෙස ඇතිවන ආකර්ශනය රාගයම නොවිය හැක. රාගය සෘජුවම ලිංගිකත්වයට සම්බන්ධ වේ.අප පිරිමියාගේ හා ගැහැනියගේ ලිංගිකත්වය පිළිබදව විමසා බලමු.

ලිංගිකත්වය කියන්නෙ විරුද්ධ ලිංගිකයන් හා එක්වීම සදහා ඇතිවන ආකර්ශනය හෙවත් පිබිදීමයි. ලිංගිකත්වය සදහා සෑම පුද්ගලායකුටම උත්තේජනය සපයන්නේ මොළයේ හයිපොතැලමසෙනි. එය චිත්තවේග, හදවත ගැහෙන වේගය හා රුධිර පීඩනයද පාලනය කරයි. චෙරි ගෙඩියක් තරම්වන 4-5g ක් පමණ බරකින් යුත් මෙය පිරිමින්ගේ ලොකුවට හා ගැහැනුන්ගේ කුඩාවට පිහිටා තිබේ. මෙය පුද්ගලයන්ගේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය මගින් ප්‍රබෝධ කිරීමෙන් ලිංගික සංසර්ගයට ආශාව ඇතිකරනු ලබයි.


පිරිමින්ට බොහෝවිට ඕනෑම අවස්ථාවකදී ඕනෑම තැනකදී ලිංගික සංසර්ගයේ යෙදීමට පුළුවන.තම පරම්පරාව ඉදිරියට ගෙනයාමට පිරිමියාට සමාජයෙන් ලැබුණු ධෛර්යයත්, ලිංගිකව ක්‍රියාකාරී ගැහැනුන් සමාජයෙන් පහත්කොට සැළකීමත් නිසා පිරිමි හා ගැහැණු අතර පවතින රාගය මතභේදයට තුඩුදෙන කරුණක් වී ඇත. පැරණි බ්‍රාහ්මණ සමාජයේ පිරිමියාට වඩා ගැහැණිය අධික කාමුක බවත් ඇය විවාහ වූ පසුද හොර සැමියන් සමග එක්ව නිදාගන්නා බවත් අප අසා තිබේ. එමෙන්ම අපගේ ජාතක කතාවලද ගැහැණියට හිමිවන්නේ මෙවැනිමවූ ස්ථානයකි. සැබැවින්ම වැඩියෙන්ම රාගය තිබෙන්නේ මොවුන් දෙදෙනාගෙන් කාටද? බ්‍රාහ්මණයන් පැවසූ පරිදි ගැහැනියටද? නැත්නම් පිරිමියාටද? මේ ගැන දැනගන්න නම් ලිපියේ ඉතුරු ටිකත් ඔහොම්මම ඉදගෙන කියවන්න.


ගැහැනියගේ තිබෙන අඩු ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය හේතුකරගෙන ගැහැනුන්ගේ ලිංගික ආවේග අඩුවීම පැහැදිළිව සෑම තැනකදීම දක්නට ලැබේ. මහපාරේ ගමන් කරනවිට ගැහැනිය පිරිමියෙකු දෙස හැරි හැරී බලන්නේ නැත. කාන්තාව දෙස ගිජු බැල්මෙන් බලන්නේ පිරිමියාය. සොබාදහම ගැහැනිය නිතරම ලිංගික එක්වීමට ප්‍රියකරන තැනැත්තියක ලෙස වර්ගයා බෝකිරීම සදහා නිර්මාණය කර නැත්තේ මන්ද? මෙයට පිළිතුර විය හැක්කේ ගැහැනියට දරුවෙකු කුස දරාගෙන සිටීම හා දරුවා ප්‍රසූත කිරීම දක්වා විශාල වේදනාවන්ට මුහුණදීමට සිදුවීමයි. එමෙන්ම දරුවා වසර කිහිපයක් යනතුරු රැකබලාගත යුත්තේද ගැහැනිය විසිනි. මේ නිසා ගැහැනුන්ගේ ලිංගික ආවේග සීමා සහිතව නිර්මාණය වී ඇතිබව පෙන්වාදිය හැකිය.

අපි මීළගට ගැහැනියගේ හා පිරිමියාගේ විවිධ වයස් මට්ටම් අනුව රාගික හැගීම් වෙනස්වන ආකාරය පිළිබදව කෙටියෙන් විමසා බලමු. පිරිමියා වයසට යනවිට ඔහුගේ ටෙස්ටොස්ටෙරෝන් මට්ටම අඩුවන නිසා රාගයද ක්‍රමයෙන් අඩුවීම සිදුවේ. එහෙත් ගැහැනියගේ රාගය වැඩිවීම සිදුවන්නේ වයසින් මුහුකුරා යාමත් සමගය. ඇයගේ ඉතාමත් ඉහළ ලිංගික ආවේග ඇතිවන්නේ වයස අවුරුදු 36-38 අතර කාලයේදීය.පිරිමියාගේ රාගයේ උපරිම අවස්ථාව වන්නේ වයස අවුරුදු 19 යි. එයින් පසු ක්‍රමයෙන් එය අඩුවීමක් පෙන්නුම් කරයි. පිරිමියාගේ මෙ පවතින්නේ ශාරීරික ක්‍රියාකාරිත්වය මතය. එහෙත් ඔහු ලිංගික ආශ්වාදය ලැබීමේ කැමැත්ත ජීවිතයේ බොහෝ කාලයක් යනතුරු පවතී. කාන්තාවගේ මෙය අවුරුදු 45-50 පමණ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ අඩුවී යයි.


ඉහත පෙන්වාදුන් කරුණු ඔබට වැටහෙන්නට ඇතැයි ම විශ්වාස කරමි. එම කරුණු පිළිබදව ඔබ මදකට සිතා බලන්න. ඔබ පිරිමියෙක් නම් පිරිමියාගේ දෘෂ්ටිකෝණයෙනුත් කාන්තාවක් නම් කාන්තාවකගේ දෘෂ්ටිකෝණයෙනුත් සිතා බලන්න. සියළු කරුණුවලින් සනාථතර දැක්විය හැකිවන්නේ රාගය ගැහැණියට වඩා පිරිමියාට වැඩි ප්‍රමාණයකින් තිබෙන බවයි. මෙහි ගැටළුකාරී තැන් හෝ මතවාදයට තුඩුදෙන තැන් ඇත්නම් ඒ පිළිබදව ඔබගේ අදහස් යොමුකරන්න.

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්වවිද්‍යාලය


8 comments:

  1. කියන්න දෙයක් නැහැ.. සුපිරි ලිපියක්... ඔන්න අදමයි ගොඩ උනේ.. පොදියක් බලල යන්න කියල ආවේ.. එලම එල

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ සුදු මහත්තයා... දිගටම මේ පැත්තට එන්න.. අපි පුළුවන් හැම වෙලාවකම ලිපි දානවා. ඔයගොල්ලන් ඇවිත් කමෙන්ට් දාන එක ලොකු ශක්තියක්...:D

      Delete
  2. නියම වැඩක් මචං

    ReplyDelete
  3. මම නම් කෙල්ලොන්ට කැමතිම නෑ මචං. මම ඒකයි මගේ ප්‍රතිවාදියා බ්ලොග් එකෙන් ගෑනුන්ට පන්න පන්නා පහර දෙන්නේ. මම කැමති ලස්සන ලාබාල කොල්ලෙකුව නිරුවත් කරලා කලිසම ගලවලා තට්ටම් දෙක අස්සෙන් මගේ දිගු කර්මණ්‍ය වූ ශිෂ්ණය ගුද මාර්ගය ඇතුලට බස්සලා යටටම දාලා කොල්ලට කෑ ගැස්සෙන තරම් හයියෙන් ගහ ගෙන ගහගෙන ගිහිල්ලා දෙතුන් පාරක් කොල්ලගේ පුක ඇතුලේම බඩු ටික යවන්න

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger