IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

රහසිගත කණ්ඩායමේ අළුත්ම වගකීම Men in Black 2(2002) සිංහල උපසිරසි සහිතව

Post by Unknown | at 9:40 AM | 3 Comments | Categories
Men in Black 2(2002)සිංහල උපසිරසි සහිතව


අපේ "සිරසි" රසික පිරිසට මම Men in Black චිත්‍රපටි මාලාවේ පළමු චිත්‍රපටියේ සිංහල උපසිරසි පසුගිය සතියේ ගෙනාවා ඔයාලට මතක ඇති, ඉතිං මම කල්පනා කරා මේ චිත්‍රපටි මාලාවේ දෙවන කොටසෙත් සිංහල උපසිරසි ඔබ හමුවට ගේන්න.ගොඩක් දෙනා මට කිව්වා තාම Men in Black 2 සිංහල උපසිරසි ගන්න තැනක්නැහැ, පුළුවන් නම් ඒකටත් සබ් දාන්න කියලා. ඒ ඉල්ලීම් නිසාම තමයි මට මේක හදන්න හිතුණේ.මේකත්ගොඩක් රසවත් කථාංගයක් තියෙන චිත්‍රපටියක්.

 කතාව කෙටියෙන් කිව්වොත්, නියෝජිත Jay තමන් කැමතිම සගයා වන Kay නොමැති නිසා,වෙනත් පුද්ගලයන් සමග වැඩ කරන්න පසුබට වෙනවා,ඔයාලට මතක ඇති පළමුවෙනි කතාවෙදි Kay තම රාජකාරියෙන් සමුගෙන තම මතකයන් සියල්ලම මකා දමලා සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න ගිය හැටි, මේ අතරේ වසර 25ක් තිස්සේ මුළු විශ්වය පුරාම සැරිසරමින් Zarthan නැමැති ග්‍රහලෝකයේ කිරණ සොයාගැනීමට උත්සහ කරන serleena නැමැති පිටසක්වල යක්ෂණිය පෘථිවියට පැමිණෙනවා.එම කිරණ Zarthan ලෝකයේ වැසියන්ගේ ජීවයයි.ඇයට අවශ්‍ය වෙලා තියෙන්නේ Zarthan කිරණ ලබාගෙන Zarthan ග්‍රහලෝකය සහ පෘථිවිය විනාශ කරන්න.

ඒත් මේ කිරණ තියෙන තැන ඒකේ විස්තර ගැන දන්නේ නියෝජිත Kay විතරයි.serleena මේ බව දැනගෙන කළු ඇදගත් මිනිසුන්ගේ(MIB) මූලස්ථානයට ඇතුල් වෙලා එතන ඉන්න ඔක්කොම නියොජිතයන්ව අල්ල ගෙන හිරකරනවා. ඒත් නියෝජිත Jay මේ වෙලාවේ ඉන්නේ තම පරණ සගයා වන Kay එක්ක මූලස්ථානයෙන් එළියේ. මේ වනවිට Kay තළ පැරණි මතකය ලබාගෙන මේ ප්‍රශ්නය විසදගන්න නියොජිත Jay උත්සහ කරනවා. මේ අතරේ serleena විසින් MIB මූලස්ථානයේ ඉන්න සිරකරුවන් නිදහස් කරලා ඔවුන්ව යවනවා නියොජිතJay සහ Kay සොයාගෙන එන්න.

මේ විදිහට තමයි කතාවේ ආරම්භය,සිංහල සබ් අරගෙන මුළු කතාවම ඔයාලට රසවිදින්න පුළුවන් සුපුරුදු පරිදි Will Smith සුපිරි රංගනයක නිරත වෙමින් Jay කියන චරිතයට පණ පොවනවා.Tom Lee jones නියෝජිත Kay ලෙස පෙනී සිටිනවා.serleena විදිහට රග දක්වන්නේLara flynn Boyle නැමැති නිලිය.ඒ වගේම සුපිරි පොප් ගායක Micheal Jackson මෙහි රග දක්වනාවා.සිංහල සබ් බාගෙන ෆිල්ම් එක බලලා කමෙන්ට කරන්නත් අමතක කරන්න එපා. මේ වගේම සුපිරි චිත්‍රපටියකින් ආයෙත් හම්බෙමු.

අමිල චාමර ගුණසිංහ

                600MB ෆිල්ම් එක මෙතනින් බා ගන්න
                   සිංහල උපසිරසි මෙතනින් බා ගන්න
                      ට්‍රේලර් එක මෙතනින් බලන්න

3 comments:

  1. niyamai machan. mekata sub 1k dunnata thanks. mekata sub 1k enakanmai mama balagena hitiye. thaks broooo....

    ReplyDelete
  2. sub aka wada na hadanna plssss

    ReplyDelete
  3. thanks macho... onna mamath sub eka ba gaththa.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger