IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

The Resident (2011) සිංහල උපසිරසි සමග

Post by Unknown | at 12:09 PM | 1 Comments | Categories

                                                 The Resident (2011)
                                                       සිංහල උපසිරසි සමග



    ජුලියට්, බෘක්ලින් නගරයේ රෝහලක සේවය කරන ශල්‍ය වෛද්‍යවරියක් වන අතර ඇය අලුත් නවාතැනක් සොයා යයි. ඉන්පසු ඇයට ගැළපෙන නවාතැනක් හමුවන අතර,එහි හිමිකරු වන මැක්ස් මැදිවියේ පසුවන කඩවසම් අවිවාහක පුද්ගලයෙකි. ජුලියට්ට නගරයෙන් පිටත වාසය කරන පෙම්වතෙක් සිටින අතර ඔවුන් අතර සබදතාවය ඒ වන විට පලුදු වී ගොස් තිබේ.  නවාතැන් හිමිකරු වන මැක්ස් වාසය කරන්නේ තම සීයා වන ඕගස්ට් සමගය. ඕගස්ට් සහ මැක්ස් අතර එතරම් කතාබහක් නැත.  ජුලියට් හට නවාතැනට පැමිණි දිනයේ සිට අමුතු සිදුවීම් දාමයකට මුහුණ දීමට සිදු වෙයි. සමහර දිනවල ඇලග් පසුපස යම් පුද්ගලයෙනු පැමිණෙන බව ඇයට දැනෙයි. ඇයගේ නවාතැන තුළද විවිධාකාර ශබ්ද ඇසෙයි. රාත්‍රියේදී ඇයට මේ සිදුවීම් සිදුවන්නේ කෙසේද? ජුලියට් හට නැවත තම පෙම්වතාව මුණ ගැසෙයිද? 


    මෙහි ජුලියට්ගේ චරිතයට පණ පොවන්නේ Hilary swank වන අතර මැක්ස් ලෙස රග දක්වන්නේ සුපිරි නළු Jeffary Dean Morgan විසිනි. ජැක්ගේ චරිතය Lee Pace විසින් රග දක්වයි. මෙය මුලසිට අග දක්වා කිසිදු නීරස භාවයකින් තොරව පුළුවන්. මගේ දෙවන උපසිරසි නිර්මාණය විදියට තමයි මේක එළි දකින්නෙ. මේකෙ දෙබස් අඩු නිසා දවසෙන් සබ් දාලා ඉවර කරන්න මට පුළුවන් වුණා. 

  අපේ සිරසි කණ්ඩායමේ බලාපොරොත්තුව වෙනත් කිසිදු අඩවියක නොමැති උපසිරසි ඔබ වෙත ගෙන ඒමයි. එහි තවත් එක් පියවරක් වශයෙන් තමයි මෙම චිත්‍රපටය ඔබ අතට පත්වන්නේ. එහෙනම් ආයෙත් සිංහල උපසිරසි සහිත කිසිදු අඩවියක නොමැති නිර්මාණයකින් හමුවෙමු.

                                                       ට්‍රේලර් එක මෙතනින් බලන්න
                                                                     698MB ටොරන්ට් එක මෙතනින් ගන්න
                                                       සිංහල උපසිරසිය මෙතනින් ගන්න

  • මෙම උපසිරසියේ සම්පූර්ණ අයිතිය අමිල චාමර ගුණසිංහ සොයුරා සතුවන අතර ඔහුගේ අවසරය නොමැතිව වෙනත් අඩවියක පළනොකරන්න.
  • ඔබටත් මෙවන් ආකාරයට චිත්‍රපටයකට උපසිරසි ගන්වා අප අඩවියෙන් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් පහත ඊමේල් ලිපිනය මගින් අප සම්බන්ධ කරගන්න.
          contact.sirasi@gmail.com


1 comment:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger