IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ආක්‍රමණයට එරෙහිව The Final Judgement(2012)

Post by Unknown | at 5:12 AM | 1 Comments | Categories

The Final Judgement(2012)



ලෙස්ටර් ජේමිස් පීරිස් කියන්නේ අපේ රටේ අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙක්, ඒ වගේම ඔහුගේ සමකාලීන විශිෂ්ට ජපන් අධ්‍යක්ෂකවරයෙක් තමයි අකිරෝ කුරසෝවා කියන්නේ, අකිරෝ කුරසෝවාගේ රෂ්මොන්(1954) සිනමාකෘතිය අදටත් ඉතා පිළිගැනීමකට ලක්වෙනවා. මම අද කියන්න යන්නේ මේ දෙන්නා ගැනවත්,එයාලා කරපු චිත්‍රපටි ගැනවත් නොවුණට,මෙතනදී මේ විශිෂ්ට කලා කරුවෝ දෙන්නව අනිවාර්යයෙන් මතක් කරන්න ඕනේ කියලා මට හිතුණා.

ඒ මොකද, ළගදීම අපි හැමෝටම රසවිදින්න පුළුවන් The Final Judgement කියන ජපන් චිත්‍රපටියට අපේ රටේ නිළියක් වන උමාලි තිලකරත්න රංගනයෙන් දායක වෙනවා. පොඩිපහේ චරිත කෑල්ලක් රගපානවා නෙවෙයි. එම චිත්‍රපටියේ ප්‍රධාන නිළිය ඇයයි.ඒ විතරක් නෙවෙයි අපේ රටේ ප්‍රවීණ ගායකයන් පෙළක් වන භාතිය සහ සන්තුෂ් මෙම චිත්‍රපටයේ ගීතයක් නිර්මාණය කරලත් තියෙනවා. මෙහි ප්‍රධාන නිළිය ලෙස රග දක්වන උමාලි තිලකරත්න ආසයි මං පියාඹනන්න වැනි සිංහල චිත්‍රපටවලද,පුංචි තිරයේද දක්නට ලැබෙනවා. ඇත්තටම මටත් මේ විස්තරේ දැක්කට පස්සේ ලොකු සතුටක් ඇතිවුණා.ඒක ඔයාලටත් කියන්න ඕනේ කියලා හිතුණ නිසා තමයි මම මේ ලිපිය නිර්මාණය කලේ.මේ චිත්‍රපටියේ කතාවත් බොහොම රසවත්, වෙනස් ආරක එකක්,





කතාව ගැන කෙටියෙන් කිව්වොත් අනාගතයෙදි අවුරාන් නැමැති රාජ්‍යයක් විසින් ලෝකයේ විවිධ රටවල් අල්ලා ගනිමින් ඔවුන්ව වැඩවසම් ක්‍රමයකට යටත් කරගෙන අධික පීඩාවන්ට පත් කරයි. මේ අධිරාජ්‍යය දකුණු ආසියානු රටවලින් ආරම්භ වී ක්‍රමයෙන් ජපානය වෙත පැතිරෙයි. ජපානයේ සිටින පාලකයන් මේ ගැන වැඩි උනන්දුවක් නොදක්වන අතර එරට 26 හැවිරිදි ෂෝහෝ වොෂියෝ(කෝටා එම්) නැමැති තරුණයාට මෙහි භයානක බව වැටහෙයි. ඔහුගේ බලාපොරොත්තුව වන්නේ එරට මහමැතිවරණය ජයග්‍රහණය කර රටේ පාලකයා බවට පත්වීජපානයේ යුධ ශක්තිය වැඩි කර රට බේරා ගැනීමටය.

මෙම මැතිවරණයේදී කෙන්සෝ නකාෂිෂි සහ ලින්(උමාලි තිලකරත්න) යන තරුණියන් දෙදෙනා ඔහුට හොද සහයොගයක් ලබාදෙයි.ලින් යනු අවුරාන් අධිරාජ්‍යෙයන් පැන ආ දකුණු ආසියාතික තරුණියකි. ඇයගේ දෙමව්පියන්ව ඇය කුඩා කලදීම අවුරාන් සෙබළුන් විසින් මරා දමයි. නමුත් අවසානයේ ෂෝහෝ මැතිවරණයෙන් පරාජය වේ. ඉන් වසර කිහිපයකට පසු දුර්වල පාලකයන් සහිත ජපානය අධිරාජ්‍යය අවුරාන්වරු අල්ලා ගනියි. අදහස් ප්‍රකාශ කිරීම,ආගම් ඇදහීමේ නිදහසද ඔවුන්ට අහිමි වෙයි. මින් පසු ජපානයට කුමක් සිදුවෙයිද?ෂෝහෝ ඔහුගේ පෙම්වතිය වන ලින් සමග මීළගට ගන්නා පියවර කුමක්ද?



මේ මස අග සිට ලාංකීය සිනමාශාලාවලින්ද නැරඹිය හැකි මෙම චිත්‍රපටිය ප්‍රවීණ ජපන් අධ්‍යක්ෂක මසාකි හමමොටෝගේ නිර්මාණයකි. The Final Judgement(අවසාන විනිශ්චය) චිත්‍රපටයේ පිටපතක් පැමිණි වහාම එහි සිංහල උපසිරසි මුලින්ම අපේ සිරසි කණ්ඩායමෙන් ලබාදෙන බවටත් පොරොන්දු වෙමින්, මේක ඔයාලටත් රසවිදින්න කියලා මම ආරාධනා කරනවා.



අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

1 comment:

  1. නියම වැඩක් මචං... ෆිල්ම් එකේ හොද කොපියක් ආවට පස්සෙ සිංහල සබ් එකක් එක්කම දෙන්න...

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger