IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

computer එකේ passward එක අමතක වුනොත් මොකද කරන්නේ?

Post by Unknown | at 2:38 PM | 3 Comments | Categories

User account passward අමතක වුනොත් මොකද කරන්නේ?




    සමහර වෙලාවට අපිට password අමතක වෙනවා ඒ නිසා අපි එවා ලියලා තියාගන්නවා,ඒත් ඒවා අවශ්‍ය වෙලාවට කොහේ දැම්මද කියලා හොයාගන්න බෑ.ඉතින්  user account password අමතක උනොත් ඔයාලා දන්නව අපිට කොහොමටවත් computer එකට log වෙන්න බෑ.ඉතින් මේකට විසඳුම password reset disk එකක් හදාගන්න එක.අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. ඒක හරිම සරල දෙයක්  නමුත් නොදන්නා ගොඩාක් අය ඇති.ඒ අයට මේ ලිපිය වැදගත් වෙවි.මෙහෙමයි කරන්නේ.

1.පාලක පුවරුවට(control panal) යන්න



2. පාලක පුවරුවෙ පරිශීලක ගිණුම් හා පවුලේ සුරක්ෂිතතාව (user account and family safety) වෙත යන්න.


3. පරිශීලක ගිණුම(user account) වෙත යන්න
















4.Blank CD එක හෝ pen drive එක පරිඝනකයට ඇතුලත් කර මුරපද යලි සි‍ටුවීම් ඩිස්කයක් තනන්න( create password reset disk) මත click කරන්න.


















5. පසුව මෙම කවුළුව විවෘත වේ.ඊළඟ පි‍ටුවට යොමු වන්න.(next)





























6. ඔබගේ වර්තමාන මුරපදය(current password) අතුලත් කරන්න.ඊළඟ පි‍ටුවට යන්න.(next)


























දැන් ඔබගේ ඩිස්කය පිලියෙල වූ පසු එය ප්‍රවේශම්ව තබා ගන්න,මෙම ඩිස්කය සෑදීමෙන් අනතුරුව ඔබ කෙතරම් මුරපද(password) වෙනස් කලත් අව්ලක් නෑ.password එක අමතක වූ විට භාවිතා කල හැක.

මෙම ඩිස්කය භාවිතා කරන්නේ මෙහෙමයි



                                                                         1 රූපය


                                                                    2රූපය





  මුලින්ම log on screen  එකේ වැරදියට password එක යොදන්න. එවිට(2) රූපයේ පෙනෙන පරිදි password type කරන ස්ථානයට පහලින් reset password ලෙස දිස්වේ. දැන් ඔබ සාදාගත් ඩිස්කය පරිඝනකයට ඇතුල් කර reset password යන්න මත click කරන්න. මෙමගින් ඔබට පරිඝනකයට නව මුරපදයක්(password) ලබා දිය හැක.

   එහෙනම් මේ විදියට ඩිස්කය හදාගෙන,පරෙස්සමට තියා ගන්න.කොතරම් මුරපද වෙනස් කලද මෙය මුර පද අමතක වූ විට භාවිතා කල හැකිබව මතක තබා ගන්න.ඔබ තවත් ඩිස්කයක් සාදනවානම් කලින් සෑදූ ඩිස්කය අක්‍රීය වේ. ඒ කියන්නෙ තව දුරටත් පරණ ඩිස්කය මුරපද අමතක වූ විට භාවිතා කල නොහැක. එවිට අලුත් ඩිස්කය පමණක් භාවිතා කල හැක.



                                                      -සජිත් වෙනුෂ්ක යටගම්පිටිය

                                                       රුහුණු විශ්ව විද්‍යාලය


3 comments:

  1. sinhalen os aka haduwe oyada kohomada ,apitah ganna barida ,administrater password akath mewidiyata wenas karanna kramayak thiyenawada thanks!

    ReplyDelete
  2. microsoft සයිට් එකට ගිහින් sinhala language pack එක download කරගන්න ඕනා.genuine windows වෙන්න ඕනා නැත්තම් අල්ලනවා.මේ ඩිස්කය administrator password වෙනස් කරන්න තමයි.මුලින් ඩිස්කය හදාගත්තනම් කොච්චර password වෙනස් කරත් එක කඩන්න පුළුවන්.ස්තුතියි.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger