IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ෆිල්ම් බලද්දි මේ ගැනත් හොයලා බැලුවද?

Post by Unknown | at 8:51 PM | 8 Comments | Categories

චිත්‍රපටියේ කතාව බලනවා වගේම මේකත් ටිකක් බලන්න

ඇත්තටම අපි හැමෝම චිත්‍රපටි බලන්න ආසයි.අපි අළුත් ෆිල්ම් එකක් ආපු ගමන් ඒකේ ටොරන්ට් ෆයිල් එක බාලා ෆිල්ම් එක උණු උණුවෙම බලන්න ආසයි.ඒ ෆිල්ම් එකට සබි ටිකකුත් ඇඩ් වුනාම ඒක තවත් පංකාදුයි.
    ඒත් අපි ගත්ත ගමන් ෆිල්ම් එක ප්ලේ කරලා කෙලින්ම කතාව පටන් ගන්න තැන ඉදන් ෆිල්ම් එක බලනවා මිසක්,නිකමට වත් ඒ ෆිල්ම් එක නිෂ්පාදනය කරපු සමාගම,ඒක හදපු වර්ෂය වගේ දේවල් ගැන ඇහැක් ඇරලා බැලුව අය ඉන්නේ කීයෙන් කී දෙනාද?

  මේ පාර ආටිකල් එකෙන් කියන්න යන්නේ ෆිල්ම් එකක් බලද්දි ඔයාලා දැක්කේ නැති, තාමත් දන්නේ නැති දේවල් ටිකක්... හැබැයි ෆිල්ම්වල තියෙන මේ දේවල් රටින් රටට වෙනස් වෙනවා, වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු...

    මේක ඔයාලා යන්තමට හරි දැකලා තියෙනවා කියලා නම් ෂුවර්... මේක භාවිතා කරන්නේ චිත්‍රපටයකඅන්තර්ගතය සමාජයට ගැළපෙන්නේ කෙසේද යන්න තීරණය කිරීමටයි.  ඒවායේ අන්තර්ගත භීෂණය, ලිංගිකත්වය, වචන භාවිතය අනුව මෙම වර්ග කිරීම සිදුවනවා.

    මෙම වර්ග කිරීම රටකින් රටකට වෙනස් වුවත් සාමාන්‍ය පොදු භාවිතය වන්නේMPAA(Motion Picture Association of America)ඇමරිකානු චලනරූප සංගමය මගින් භාවිතා වන වර්ග කිරීමයි. මෙය G-Rating system ලෙසත් හැදින්වෙනවා. මෙය 1922 සිට භාවිතා වන අතරම එම කාලයේ සිටම ස්වල්ප වෙනස්කම්ද මෙම නීතිවලට සිදු වී තිබෙනවා
.
ඇමරිකාවේ නම් චිත්‍රපටියක්,රූපවාහිනී කථාංගයක්,ගීත වීඩියෝවක් වැනි ඕනෑම එකක් මේ මගින් අනුමත කරන්න ඕනේ.ඒ අනුව ඒකට rating එකක් ලැබෙනවා.එය චිත්‍රපටියේ හෝ අදාළ විඩියෝ පටයේආරම්භයේදී දර්ශණය වෙන්න ඕනේ.ඔබ අනිවා මේක දැකලා ඇති.



එම rating වල අදහස,
  • PG-13 -වයස 13න් පහළ ළමුන්ට නුසුදුසු දර්ශණ ඇතුළත් වේ. සිපගැනීම්, අසභ්‍ය දර්ශණ, අසභ්‍ය වචන භාවිතය, මත්දව්‍ය භාවිතය අඩංගු වේ.


සෑම PG-13 චිත්‍රපටියක්ම වැඩිහිටියනට පමණක් නොවන අතර ඒවායේ ක්‍රියාදාම නිසාද එසේ සිදුවේ. උදාහරණ ලේස හැරී පෝටර් පසුගිය චිත්‍රපටි මාලාව හැදින්විය හැකිය.

  • G-මෙය ඕනෑම වයස් කාණ්ඩයකට සුදුසුවේ 

  • PG-දෙමව්පියන්ගේ හෝ භාරකරුවන්ගේ අනුදැනුම ඇතිව නැරඹීම සුදුසුය. සමහර භීෂණ හා සියුම් ලිංගික දර්ශණඅඩංගු වේ. මත්දව්‍ය භාවිතය පෙන්වන්නේ නැත.
  • R-වයස 17 ට අඩු කිසිවෙකුට   දෙමාපිය භාරකාරත්වය ඇතිව හෝ නැතිව නැරඹීම තහනම්. අතිබිහිසුණුදර්ශණ , ලිංගිකත්වය, දැඩි වචන භාවිතය, මත්දව්‍ය, අපචාර අඩංගු වෙයි.
-ෂමිල් හසන්(ෂාන්)

8 comments:

  1. ඇහුවොත් කාගෙන් හරි ,කියන්නේ මන් අරක් ෆිල්ම් බැලුව,මේ ෆිල්ම් බැලුව කියලනේ,එත් කියෙන් කී දෙනාද මේක බලල තියෙන්නේ.

    ReplyDelete
  2. අනිවාර්යයෙන් මචං. ඔයා දාලා තියෙන ලිපිය ගොඩක් වැදගත් එකක්. තවදුරටත් මේ වගේ ලිපි සයිට් එකට දාන්න.

    ReplyDelete
  3. thanks.........

    ReplyDelete
  4. mama balana film wala thiyennema R akuru thamai thawa FBI Warning ekath thiyanawa

    ReplyDelete
  5. eawa balanna welawa nehene ape kattiyata. amma thatha ,akka okkoma indala daanawa. ithin passe producer ta bana kiyanawa.................

    ReplyDelete
  6. meke rating wala tiyana 1 neweine kiyala tiyenne......
    R rated - 17ta adu aya narabimedi parentla ho wenath bharakaruweku samaga sahabagi wima awashyai
    NC-17 - 17ta adu kisiwekuta nerabiya nohaki

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger