IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

මිනීමස් කන ලංකාවේ වෙසෙන මානව වර්ගය - නිට්ටෑවෝ

Post by Unknown | at 9:40 PM | 8 Comments | Categories
ලංකාවේ තාමත් නිට්ටෑවෝ ඉන්නවද ?




ලංකාවේ වාසය කරපු ආදි වාසී ස්වදේශීය ජනතාව වැද්දන් කියලා අපි හැමදෙනාම දන්නවා ඒත් වැද්දන්ට වඩා පැරණි කාලයේ ඉදලා වෙනත් වර්ගයක මානව කොට්ඨාශයකුත් මෙරටේ ඉදලා තියෙනවා කිව්වොත් ඕගොල්ලෝ ගොඩක් පුදුමයට පත්වෙයි.ඇත්තටම ඒ වගේ මානව කොට්ඨාශයක් ඒ කාලෝ ඉදලම ලංකාවේ ඉදලා තියෙනවා.නිට්ටෑවෝ කියන මානව වර්ගය ලංකාවේ බිහිවෙලා තියෙන්නේ මේ අද ඊයේ කාලෙක නෙවෙයි.ඔවුන් මීට අවුරුදු දහස් ගණනකට කලින් ඉදන් ලංකාවේ ඉදලා තියෙනවා.නිට්ටෑවන්ගේ ප්‍රධාන අංග ලක්ෂණ කිහිපයක් තියෙනවා.ඔවුන් වැඩිය උසක් නැති මානව වර්ගයක් අප්‍රිකානු මහද්වීපයේ වාසය කරන පිග්මිවරු කියන තරමක් උසින් අඩු මානව වර්ගයක් ගැන ඔබ අසා ඇති.නිට්ටෑවන් අන්න ඒ වගේම උසින් අඩි 3-5 අතර ප්‍රමාණයක් වෙනවා.ඔවුන්ගේ දේහ බර නම් නිශ්චිත අගයක නැහැ.ඔවුන් කකුල් දෙකෙන් ඇවිදීමට හැකි නමුත් තරමකු කොර ගසමින් ඇවිදින මානව වර්ගයක් බව තමයි විද්‍යාඥයන් පවසන්නේ.


  වැදගත්ම කරුණ තමයි ඔවුන් ආහාරයට ගන්නේ මස් වර්ග වීම.බොහෝ විද්‍යාඥයන් පවසන පරිදි මෙම මානව වර්ගය හෝමෝ සේපියන් මානවයාට වඩා ඉතා නොදියුණු මානව වර්ගයක්.මොවුන් මිනී මස් ආහාරයට ගන්නා බව තමයි විශ්වාස කරන්නේ.එහෙම කිව්වාම මේ ලිපිය කියවන සමහර කට්ටියට බය හිතෙන්නත් පුළුවන්.ගොඩක්ම බය හිතෙන කතාව තාම ඇහුවේ නැහැනේ.ඒ තමයි මොවුන් තාමත් ලංකාවේ සමහර කැළෑබද ප්‍රදේශවල විශේෂයෙන් අම්පාර මොණරාගල දිස්ත්‍රික්කවල එකා දෙන්නා වශයෙන් හෝ ජීවත් වෙන බව කටකතා පැතිරිලා තියෙනවා.

ඒ වගේ පදෙස්වල කැලෑ ඇතුළට යද්දී මේ මිනීමස් කන නිට්ටෑවන්ගෙන් පරිස්සම් වෙන එක තමයි ඇගට ගුණ.වැද්දන්ගේ පුරාවෘත්තවලට අනුව ඉතා ආදි කාලයේ වැද්දන් දඩයමේ ගොස් සතුන් මරද්දි,ඒ වගේම පළතුරු මී පැණි එකතු කරන්න යද්දි වනරොදේ හිටපු නිට්ටෑවන්ගේ සැහසික ප්‍රහාරවලට වැද්දන්ව හසු වී තිබෙනවා.නිට්ටෑවන්ට වෙන් වූ වෙනම බල ප්‍රෙද්ශ ඔවුන් නිර්මාණය කරගෙන තිබෙනවා.ඒ බල ප්‍රෙද්ශවලට වැද්දන් ඇතුළු වුවහොත් ඔවුන් වැද්දන්ව ඝාතනය කරනවා කියලා තමයි එම පුරාවෘත්තවල දැක්වෙන්නේ.කාලයක් යද්දී නිට්ටෑවන් විසින් වැදි ගම්වලට රාත්‍රියේ ඇතුළු වෙලා වැදි පැටවුන් ( වැදි දරුවන්) අල්ලගෙන ගිහින් තියෙනවා.මෙම කෙණහිලිකම් ඉවසාගත නොහැකිව වැද්දන් විසින් සංවිධානය වී නිට්ටෑවන් විශාල ප්‍රමාණයක් වාසය කරන ලෙන් සහ ගුහාවල දොරටුවලට විශාල ගල් සහ ලී කොටන් යොදා හරස් කොට දින 3-4 ක් වසා තබා ඔවුන්ව ගුහා තළම කුසගින්නේ මිය යාමට සලස්වා ඇති බවයි පුරාවෘත්තවල දැක්වෙන්නේ.



මොවුන්ට නිශ්චිත භාෂාවක් තිබිලා නැහැ.කුරුල්ලන්ගේ හඩට සමාන හඩක් සහ මිනිසුන්ගේ සිවුරුහන් බෑමට සමාන ශබ්ද නිකුත්  කරගනිමින් අදහස් හුවමාරු කරගෙන තියෙන්නේ.1887 දී ලංකාවේ දේශ ගවේශණය සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික Hugh Nevill පවසන්නේ එකල වැද්දන් විසින් විශාල වශයෙන් නිට්ටෑවන් විනාශ කළ බවයි.මොවුන් hominid නැමැති මානව වර්ගයේ කොටසක් බවයි සදහන් වෙන්නේ.1945 දී W.C. Osman Hill සහ Bernard Heuvelman මුද්‍රණය කරන ලද ලේඛනවල සදහන් වෙන්නේ ඒ වන විටත් ලංකාවේ විවිධ වනාන්තරවල නිට්ටෑවන් කුඩා කණ්ඩායම් ලෙස වාසය කළ බවයි.2004 ඔක්තෝම්බර් 27 වනදා ඉන්දුනීසියාවේ Flores දිවයිනේ නව මානව විශේෂයක සාක්ෂි ලැබුණු අතර එම මානව වර්ගය Homo floresiensis ලෙස නම් කරනු ලැබුවා.නිට්ටෑවන් මෙම මානව විශේෂයට බොහෝ සමානක් දක්වන බවයි පවසන්නේ.මොවුන් ඉතා තුනී රෝම තට්ටුවකින් දේහය ආවරණය වූ මානව වර්ගයක්.ඒ වගේම අන්දමන් දූපත්වල වාසය කළ ග්‍රෝත්‍රික කොට්ඨාශ නිට්ටෑවන්ගෙන් පැවත එන බවත් විශ්වාස කරනවා.2004 වසරේ පැමිණි සුනාමි රළ පහරින් එම ගෝත්‍රික පිරිස්ද බොහෝමයක් විනාශයට පත්වුනා.


 
IUCN(International Union for Conservation of Nature)සංවිධානය පවසන පරිදි මෙම නිට්ටෑවන් ලෙස හදුන්වන මානව වර්ගය රාහු වළසුන්(Sun bears)ලෙස හදුන්වන වලස් වර්ගය විය හැකි බවත් පවසනවා. 


නිට්ටෑවන් හට ඉතා ශක්තිමත් දෑත් දෙපා පැවතී ඇති අතර ඔවුන් විශෘල සත්වයෙක් නම් ගල් ගසා මරා දමා තම නියපොතු සහ උල් ලී කැබලි ආධාරයෙන් උදරය පළා රුධිරය පානය කරන බවයි සදහන් වෙන්නේ.නිය ඇත්තෝ යන වචනයෙන් නිට්ටෑවන් යන නාමයෙන් මෙම මානවයක් හදුන්වනවා.බ්‍රිතාන්‍ය පාලන සමයේ ලක්දිව වාසය කළ රචකයෙකු වන ආර්.එල්.ස්පිට්ල් නම් පවසන්නේ මොවුන මිනිසුන්ට සමානව ඇවිදීමට හැකි වළසුන් විශේෂයක් බවයි.නමුත් බොහෝ විද්‍යාඥයන් මේ වන විට නිට්ටෑවන් යනු Homo floresiensis මානව වර්ගයෙන් පැවත එන උප විශේෂයක් බවයි කියා සිටින්නේ.කොහොම වුනත් නිට්ටෑවන් දැකපු කට්ටිය වර්තමානයෙත් ලංකාවේ විවිධ පදෙස්වලින් වාර්තා වෙනවා.ඒක නිසා අම්පාර,කුඩුම්බිගල පැත්තේ කැළෑවල ඇවිදින්න යන්නේ බලාගෙන....

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

8 comments:

  1. aliens la gana blog dannaZz elaz

    ReplyDelete
  2. නියම ලිපිය මචං. මං මේගැන මීට කලින් අහලා තිබුණෙ නෑ. ඇත්තටම ලංකාවෙ නැගෙනහිර පැත්තෙ කැළෑවක සංචාරයකට ගියාම අපිව නිට්ටාවෙක්ගේ ගොදුරක් වෙන්නත් පුළුවන්‍...:D

    ReplyDelete
  3. අර වැද්දෝ ඔවුන්ව ගල් ගුහාවේ හිර කරලා ගිනි තියල මරුවා කියලත් කියනවා නේද. නිට්ටඹුව කියන නම හැදුන කියන්නෙත් මේ වර්ගයේ ගැහැනියක් අඹුවක් හැටියට රැගෙන ආ නිසා කියලත් කතාවක් තියනවා. මේ අයට දිගු නිය තිබිල තියනවා ලු. ගස් මත ජීවත් උනා කියලත් ඇතැම් තැන් වල සඳහන් වෙනවා.
    රසවත් දුර්ලභ විස්තරයක්. පුළුවන් නම් මේ ගැන තව ලිපියක් දාන්න.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ ඒ වටිනා තොරතුරට... ඒ ගැන මම විස්තර හොයලා බලලා තොරතුරු ලැබුනොත් ඉදිරි ලිපියක් විදහට අපේ සයිට් එකේ අනිවා දානවා...

      Delete
  4. (Y)
    නියම ලිපියක්.

    ReplyDelete
  5. ඉතාම වැදගත් ලිපියක්. මෙම ලිපිය ප්රසිද්ධ මාධ්යයෙ පලකිරිමමට අයසර අැතිද...

    ReplyDelete
  6. ජීවත් ව සිටි කාලයට පෙර හෝ පසු හෝ කිසිදු සාක්ෂියක් ඉතිරි නොවන්නට විනාශ කර දැම්මා ය කියන කතාව මොන විදිහකින්වත් විස්වාස කරන්න බැහැ නේද..? නීට්ටෑවන් අම්පාර සහ මොණරාගල ආශ්‍රිත ව ජීවත් වුනානම්, අමුවන් සොයා ගන්නට නිට්ටමුව ප්‍රෙද්ශයට ඒමත් ඒ වගේ ම රස කතාවක් නේ..!!
    නිට්ටෑවන් ගැන කතාව අප අම්පාරේ ඉන්න කාලෙ අහපු, ඉඟිණියාගල වැවෙන් මතු ව, අහසෙන් පියාඹා එන (එක මොහොතින් නම අමතකඋනානෙ...) බිහිසුණු සර්පයාගේ කතාව වගේමයි.

    ReplyDelete
  7. https://www.facebook.com/permalink.php?story_fbid=624905498043716&id=100015728146013

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger