IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව

Post by Unknown | at 8:42 AM | 13 Comments | Categories

 හරිත විප්ලවය හා ශ්‍රී ලංකාව 
                                   (Green evolution in Sri lanka)

   හරිත විප්ලවය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවූ ආකාරය හැදෑරීමට මත්තෙන් හරිතවිප්ලවය යනු කුමක්දැයි හැදෑරීමක් ලබාගමු. එය මෙම සයිබර් ලිපිය කියවන සියලු පාඨක ජනයාට පහසුවක්වනු ඇති. 

හරිත විප්ලවය යනු කුමක්ද?

     හරිත විප්ලවය සිදුවූයේ කෘෂිකාර්මික කේෂ්ත්‍රයේය. මෙය ලෝකය තුළ ඇතිවූයේ ජනසංඛ්‍යාව විශාල ලෙස වර්ධනය වීම හා ඒ සමග පැනනගින ආහාර ගැටලුවට පිළියමක් වශයෙනි.
ලෝකයේ මුලු භූමි ප්‍රමාණයෙන් කෘෂිබිම් පවතින්නේ 30%ක් පමණි. එයින්ද වැඩි ප්‍රමාණයක් ධාන්‍ය නිෂ්පාදනයට (තිරිගු, සහල්, බඩ ඉරිගු, බාර්ලි,.....) යොදාගනී. කොතරම් ආහාර නිෂ්පාදනය කළද එයට ඇති ඉල්ලුම දිනෙන් දින වැඩිවෙමින් පවතී. ලෝකයේ සාගින්නෙන් පෙළෙන ජනගහනයද දිනෙන් දින වර්ධනය වූ අතර මෙයට පිළියමක් වශයෙන් ගනු ලැබූ උපක්‍රමශීලී ක්‍රියාමාර්ගයක් ලෙස හරිත විප්ලවය හදුන්වාදීමට පුලුවන.


    ඇන්ඩෘ පියර්ස්(1980) නම් විද්වතා පෙන්වාදෙනු ලබන්නේ හරිත විප්ලවය මූලික සංරචක තුනකින් යුක්තවන බවයි. එනම් තාක්ෂණික විප්ලවය, රසායනික විප්ලවය, ආයතනික හා සේවා විප්ලවය යනුවෙනි. මෙම කොටස් තුන කෙටියෙන් විමසා බැලීම තුළින් හරිත විප්ලවය පිළිබද දළ අවබෝධයක් ලබාගත හැක.

  1. තාක්ෂණික විප්ලවය - විද්‍යාත්මක පර්යේෂණ තුළින් ඉහළ අස්වැන්නක් සහිත බීජ වර්ග සොයාගැනීම සහ ඒවයේ වර්ධනයන් සිදුවීම.
  2. රසායනික විප්ලවය   - පොහොර, කෘමිනාශක, වල්නාශක නිපදවීම හා ඒවා භාවිතය ඉහළයාම.
  3. ආයතනික හා සේවා විප්ලවය- ගොවිජන සේවා මධ්‍යස්ථාන, ගොවි ණය පහසුකම් ලබාදීම, කෘෂි දැනුම   ලබාදීම ආදී පහසුකම් සැලසීම.


      එනම් හරිත විප්ලවය යනු එක් අංශයක් පමණක් නොව ඉහත අංශ තුනේම එකතුවකි. ඒවා හරිආකාරව ක්‍රියාත්මක වන්නේනම්හරිත විප්ලවයේ සාර්ථක ප්‍රථිඵල යම්කිසි රටකට ළගාකරගත හැකිවනු ඇත. 1960 දශකයෙන් පසුව ලෝකයේ ජනප්‍රියවූ හරිත විප්ලවය ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්‍රෙය් විප්ලවයක් කළ ආකාරය විමසා බලමු.

                                                        ශ්‍රී ලංකාවේ හරිත විප්ලවය

    ලෝකයේ අනෙක් රටවල් අතරින් ශ්‍රී ලංකාවද ඉතා ඉක්මනින් හරිත විප්ලවයේ ප්‍රථිඵල නෙලාගත් රටකි. 1975 පමණ වනවිට මුලු වී නිෂ්පාදන භූමි ප්‍රමාණයෙන් 60%ක් නව බීජවර්ගවලින් වගාකරන බිම් විය. වර්තමානයේ මුලු වී නිෂ්පාදන භූමි ප්‍රමාණයෙන්95%ක් පමණ නව බීජ වී මගින් වගාකරනු ලබයි. 1965-1985 අතර කාලයේ ශ්‍රී ලංකාවේ වී නිෂ්පාදනය 3.5 ගුණයකින් ඉහළගියඅතර අස්වැන්න දෙගුණයකින් වැඩිවී තිබුණි. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම භෝගය වී වගාව වනබැවින් හරිත විප්ලවය පිළිබදව විමසා බැලීමේදී ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතුය. වී වගාවට අමතරව හේන් ගොවිතැන, වතුවගාව ආදී කෘෂිකාර්මික ක්‍රම සදහාද හරිත විප්ලවය බලපාන ලදී.

      හරිත විප්ලවය ශ්‍රී ලංකාවට හිතකර මෙන්ම අහිතකර අන්දමින්ද බලපාන ලදී. විශේෂයෙන් හරිත විප්ලවය තුළින් අපේක්ෂිත අරමුණු ඉටුවූයේද යන්න ගැටලුකාරී තත්වයකි. ඒ අනුව හරිත විප්ලවය ශ්‍රී ලංකාව තුළ දැක්වූ අසාර්ථකභාවය විමසා බලමු.

  ශ්‍රී ලංකාවේ මුලු වගාබිම් ප්‍රමාණයෙන් 90%ක පමණ ප්‍රමාණයක් නව තාක්ෂණය යටතේ වගා කරද්දීත් තවමත් සහලින් ස්වයංපෝෂිත වීමට නොහැකිවී තිබෙන අතර හරිත විප්ලවය හදුන්වාදුන් පසුත් කොතරම් වනාන්තර බිම් ප්‍රමාණයක් එළිපෙහෙළි වූයේද යන්න බරපතල ලෙස සැලකියයුතු කරුණකි. එනම් හරිත විප්ලවයේ අරමුණ අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ලබාගැනීම වුවද කෘෂිකර්මයට සිදුවූ වන විනාශය දෙස බැලී‍මෙන් එය ලංකාව තුළ අසාර්ථක වී ඇතිබව පැහැදිළි වේ.

  ශ්‍රී ලංකාව වැනි ජනාධික ශ්‍රමය බහුල රටකට යෝග්‍යවන්නේ ප්‍රාග්ධනය වැඩිවශයෙන් යොදන (ප්‍රාග්ධන සූක්ෂම) තාක්ෂණයක් නොව ශ්‍රම ඉල්ලුම වැඩිකරන, පරිසරයට සමාජයට දුප්පත් ජනතාවට ඔරොත්තු දෙන ඔවුන්ට ආගන්තුක නොවන තාක්ෂණයකි. බහුකාර්ය අත්ට්‍රැක්ටරය එවැනි උචිත තාක්ෂණයකට කදිම නිදසුනකි. එය ග්‍රාමීය සමාජයට, ග්‍රාමීය පරිසරයට ගැළපෙන බහුකාර්ය මෙවලමකි. ලංකාව තුළ මෙවැනි නිෂපාදනවල අවශ්‍යතාවය අනුව ගවේශනයන් සිදුකිරීම හා පර්යේෂණ කිරීම ඉතා වැදගත් වේ.

  සමස්ථයක් ලෙස බලනකල ශ්‍රී ලංකාවේ හරිත විප්ලවය ප්‍රතිශතාත්මක වශයෙන් 50%ක් සාර්ථක වීම් හා 50% ක් අසාර්ථක වීම් දැකගත හැකිය. ඒ අනුව මෙය ලංකාවේ පරිසරය, භූවිෂමතාවය, සමාජ හා සංස්කෘතික රටාවට ගැළපෙන අයුරින් සකස්කර ගැනීම තුළින් සාර්ථක ප්‍රථිපල ළගාකරගත හැකිබව පෙන්වාදිය හැකිය.
                                                                      -දුලාන් තනුශංක සිල්වා-
                                                                       තෙවන වසර
                                                                       පේරාදෙණිය විශ්වවිද්‍යාලය



මෙම සයිබර් ලිපිය සියලු දෙනාගේම දැනුම වැඩිදියුණු කිරීම සදහා සකස්කර තිබේ. කතෘගේ අවසරයක් නොමැතිව වුවද උපුටා ගැනීම් කළ හැකිය. අන්තර්ජාලයේ මේ සම්බන්ධ සිංහල ලිපි එතරම් සුලභ නොවන බැවින් මෙය ඉතා සංක්ෂිප්තව සංස්කරණය කර ඇත. මේ සම්බන්ධ ඕනෑම කරුණක් දැනගැනීමට අවශ්‍යනම් පහත comment භාවිතා කරන්න. ඔබට උදව් කිරීමට අපි නිරතුරුව සූදානමින් සිටින්නෙමු. 



13 comments:

  1. ලංකාවේ මෙතෙක් පැවති රජයන් හරිත විප්ලවය නිසිආකාරයෙන් ක්‍රියාත්මක කරේ නැහැ..
    එය හරියට න්‍රියාත්මක කලා නම් ලංකාව කෘෂිකර්මාන්තයෙන් මීට වඩා දියුණු වෙන්න තිබුණා

    Good work well done :)

    ReplyDelete
  2. Ayye mata thawa details denna puluwanda haritha wiplawa nisa krushi paarisarika paddathi wala jaiwa wiwidathwaya wenas wima gena

    ReplyDelete
  3. නිල් විප්ලවයල කහ විප්ලවය ලෙස හඳුන්වන විප්ලව තිබේද? එසේ නම් ඒවා මොනවාද?

    ReplyDelete
  4. බොහොම ස්තුතියි 🙏

    ReplyDelete
  5. Haritha viplawaua gena toraturu tinawanm awanna.sri lankawe.

    ReplyDelete
  6. ඉතාම වැදගත් ලිපියකි. ඔබට බොහෝමයක් ස්තුතියි !

    ReplyDelete
  7. Very useful. Thank you so much. 👍👍👍

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger