IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

අපේ සංගාට ඉස්සර කියපු කතා...

Post by Unknown | at 8:19 AM | 24 Comments | Categories

                  අපේ සංගාගේ නොදුටු පැත්ත....




මෙවර ICC විස්සයි විස්ස ලෝක කුසලානය සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාවයි.මෙය හතරවන වතාවට පැවැත්වෙන 20-20 ලෝක කුසලානයයි.අද මේ ලිපියෙන් එහි සත්කාරකත්වය පිළිබදවවත්,ශ්‍රී ලංකා කණ්ඩායම ගැන අතිශෝක්ත ගුණ වර්ණනාවක්වත් කරන්නට යන්නේ නැත.අද මා කතා කරන්නේ ලංකාවේ සුපිරි පිතිකරු,මෙතෙක් ලංකාවේ බිහිවුණු විශිෂ්ටතම පිතිකරු කුමාර චෝක්ෂාන්ද සංගක්කාර පිළබදවයි.මෙහිදී මම ඔහුගේ පෞද්ගලික තොරතුරු ඉතා අඩුවෙන් සදහක් කරමි.මන්දයත් ශ්‍රී ලාංකිකයන් වන බොහෝ දෙනෙක් ඒ පළිබදව දන්නා බැවිනි. 

ඇත්තටම කුමාර් සංගක්කාර කියන්නේ 19 පහළ ලෝක කුසලානයවත් ක්‍රීඩා කර නැති පිතිකරුවෙකි.ඒත් ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුව ජාතික කණ්ඩායමට එක් කරගත් අතර 2000 වර්ෂයේදී දකුණු අප්‍රිකාව සමග පැවති තරගයේදී ටෙස්ට් වරම් හිමි කරගත්තේය.ඔහු ජාතික කණ්ඩායමට පැමිණි දිනයේ සිටම ඔහුට කෙණහිලකම්,අප්‍රමාණ වු බැණුම් සමහර මැටිමෝල් ක්‍රීඩා ලෝලීන්ගෙන්ද අසන්නට ලැබුන වාර අනන්තය.

ඔහු කඩුළු රකින්නෙක් ලෙස කටයුතු කල අතර එවකට කඩුළු රකිමින් සිටි කළුවිතාරණ වෙනුවට ඔහු ඒ කාර්ය ඉටු කලේය.නමුත් සමහර ගොන් පොරවල් ඔහුට බැණ වැදුනේය.

" අපෝ කවුද බං අර සංගක්කාර කියන්නේ,මු කළුවගේ ප්ලේස් එක නැති කරානේ සංගක්කාර නෙමෙයි මු 
ග.....සාර   "

   සංගක්කාර ක්‍රිකට් පිටියට ආධුනික අවධියේදි ඔහුට මුරලිගේ දග පන්දු යැවිම ගැන ලොකු වැටහීමක් නැතැයිද,මුරලි පන්දු යැවීමේදී සංගාගේ කඩුළු රැකීම දුර්වල තත්වයක තිබුණු බවද බොහෝ දෙනා පැවසීය.ඇත්තටම ඕනැම පුද්ගලයෙක් ආධුනික අවස්ථාවේදි තරමක් පසුබායි.අනික මුරලි වැනි ශ්‍රේෂ්ඨ දග පනස්දු යවන්නෙකුට කඩුළු රැකීම එක්තරා ART එකකි.අපේ සමහර අයට මේවා තේරුම් ගියේම නැත. මේවා අපිට ඒ දවස්වල අහන්නට ලැබුණු කතාය.


  ඇත්තටම රුමේශ් කළුවිතාරණ යනු දක්ෂ කඩුළු රකින්නෙකි.එහෙත් ඔහු සංගක්කාර තරම් සුපිරිතමයෙකු නොවන බව මගේ වැටහීමයි.ලෝකයේ වේගවත්ම ස්ටම්ප් කරීම සිදුකර ඇත්තේ සංගක්කාර විසිනි.අද සංගක්කාරගේ පෝස්ටර් ගහගෙන කෑගහන සමහර අය ඒ දවස්වල සංගාගේ කෑලි ඉවර කලේය.ඔය කොහොම කොහොම හරි අන්තිමේදී රුමේෂ් කළුවිතාරණ ක්‍රිකට් පිටියෙන් සමු ගත්තේය.ඉන්පසු සංගක්කාරට ආ ප්‍රධාන චෝදනාව වුයේ ශතකයක් වාර්තා නොකිරීම ගැනය.ඔහු ක්‍රිකට් දිවියට පැමිණ වසර කිහිපයක් යනතුරු එක්දින ශතකයක් ලබා ගැනීමට කොහැකි විය.එහෙත් ඔහු විශිෂ්ට ලෙස ලකුණු රැස් කලේය.අවසානයේ පකිස්ථානයට සහ සිම්බාබ්වේට එරෙහිව පිට පිට ශතක 2ක්ම ලබා ගත්තේය.


සංගක්කාරට පැමිණි තවත් චෝදනාවක් ලෙස(මේවා සමහර මෝඩයින් විසින් ක්‍රිකට් මැච් නරඹද්දි කියන ගොන් ආතල් කතාය) එළියට ආවේ ඔහු ලබාගත් මුල්ම ශතක 5 තුළදි එම ශතක ලබාගත් තරග ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීමයි.ඇත්තටම අපි මෙ ගැන පොඩි විමසීමක් කරමු.



2003/04/04 පකිස්තානයට එරෙහිව- 100 නොදැවී (ශ්‍රිලංකාව පරාජය විය)

2003/04/06 කෙන්යාවට එරෙහිව   -103 නොදැවී(ශ්‍රිලංකාවට ජය)
2004/02/27 ඕස්ට්‍රේලියාවට එරෙහිව  -101(ශ්‍රිලංකාව පරාජය විය)
2005/10/31 ඉන්දියාවට එරෙහිව      -138නොදැවී(ශ්‍රිලංකාව පරාජය විය)
2006/02/25බංග්ලාදේශයට එරෙහිව   -109(ශ්‍රිලංකාවට ජය)



මේ විදිහට ප්‍රථම තරගවලදී ලැබු ප්‍රතිඵල වලින් "සංගා 100ක් ගැහුවොත් මැච් එක පරාදයි බං"කයමින් අපේ සමහර හේතුපාල අයියලා දෝස්මුර නගන්නට විය.සංගාට 100ක් ගැහුවත් ඒ දවස්වල අපේ සමහර ගොන් තඩියන්ගෙන් බැණුම් අහන්නට සිදුවිය.ඇත්තටම මැච් එකේ ශතකයක් ලබා ගැනීම වැරදිද?සචින් තෙන්ඩුල්කාර් වැනි තමන්ගේ ලකුනු ගැන පමණක් සිතන පොරවල් නම් 100ක් ගැහුවොත් මැච් එකක් අනිවාර්යයෙන් පරදියි.මක් නිසාද යත් සචින් 100ක් ගහන්නේ බෝල් 150කට විතර නිසාය.ඒත් අපේ සංගා එලෙස නොවන බව බොහෝ දෙනෙක් දන්නා කරුණකි.



සංගක්කාරගේ ටෙස්ට් දිවියේ මට නම් අමතක නොවන කරගය ඔහු ඕස්ට්‍රේලියවට එරෙහිව ලබාගත් ලකුනු 192යි.එහිදී විනිශ්චය කරුවෙක්ව සිටි රුඩී කර්ස්ටන්ගේ දුර්වල විනිශ්චය නිසා ඔහු දැවී ගියේය.එහිදී ඔහු umpire ට එකට එක කියන්න ගියේ නැත.ඒ මහත්මා ගතියයි.


සංගක්කාර ලංකාවේ නායකත්වයට පත්විය.එලෙස පැමිණ ප්‍රථමයෙන් නායකත්වය ලබා දෙන්නට සිදුවුයේ 2009දී එංගලන්තයේ පැවති 20-20 ලෝක කුසලානයේ ඕස්ට්‍රේලියාව සමග තරගයටයි.එහිදී ඔහු ටී.එම්.ඩිල්ෂාන් සමග නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් තරගය ජයග්‍රහණය කළේය.එම තරගාවලියේ අවසාන මහා තරගය දක්වාම ලංකාවට ගමන් කිරීමට හැකි වුයේ සංගාගේ Brilliant Captiancy එක නිසාය.


පන්දුවාර 50 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය දක්වා ලංකාව පැමිණිමට හේතු වුයේද සුපිරි සංගාගේ නායකත්වය නිසාය.ලංකාවේ සමහර අය කියන්නේ M.S.දෝනි ඉතා දක්ෂ කඩුළු රකින්නෙක් බවත් ඔහු සංගාට වඩා හොද නායකයෙක් බවත්ය.කතාව තරමක් දුරට ඇත්තය.ඒත් මගේ මතය නම්  M.S.දෝනි යනු ආත්මාර්ථකාමී ඩයල් එකකි.මක්නිසාද යත් ඔහු පිතිකරණයට පැමිණෙන්නේ පිතිකරු ලැයිස්තුවේ හිතු හිතු තැනවලින්ය,හොද partnership එකක් break වුන ගමන් ඔහු පන්දුවට පහර දීමට පැමිණෙයි.අනික ඔහුගේ ඔය කියන Helicopter ෂොට් එක ගොඩක් කට්ටිය ලොකු කරගෙන සිටියද,එම පහරවල්වල කිසිම තාක්ෂණයක් නැත.ඇත්තටම දෝනිට කිසි ටෙක්නික් ෂොට් එකක් නැත.ඇන ඇන සිංගල් එක දාන අතරේ ඇගේ හයියෙන් 4ක් 6ක් ගසයි.ඇගේ ෆිට්නස් නැතිවෙලාවට අමාරුවේ වැටෙයි.M.S.දෝනි මැච් දිනන්නේ ලක් (luck)එකටය.අපේ සංගලා මැච් දිනන්නේ දක්ෂතාවය සහ ලක්  (luck)එක යන මේ දෙකෙන්මය.




මෙවර පැවති අයි.සී.සී. සම්මාන ප්‍රදානයේදී වසරේ හොදම ටෙස්ට් පිතිකරුවා,ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩකයා සහ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා යන සම්මාන ත්‍රිත්වයෙන්ම පිදුම් ලැබීය.දැන් නම් ඔහුට බැණ වැදුන පුද්ගලයන් පවා ඔහුගේ ගුණ ගායනා කරති.ඒ ලෝකේ හැටිය.කෙසේ වෙතත් ලංකාවේ මෙතෙක් බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයාට අපි ගරු කළ යුතුය.ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම නීතිවේදය තුළින්ද හසළ දැනුමක් ඇති මොහු රටේ සම්පතකි.ඔහුට මෙවර 20-20 ලෝක කුසලානයේ සාර්ථකම පිතිකරුවා වීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමු!

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය


24 comments:

  1. ane buruwo dhoni athmarthakami unath kohoma unath u apita gahala match dinanawane. sachin kawadda bola 150ta 100k gahuwe? sanga superb batsman , eke aye argue karanna ona na, eth buru katha kiyannepa.. kaluge wicket keeping uba dakala naha..

    ReplyDelete
    Replies
    1. okotma kalin wdagth widyta katha krnna igen ganna..sachin ball 150ta 100k gahuwe na..anika sachin ball 150ta 100k gahuwa kiynne upmawak withrai..khmat oya dannwane sangage strike rate ekai sachinge rate ekai athra wenasa..habai poddak indiyawat dena eka poddak nawathpan.ape ewunta keal une indiyawta denna giya nisa..

      Delete
  2. uba sanga apu kale sangata asa kalanam uba cricket gana melo watahimak nati ekek,sachin kawadda ban bola 150ta 100 ewa gahuwe,sanga best of best thamai,et machan katha karana kota anith minisunge talant ballata dala katha karanna epa

    ReplyDelete
    Replies
    1. sachin 100k gahnne ball 120wage kiyla oya dannwane..ithin man ehma qwe upmawkta withrai..indiyawata kalin thmange rate kollonge talent agaya krpan.sanga apu kale idlama hndta bat kara 2000 yr eke sanga singer triangular series eke 199k total score krla 2nd match eke man of the match award 1 gaththa..me wage cment danne kalin sangata banna kattiya wenna athi.Dhoni kiyna dial eke talent api ballata damme nah.eth dhoni adahna apema lankawe kattiyak innwane.a kattiyage as arenna thmai me letter 1 damme...dhonita denna kalin lankawe sangata sup 1 dena 1 neda honda?
      natham india wala geyak aran ehe gihin dhonita sup 1demu...
      :D :D

      Delete
  3. ube blog eka karagena yanna thiyana uwamanawata sanga wa wikunagena kannepa yako.

    ReplyDelete
    Replies
    1. රට ගැන ආදරයක් නැත්තම් ඉතිං කරන්න දෙයක් නැහැ.ලංකාවේ අපි සංගලාව අපි විකුණගෙන කන්නේ නැහැ.අපි ඉන්දියන් කට්ටියට කඩේ යන්නෙත් නැහැ.මේවා බලන්න කැමති නැති කට්ටියට අපි බල කරන්නේ නැහැ.තමුන් දන්නවද මේ ලිපියට FB එකේ වැඩි දෙනෙක් ලයික් කරලා තිබුණා.වෙනසකට වගේ තමුන්ගේ කමෙන්ට් එක ආපු එකත් හොදයි..

      Delete
  4. sanga kiyanne bradman lara ta passe bihiwechcha hodama test batsman, eke aye 2k na, sanga nisa ape cricket walata loku piliganeemak awa lokenma, indiawata denna uwamanawak na, uba deyak liyanawanam madyasthawa hithala liyapan, sanga ge ODI average eka 35+ thibunata sanga hoda ODI batsman kenek nemei, Dhoni match winner kenek ODI wala., ekai man kiuwe, eka therum ganin kiyapude. ubata blog eka karagena yanna sanga wa wikunana ekata dukai machan..

    ReplyDelete
    Replies
    1. thank u very much for ur comment indian man..මම බ්ලොග් එක ප්‍රසිද්ධ කරන්න සංගාව විකුණගෙන් කෑවේ නැහැ.හැංගි හොරා කතා කරන තමුන් තමයි ඉන්දියාවට දැන විකිණිලා තියෙන්නේ රෙදි නැතුව.මේ කමෙන්ට් එක බලන ඕන කෙකෙන්ට තේරෙනවා තමුන් නම් ලංකාවේ ජීවත් වෙන්නේ ඉන්දියානු මානසිකත්වයෙන් කියලා.ඉන්දියාවට සප් එක දෙන්න ආස නම් මම කලින් කිව්වා වගේ එහේ ඉඩමක් අරන් පදිංචි වෙන්න යාළුවා.

      අද ඉන්දියාවේ අය අපේ ලංකාවට බණින හැටි තමුන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නැහැනේ,ඉන්දියාවේ දෝනිගේ ඇවරේච් නැගලා තියෙන්නෙ ලකුණු ගහලා නෙමෙයි මිනිහෝ.හොද පාට්නෂීප් එකක් ඉවරවෙලා ඇවිත් නොට්අවුට් හිටියම ඕන පුස් බල්ලෙක්ගේ ඇවරේජ් නගිනවා.අපේ සංගා 1 ඩවුන හැමදාම ඇවිල්ලා ඇවරේච් ගැන හිතන්නේ නැතුව ප්ලේ කරලා අවුට් වුනාම 35+ තමයි.අනික තමුන්ගේ දෙයියන් වහන්සේ වගේ ඉන්න දෝනිට කෝ මේ පාර අයි.සී.සී. සම්මාන? එයා වැඩර් නම් එකක් දෙන්න තිබුණනේ...

      Delete
  5. samhara kattiya innwa ban kochra therum krath therenne nathi aya..a kattiyath 1k wada krnna yanepa bro...ur letter is vry gud one...dont worry weldone amila bro..

    ReplyDelete
  6. oya coment karpu kenta me kiyanne..MS ayiawa hambenna asa nam dan cinamon grand eke inne...adama yanne..ehmama india yanne..

    me letter eke kisi awlak na..ape sanga apita watinwa..mona unath api lankawe inne ..not in India..elakiri letter 1k

    ReplyDelete
  7. අපි මොකවුණත් මුලින්ම අපේ දේ අගේ කරන්න ඕනා. ඉන්දියාව කියන්නෙ හරිම මෝඩ ක්‍රිකට් ලෝලීන් පිරිසක් ඉන්න රටක්. ඉතිං අපිත් ඒ රටේ ඉන්න ක්‍රීඩකයන්ගේ පැත්තට කතා කරලා ඒ තත්වෙට වැටෙන්න ඕන නෑ නේද?

    ඒවගේම කියන්න ඕන අමිල සංගා ගැන පක්ෂපාතීත්වයෙන් කතා කරපු එකේ කිසි වැරැද්දක් නෑ. එයාට අයිතිය තියෙනවා එයාගෙ අදහස නිදසේ පාවිච්චි කරන්න. ඒ වගේම අමිලගෙ ලිපියට විපක්ෂව අදහස් පල කළ කෙනාටත් එහෙම කරන්න අයිතිය තියෙනවා. ඒත් පොඩ්ඩක් හිතලා බලන්න. මේ විස්සයි විස්ස ලෝක කුසලාන කාලෙ අපි අපේ ක්‍රීඩකයන්ට පක්ෂව කතා කරන්න ඕනා. ලංකාවෙ ක්‍රීඩකයන් වෙනුවෙන් කතා කරන්නෙ ලංකාවෙ මිනිසුන්ගෙන් වුණත් එක් කොට්ඨාශයක් විතරයි කියලත් කව්රුත් දන්නවා ඇතිනෙ. ඒක මම අමුතුවෙන් පැහැදිළි කරන්න ඕනෙත් නැහැනෙ. අපි අපේ කට්ටියව අගය කරමු!!!

    ReplyDelete
  8. උඹ කියන දේවල්ම තමයි බං මාත් මේ ලිපියෙන් පැහැදිලි කරන්න හැදුවේ.ඉන්දියාවේ ඉන්න මෝඩ මිනිස්සු මැච් දින්නම දෝනි,තෙන්ඩුල්කාර් වැනි ක්‍රීඩකයන්ගේ දේවාල හදනවා.ඒත් වැරදිලා හරි මැච් එකක් පරදින්න ඕනේ බලන්න..දෝනිලගේ පඹයෝ හදලා ගිනි තියන්නේ..අපි ඒ මෝඩයින්ගේ තත්වෙට වැටෙන්න ඕනේ නැහැ..

    අපිට අපේ කොල්ලෝ ටික වටිනවා.අපිට ගෙල කරන්න එන ඉන්දියන් පරදේසක්කාරයන්ට වඩා..

    ReplyDelete
  9. lol, cricket gana dannathi deshapremayen andha wechcha ekek liyapu liyumak meka. :p :p :p :p awulak na thawa tikak try karanam hodata liyaganna thibuna, good luck bro :)

    ReplyDelete
  10. mahindata neda chande dunne? :p :p

    ReplyDelete
  11. මෙතන අපිට දේශපාලනේ වැඩක නැහැ,මට දුක ලංකාවේ සමහර පුත්තලම් බූරුවෝ ඇයි මෙච්චර ඉනදියාවට ..... දෙන්නේ කියලා.පොඩ්ඩක් 96 ලෝක කුසලානේ semi final match එකේ අන්තිම ටික you tube එකේන බලන්න සහෝදරයා...අපේ එවුන්ට බෝතල් පාරවල් වලින් ගහන හැටි දැක්කමවත් තමුන්ට ඉන්දියාවට ඔය තියෙන ..... ගතිය නැති වෙයි.එක්කෙනෙක්ම කමෙන්ට් දෙකම දාපු නිසා මම මේකෙන් එයාගේ කමේන්ට් දෙකටම පොදු උත්තරයක් දුන්නා.කොහොම වුනත් කමෙන්ට් වලට ස්තූතියි

    ReplyDelete
  12. samahara pisso innwa amilaya indian ushne wadila mulu anga purama..unge mole wada krnne indian widiyta:uba oya mati harak ekka kiywanna yanepa ban,uba letter 1 man kiyewwa eke mta nam kisima wardak penne naha

    Habai indian modayek hari,india ushne wadunu buruwek hari meka kiyawankota mala panina 1 pudumyak nemei

    apita ape sanga watinawa.indian ballonta wada.keep it up bro.i want another cricket letter like this.

    ReplyDelete
  13. Maxxaa letter eka machoo.... keep it up. Lankawe podi ekekta hari dakala adarshayak ganna puluwan meken, kawda ban india wata kath adina buuruwa, uge mole gomada? mun Lankawen kana bath pathatath nindawak. ochchara one nam palayawko india wata.

    ReplyDelete
  14. එල එල අමිල නියම ලිපිය.ඉන්දියාවෙ උන් මෙලෝ රහක් නැ බං.උන් සෙල්ලම් කරන්නෙ මර බියෙන් මොකෝ පැරදුනොත් උන්ගෙ ගෙවල් ගිනි තියනවනෙ.ඉන්දියාවෙ හොඳ ක්‍රීඩකයො ඉන්නව තමයි.එහෙම නෑ කියලා නැනෙ.එයලා ලකුනු ගැන විතරක් හිතන අය කියලයි කියල තියෙන්නෙ.අනේ මංද බං අපේ දේ අගය කරන්නැති උන්නේ ඉන්නෙ.ඉන්දියාව ගැන හරයට දන්නවනම් ඔහොම කතා කරන්නැ.ඉන්දියා උන් icc එකට රින්ගල අපිට කරන කෙනිහිලිකම් ගැන මෙයා දන්නැතුව ඇති.20-20 දෝනි සෙල්ලම් කරන්නෙ R ප්‍රේමදාස විතරයි.ඒත් අපි හැම එකකම,ඒ මදිවට පල්ලෙකැලේ පුහුණු වීම් කරන්නත් අපිට බෑ.උන් එහෙමයි.තමත් ඉන්දියාවට **දෙනවනම් අපිට කමක් නෑ.අපි හදවතින්ම ශ්‍රී ලාංකිකයි.අපේ කොල්ලො ගැන තවත් ලියන්න අමිල අයියා.

    ReplyDelete
  15. great post... aththa kathawa... niyami frnd

    ReplyDelete
  16. niyama post eka machan.. match dinaddi ape unge paththata ka gahala, 1k parada unahama unta palu yanna banina un inna kaleka ube post 1 godak watinawa machan.. eth mama me post 1e podi waraddak witharak niwaradi karannam.. "කෙසේ වෙතත් ලංකාවේ මෙතෙක් බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයාට අපි ගරු කළ යුතුය" ---> "අරවින්ද ද සිල්වාෙගන් පසුව ලංකාවේ බිහි වු විශිෂ්ටතම ක්‍රීඩකයාට අපි ගරු කළ යුතුය" . elakiri machan. (Y) :)

    ReplyDelete
  17. aravinda gahuwe match dinanna ban, thamanta nemei

    ReplyDelete
  18. අරවින්ද මැච් එකක් ගැහුවොත් අනිවා මැච් එක ඉවර වෙනකන් සෙල්ලම් කරලා මැච් එක දිනවන්න බලන්නේ..එතනදි නම් අරවින්ද සංගට වඩා ඉදිරියෙන් ඉන්නවා කියන එක මමත් පිලිගන්නවා.ස්තූතියි ඔයාලගේ කමෙන්ට් වලට...

    ReplyDelete
  19. Aniwaryenma.. Sammana nolabunata Aravinda thamange sewaya onama welawaladi team 1ta dunna. kochchara presure situation 1kadi unath hodata sellam kala.. 1996 semi final 1yi final 1yi ewata udaharana.. ape awasanawata 2003 World cup semi final 1e aravinda niraparade runout una.. a wage player kenek kawadawath bihi weyi kiyala mama hithanne na.

    ReplyDelete
  20. technique eka gana dannathi ekek liyala thiyanne, danna deyak gana liuwanam mita wadiya hdoai..

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger