IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ෆොටෝෂොප් eeesy... පාඩම් අංක 01

Post by Unknown | at 9:02 AM | 0 Comments | Categories

                             ෆොටෝෂොප් eeesy... 


මම දැන් කියල දෙන්න යන්නේ ෆොටෝෂොප් වලින් පොඩිම පොඩි වැඩ කෑල්ලක්. මේක එක පාරක්, දෙපාරක් කරනකොට ඔයාලටම තේරේවි කොහොමද කරන්නෙ කියල. ෆොටෝෂොප් ගැන පුංචි අවබෝධයක් ඔයගොල්ලොන්ට තියෙනවනවා නම් මේ දේ පහසුවෙන්  කරන්න පුළුවන්. 

අපේ සමහර කට්ටිය කැමතිනේ ෆේස්බූක් එකට ලස්සන ෆොටෝස් දාන්න. ෆොටෝ එක නිකන්ම upload නොකර, නිකමට වගේ මේක පොඩ්ඩක් උත්සහ කරලා බලන්නකෝ.
 
අද කාලෙ හැටියට ෆොටෝ එකට අමුකු ගතියක් එකතු කරලා fb එකට දැම්මාම වැඩිපුර කමෙන්ට් එහෙමත් ගන්න පුළුවන්නෙ. මම පුළුවන් තරම් සරලව කියල දෙන්නම්. නොදන්නා කෙනෙක්ට උනත් හරිම ලේසි වෙන විදියට.

මේ පිළිවෙලට ෆොටෝ එක edit කළාම අමුතු දීප්තියක් ඔයගොල්ලන්ට ලබාගන්න පුළුවන්. ඒක බලන්නකො පහළ තියෙන ෆොටෝ දෙකේ වෙනසෙන්. එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමුකෝ.

මේ මම edit කරන්න යන ෆොටෝ එක.


කොහොමද හදල ඉවර උනාට පස්සේ.




මුලින්ම අපි කරන්නේ ෆොටෝ එකේ duplicate layer එකක් ගන්න.  කරන්නේ ෆොටෝ layers box එක උඩ right click කරලා duplicate layer කියන එක ‍දෙන්න. ඒක පහත රූපසටහනෙන් පැහැදිළි කරගන්න පුළුවන්.



ඊට පස්සේ duplicate layer එක select කරලා filter – blur – Gaussian blur තෝරලා,  අගය 6.6 දීල ok කරන්න. පහත පියවර බලන්න.


ඊට පස්සේ කරන්න තියෙන්නෙ layers box එකේ normal කියන එක overlay තෝරලා දෙන්න විතරමයි.


මේ පියවරයන් ටික කළාට පස්සෙ ඔයගොල්ලන්ගෙ ෆොටෝ එකේ පැහැදිළි වෙනසක් බලාගන්න පුළුවන් වෙයි. තවත් පොඩි වැඩ කෑල්ලක් එක්ක පස්සේ දවසක සෙට් වෙමු. 
                                                                   - ෂමිල් හසන්

No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger