IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

කාලය හරහා ගමන් කර අනාගතය දකිමු

Post by Unknown | at 6:56 AM | 20 Comments | Categories
            ඇත්තටම අපිට කාලය හරහා යා හැකිද?





අප විසින් අද බොහෝවිට පිළිගැනීමට උත්සහ කරන්නේ අපට පෙනෙන දෙය සහ ඇසෙන දෙයයි.මීට අමතරව මිථ්‍යා මත වලට අපේ සිත ඇතුළේ ඉඩක් වෙන් කරනවාද යන්න අපිටත් රහසකි.මා ඔබට දැන් උත්සහ කරන්නේ යම්කිසි වැදගත් කරුණක් පැහැදිලි කරීමටය.මේක ගොඩක් සංයමයකින් කියවා තේරුම් ගන්න උත්සහ කරන්න කියලා ඔබෙන් ඉල්ලා සිටිනවා.මිනිසෙකුට කාලය අභිබවා අනාගතය කරා යාමට හැකිය යන්න මගේ අදහසයි.සමහර අයෙක් මා මානසික රෝගියෙකු ලෙස හදුන්වනු නොඅනුමානය.එහෙත් එය කල හැකි දෙයකි.එය අප නොකළත් එක් එක් පුද්ගලයා තුළ සිදුවන ක්‍රියාවලියකි.එය අපට නොදැනෙන්නේ අප තුළ ඇති යම් අඩුවක් නිසාය.එය මම මේ ලිපියේ පසුවට විස්තර කරමි.දැන් අපි මේ කාලය හරහා යන්නේ කෙසේදැයි බලමු.


ඉලෙක්ට්‍රෝනයටම සර්වසම වන එහෙත් ප්‍රතිවිරුද්ධ ආරෝපණයක් සහිත ප්‍රතිවිරුද්ධ ලෙස හැසිරෙන පොසිට්‍රෝනය නම් අංශු වර්ගයක්ඇති බව ඔබ දන්නවා ඇති.මෙම ප්‍රෙසිට්‍රෝන අංශු දෙකක් එකතු කළ විට ෆෝටෝනය නම් අංශුව සෑදෙයි.ෆෝටෝනය යනු ශක්තියේ මූලික ඒකකය එනම් ශක්ති පැකට්ටුවක් ලෙස ක්වොන්ටම් යාන්ත්‍රවිද්‍යාවේ හදුන්වා දී ඇත.

මේ ෆෝටෝන අංශු දෙකක් ගෙන A හා B ලෙස නම් කරමු.දැන් A අංශුව අප අසල තබාගෙන  B අංශුව ලෝකයේ එහා කෙළවරේ තබමු.දැන්  අංශුවට යම් වෙනසක් කරමු.උදාහරණයක් ලෙස  A අංශුව දකුණට හරවමු.එවිට B අංශුව ඒ මොහොතේම ඉබේම වමට හැරෙයි.මෙම ෆෝටෝන අංශුවලට කාලය අවලංගු වෙයි.මේ සියල්ල උප පරමානුක අංශු වර්ගතවද මෙම පරීක්ෂණය සැබැවින්ම සිදුකර ඇත.




ඇන් අපි මිනිසා දෙසට හැරෙමු.මිනිසා සෑදී ඇත්තේ භෞතික ශරීරයකින් හා උපාධානස්කන්ධ සංයුතිය කොටස් දෙකකිනි.උපාධානස්කන්ධ සංයුතිය යනු ඔබට තේරෙන විදිහට  ආත්මයකි.මේ ආත්මය නිර්මාණය වී ඇත්තේ ෆෝටෝන අංශු වලිනි.එම නිසා ආත්මයටද කාලය වලංගු නොවනු ඇත.මා මීට කලින් විස්තර කළ කරුණු ගැන නැවත සිතන්න.

 මේ සියල්ලෙන් මා විස්තර කිරීමට උත්සහ කරන්නේ ආත්මයට, කාලයට වඩා වැඩි වේගයකින් ගමන් කළ හැකි බවයි.ඔබට මෙය ඔබේ ජීවිතයේ අත්විදීමට සිදු වූ උදාහරණයකින්ම මා පහදා දෙන්නම්.ඔබේ පියවි ලෝකයේදී ඔබට ජීවිතයේ කිසියම් සිදුවීමක් ආරම්භයේදී හෝ අවසානයේදී මට මේ දේ මීට කලින් සිදු වෙලා තියෙනවා,මේ සිද්ධියම මම මීට කලින් සිහිනෙන් හරි දැකලා තියෙනවා කියලා දැනිලා තියෙනවා නේද?මට නම් මේක හොදට දැනිලා  තියෙන දෙයක්.




 අපි යාළුවෙක් එක්ක කතා තරමින් ඉන්නවා කියලා හිතන්න සමහර වෙලාවට අපිට දැනෙනවා මේ වචන ටික මේ විදිහටම මම කලින් කතා කරලා තියෙනවා කියන හැගීම....එම අවස්ථාවට අදාළ සියළු දේ ඒ විදිහට කලින් සිදුවෙලා තියෙනවා කියලා දැනෙන හැගීම.ඒත ඔබට ඉන් එහාට වෙන්නෙ මොකද්ද කියලා මතක් කරන්නත් බැහැ.මෙය සිදු වන්නේ කෙසේද?ඇත්තටම මේක ඔබට ප්‍රශ්ණයකි.

ඔබට ඒ සම්බන්ධව ඇත්තේ අපැහැදිලි මනසකි.මෙය අපැහැදිලි වීමට ප්‍රධාන හේතුව ඉහත මා සදහන් කළ අප තුළ ඇති අඩුව නිසාය.එනම් අප ආත්මය සහ භෞතික මනස අතර ඇතිඅන්තර් සම්බන්ධය දුර්වල වීමයි.මෙය මගහරවා අනාගතය දැකීමට නම් සිත දියුනු කර එම සම්බන්ධය දැඩි කරගත යුතුය. එසේ වුවහොත් ඔබට අනාගතයට යා හැකිය.අනාගතය වෙනස් කළ හැකිය.




මා පවසන පරිදි අනාගතය ඔබ දකින්නේ කොහොමද? කියලා ඔබට ගැටළුවක් එනවා ඇති.අපි ඒක ගැනත් හොයලා බලමු.ඇත්තටම ශක්ති සංස්ථිති නියමය කියන්නේ පිළිගත් භෞතික විද්‍යා නියමයක්.ඒකෙන් කියවෙන්න ශක්තිය මැවීමට හෝ විනාශ කිරීම කළ නොහැකි බවයි.එය තවත් ශක්ති වර්ගයක් බවට පරිවර්තනය කළ හැකි බව එම නියමයේ හරය වේ.එනම් අප කතා කරන,කරන කියන සියල්ලටම ශක්තිය වැය වේ.මේ සියල්ල එක් එක් මට්ටම් වලට බෙදී ගොස් දත්ත ලෙස එක් තැනක ගබඩා වෙයි.මේ දත්ත ගබඩා වන ස්ථානය විශ්ව ශක්ති ගබඩාව ලෙස හදුන්වයි.එක් එක් පුද්ගලයාට අදාළව,ඔහුගේ පරිසර මට්ටම මිතුරන් ගේ ස්වාභාවය හා ඔහුගේ ස්වභාවය අනුව මෙම දත්ත ගබඩාව සැකසී ඇත.සෑම පුද්ගලයෙකුගේම අතීත අනාගත දත්ත සියල්ල විශ්ව ශක්ති ගබඩාවේ තැන්පත් වී ඇත.



රාත්‍රියේ නින්දට යන අපගේ ශරීරය තුළ තිබෙන ආත්මය(මනෝකාය) අපේ භෞතික ශරීරයෙන් නිදහස් වී,විශ්ව ශක්ති ගබඩාව වෙත ගමන් කරයි.විහ්ව ශක්ති ගබඩාවේ අතීතයට අනුරූපව අනාගතයේ වෙන්න තියෙන සිදුවීම් සකස් වෙමින් පවතී.මේ සියල්ල විශ්ව ශක්ති ගබඩාව වෙත යන අපේ මනෝකාය විසින් දකිනවා.මේ සියල්ල අපේ යටි හිතේ තැන්පත් වෙනවා.

නමුත් ඒ සිද්ධිය සිදුවනතුරු එය අපේ මතකයට නැගෙන්නේ නැත.එයට හේතුව අපේ ආත්මය සහ භෞතික ශරීරය අතර සම්බන්ධය දුර්වල බැවිනි.මේ නිසා තමයි යම්කිසි සිදුවීමක් ආරම්භයේදී හරි ඒක අවසානයේදී හරි,මීට කලින් මේ සිද්ධිය හීනෙන් හරි දැකලා තියෙනවා කියලා අපැහැදිලි මතකයක් එන්නේ.ඉතිං මින් ඉදිරියට ඒක ගැන මීට වඩා ගැඹුරින් හිතන්න.මොකද ඔබට ඔබේ අනාගතය දකින්න පුළුවන් වුනොත්.....?

ඉසුරු ත්‍රීමාල් සුරවීර

20 comments:

  1. niyama letter ekak. aththtama matath denila tiyenawa mama mokak hari karaddi eka meeta kalin ewidihatama karala tiyenawa kiyala.letter 1ta thanks.

    ReplyDelete
  2. sira letter 1,me wage latters thwa danna issarhta

    ReplyDelete
  3. great article same experience here... :)

    ReplyDelete
  4. isuru thrimal meka oya swaadinawa goda nagana sankalpayakda? ehema neththan me akaraye deyak gena kiyana thawath minisun kotasak innawada? guru kulayak wage deyak?

    ReplyDelete
  5. ඇත්තටම මේක ගුරුකුලයක් වගේ දෙයක් නෙමෙයි.මේක මගේ ජීවිතයයේ අත්දැකපු දෙයක්,අනික මගේ යාළුවන්ටත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ දීලා තියෙනවා.ඒක ගැන මම පොත්පත්,පුවත්පත්වලින් කරුණු හොයලා බලලා ලබාගත් දැනුමෙන් මේ විදිහට ලිපියක් ලියලා දෙන්න හිතුණා.ස්තූතියි!

    ඉසුරු ත්‍රීමාල්

    ReplyDelete
  6. budhu hamuruwoth hitha diyunu kragena kale me de thamai

    ReplyDelete
  7. ආත්මය හැදිල තියෙන්නේ ෆෝටෝන අංශු වලින්ද ??????
    බටහිර විද්‍යාවෙන් ආත්ම සංකල්පය විස්තර කිරීම උගහට බව සලකන්න .....
    අන්තිම Anonymous බුද්ධ කාලීන භාරතයේ ඉඳලා වගේ ... lol

    මේ article එක මහාචාර්‍ය නලින්ද සිල්වා මහත්මයාට පෙන්නන ලෙස ඉල්ලා සිටිමි ...
    එතුමන් කියවීමට පෙර එතනින් පිටවෙන එක නම් ඇඟට ගුණ වේවි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මට මේ වගේ අත්දැකීම්වලට මුහුණ දීලා තියෙනවා..මගේ යාළුවෝ ගොඩක් දෙනෙක්ටත් එහෙම වෙලා තියෙනවා.ඉතිං ඒක නිසා තමයි මේ ගැන විස්තරයක් හොයලා ලිපියක් ලියන්න හිතුණේ.බටහිර විද්‍යාත්මකව මම මේක පැහැදිලි කරන්න උත්සහ කළේ නැහැ.මට ගොඩක් තොරතුරු ලැබුණේ බටහරි විද්‍යෘ තොරතුරු.හොදයි...මම ඔබ කිව්ව දේ ගැන හිතලා මේක පෙරදිග විදිහට මීට වඩා හොදින් තවත් ලිපියකින් ගේන්න උත්සහ කරන්නම්.ඒ යෝජනාවට ස්තූතියි!

      Delete
    2. ආත්මය හැදිල තියෙන්නෙ ෆෝටෝන වලින් වීම පිලිගතහැකි කාරණයක්.මොකද ෆෝටෝන කියන්නෙ ශක්තිය.බටහිර විද්‍යාව දැන් ඒ සම්බන්ධව පරීක්ෂණ කරනවා.මොලෙන් නිකුත් වන කිරණ වල සංඛ්‍යාතය 7.2Thz ලෙසයි සැලකෙන්නේ.මොලයේ මතකය ගනන් බලා තිබෙනවා එය ඉතා විශාල අගයක් නිසා අසීමිත යැයි සැලකෙනවා.මේ සියල්ල බටහිර පරීක්ෂණ ප්‍රතිඵල.එයාලා සෑහෙන්න මොලය ආශ්‍රිතව පරීක්ෂණ කරනවා.ඒවාට ආත්ම සංකල්ප මෙන්ම හීනද ඇතුලත් බව සලකන්න.ලංකාවෙ කිසිම මහාචාර්ය වරයෙක් මෙහෙම මොලය ගැන පරීක්ශණ කරලා කිසිවක් සොයාගෙන නෑ.එසේ නම් අපි එයාලගේ මත ඇලී ගැලී ඉඳීම අවශ්‍ය නොවේ.

      Delete
    3. ඇත්ත ලංකාවේ මහාචාර්යවරු කරන පර්යේශනයක් නෑ.ඔවුන් තර්ක කිරීමට දක්ෂයි.බොරු උපමා ගෙන එමින් නිකම් කටින් ගහල ජය ගන්න එක වැඩක් නෑ.අනික ඔය මහාචාර්යවරුන්ට කිසිම ඉවසීමක් නෑ.දත්මිටි කනවා.මේ ක්ශේත්‍රය ගැන පර්යේශන කළ යුතුයි.

      Delete
  8. Me sa hanamiti hisathaba gath puththalam buruwo inna nisa thamai ape rata thama 1 thena tiyenne

    ReplyDelete
    Replies
    1. මට තේරෙන්නේ නැහැ හණ මිටි අදහස් මගේ ලිපියේ කොතනද තියෙන්නේ කියලා.ඔබතුමා ලිපියේ ඒක තියෙන තැන පැහැදිලිව උපුටා දැක්වුවොත් මම වැඩිදුරටත් ඒක පැහැදිලි කරන්නම්.ස්තූතියි!

      Delete
  9. ඒව දැනෙන්නෙ මිනිසුන්ට විතරයි.100%ක් මොලය දියුනු කරල තියෙන්නෙ බුදු හාමුදුරුවො විතරයි.තාමත් මොලය කියන අවයවය පරීක්ෂණ මට්ටමේ තියෙන්නෙ.කාටවත් එකෙන් කරන්න පුලුවන් වැඩ සියල්ලම විද්‍යාත්මකව ඔප්පු කරන්න බෑ.ඒකට සිත දියුණු කරන්න ඔනා.ලෝකයත් එක්ක ඉදිරියට යන්න නම් නවීනතම සොයාගැනීම් එක්ක ජීවත් වෙන්න ඕනා.නැතුව ලිං මැඩියො වගේ ලිඳට වෙලා ඉඳල වැඩක් නැ.මේ වගේ විද්‍යාත්මක ලිපි ලියන එක අපි අගය කරන්න ඕනා.අපතයෝ ඕන දෙයක් කියපු දෙන් මල්ලී ඔයා දිගටම ලියන්න.නියම ලිපිය.

    ReplyDelete
  10. Meka True..ewagema Black hall thulath Kalaya Gaman Karanne naha..eharahada Apita Kalaya Samaga Yanda Puluwan...Kundalani Kiyana shakthiya Matada Yanda puluwa....Meka Tawa kenekta Pissu matayak unata Karanda deyak naha...Meka ture..

    ReplyDelete
  11. වැදගත් ලිපියක්.මිනිසාට කාලය හරහා යන්න පුළුවන්.ඒ සදහා යන්තර නිපදවීමට මිනිසාට හැකියාවක් තිබේ.නමුත් එම හැකියාව 100% සාර්ථකව නොමැත.එය 100% සාර්ථක කරගැනීමටද හැකියාවක් නොමැති වේ.හේතුව මේකයි.මෙහෙම හිතමු යම් කිසි පුද්ගලයෙක් කාලය හරහා අතීතයට ගියා කියමු.එත කොට එම පුද්ගලයාගේ අතින් කසාද බැදීමට පෙර ඔබගේ මව හෝ පියාගෙන් කෙනෙකු ඔහු අතින් මිය ගියහොත් [උදාහරණයක් සදහා පමණයි, වැරදි නම් සමාව ඉල්ලනවා.] ඔබට ඉපදීමට නොහැකිය.නමුත් එම පුද්ගලයා අනාගතයට පැමිණෙන්නේ ඔබ ඉපදී සිටින විටය.එත කොට එය ඉතාමත් බැරෑරුම් ප්‍රෂණයකි.මොකද දෙමාපියන් කසාද බැද නොමැති අතර ඔවුන්ගෙන් එක්කෙනක් හෝ මියගොස් නමුත් ඔබ අනාගතයේ ලෝකයේ ජිවත් වෙනවා.එවැනි කරුණු කාරනා නිසා තමයි මිනිසුන්නට කාලය තරණය කරන්න අවශ්‍ය සම්පුර්ණ දැනුම ලැබෙන්නේ නැත්තේ.ඉතිං මිනිස්සු යහපත් උනොත් කාල තරණය කිරීමට මිනිසුන්නට යහපත් අරමුණක් සදහා හැකියාවක් ලැබේවා කියලා පාර්ථනා කරනවා!

    ස්තුතියි!

    ReplyDelete
  12. I don't know whether this is true or not. But yes, there is a possibility. Coz this universe is full of possibilities. I think anything is possible.

    ReplyDelete
  13. katteyada mathakada,Akala sandya kathawa,Aketh kaalaya haraha gaman karanawa

    ReplyDelete
  14. http://artinhart.blogspot.com/2013/03/blog-post_28.html

    ReplyDelete
  15. Meka liwwe kuda mata mg reply ekak ewanna puluwanda matath e de wela thiyanawa godak welawata mata hithenawa mulin me de wela thiyanawa kiyala eth man passe kalpana karanwa man meka hinenda dakke kiyala

    ReplyDelete
  16. kalaya haraha yamedi eyin bahira dewal wlata haniyak ho wenas weemak sidhu wenna brida?

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger