IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

හොදම media player එක තෝරාගන්න ඔබට වරමක්...

Post by Unknown | at 8:24 AM | 10 Comments | Categories

ඔයා වැඩියෙන් පාවිච්චි කරන media player එක මොකක්ද?

කොම්පියුටර් පාවිච්චි කරන ඔයගොල්ලො එක එක ජාතියෙ media player වර්ග භාවිතා කරලා ඇති. ඉතිං මම අද මේ ලිපියෙන් ඔයගොල්ලන්ට අරන් එන්නෙ ඒ media players ගැන වාර්තාවක්. මේක කියවලා ඉවර වෙන කොට ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න හොද media player එක මොකක්ද කියලත් තෝරගන්න පුළුවන් වෙයි. ඒ නිසා අතාරින්නෙ නැතුව සම්පූර්ණ ලිපියම කියවන්න. සමහරු නම් මේකෙ තියෙන සමහර දේවල් ගැන දන්නවත් ඇති. ඒ අයගෙන් ඉල්ලන්නෙ තව දන්න දේවල් කමෙන්ට්වලින් එකතු කරන්න කියලා. එහෙනම් යාළුවනේ මේ ලිපිය කියෙව්වාම මෙන්න මේ දේවල් ගැන ඔයගොල්ලන්ට දැන්ගන්න පුළුවන්. ඒවා තමයි,

1. ප්‍රධාන media players වර්ග
2. මේවා අතරින් මම නිර්දේශ කරන media player එක.
3. subtitle file එකක් play වීමට සකස් කරගන්නා ආකාරය
4. ෆිල්ම් එකේ dialog එක්ක හරියට subtitle play වෙන්නෙ නැත්නම් මොකද කරන්නෙ?
5. ඔබ සින්දු අහන්න ෆිල්ම් බලන්න ලොකු කට්ටක් කනවද?
    - හොද media players බාගන්න ලින්ක්ස් ඇතුළත්ය..

1. ප්‍රධාන media players වර්ග

මෙතනදි මම කියනනේ ලංකාවෙ වැඩිදෙනෙක් භාවිතා කරන offiline media players ගැන කියලා කියන්නත් ඕන. නැත්නම් online media player කියලා ජාතියකුත් තියෙනවනෙ. තාම අපේ online media player පාවිච්චිය අඩු මට්ටමකනෙ තියෙන්නෙ. අපි ෆිල්ම් එකක් බැලුවත් offiline මිසක් online බලන්න යන ප්‍රමාණය අඩුයි. ඉතිං අපි ගෙදර දොරේ PC එක ඉස්සරහා ඉදගෙන ෆිල්ම් එකක් බලද්දී සින්දුවක් අහද්දී බලද්දී media player එකක් අනිවාර්යයෙන්ම ඕන කරනවා. ඒ අතරින් ලංකාවෙ අපි වැඩිදෙනෙක් පාවිච්චි කරන media players ටිකක් මේ විදියට පෙළ ගස්වන්න පුළුවන්.

  • Windows media player         
  • Media player classic
  • VLC player
  • KM player
  • GOM player
  • Jet Audio
  • Quicktime Player
  • Nero media player  -etc.

මේ විදියට ගොඩක් media player වර්ග ඔයගොල්ලො පාවිච්චි කරනවා ඇති. මම අහලවත් නැති ඒවත් ඔයගොල්ලො ළග ඇති. මම දැන් ඉහත නම් කරපු ඒවා ගැන පුංචි හැදින්වීමක් කරන්නම්. මේ හැම media player එකක්ම බාගන්න ලින්ක්ස් ලිපිය අවසානයේ ඇති. එතනින් ගිහින් තමන් කැමති ඒවා තෝරගන්න.

Windows media player එක PC එකේ Windows මෙහෙයුම් පද්ධතිය තියෙන හැමෝම ළගම තියෙනවනෙ. මේක ගැන කියනවනම් මේක ගොඩක් චාම්.(දැන් තියෙන version එක) ඒවගේම තියෙන option ප්‍රමාණයත් ගොඩක් අඩුයි. Media player classic අනිවාර්යයෙන්ම හැම PC එකකම තියෙන්න ඕන. මේක නැත්නම් සමහර format වලින් තියෙන video files (ex: MKV, FLV,MP4, etc) play කරන්න බෑ. VLC player ගොඩක් කට්ටිය ළග තියෙනවා. මේකෙ තියෙන වාසිය තමයි Media player classic install නොකර හරි ගොඩක් video format බලන්න පුළුවන් එක. ඒත් මේකෙත් අඩුපාඩු තියෙනවා. මම ඉස්සරහට ඒවා කියන්නම්. KM player, GOM player කියන දෙක ගොඩක්තැන්වලදි ගතිගුණ අතින් සමානයි. Jet Audio හොද Media player එකක් උනාට ලෝඩ්වෙන්න පරක්කුයි. මේක ටිකක් PC එකට බරයි කියලා මට හිතෙනවා. ඒ උනාට subtitle එහෙම බලන්න මේක ටිකක් හොදයි. Quicktime Player හා Nero media player ගැන නම් මම වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ.

2. මේවා අතරින් මම නිර්දේශ කරන media player එක

මේ අතරින් මම නිර්දේශ කරන්නෙ මොකක්ද කියලා පුළුවන්නම් හිතන්න. ඇත්තටම මම කියන්නෙ මේ අතරින් හොදම media player එක විදියට දැනට හදුන්වන්න පුළුවන් වෙන්නෙ KM player එක තමයි. දැන් මේක අළුත් interface එකක් එක්ක ඉදිරිපත්වෙලා තියෙන නිසා ගොඩක් හොදයි. ඉස්සර තිබුණ මගදී හිරවෙන දෝෂය දැන් මේකෙ නෑ. කෙටියෙන් KM player කිව්වට මේකෙ හරි නම තමයි Korean Media player. ඒ වගේම මෙහි ඉතාමත් පහසුවෙන් ශබ්ද හැසිරවීම, picture color වෙනස් කිරීම, zoom කිරීම වගේ දේවල් කරන්න පුළුවන්. මේ අළුත් version එකේ තියෙන ප්‍රධානම වාසිය තමයි පහසුවෙන් subtitle හසුරවන්න පුළුවන් එක. මම ඒ ගැන 4 වෙනි කොටසින් කියලා දෙන්නම්.

3. subtitle file එකක් play වීමට සකස් කරගන්නා ආකාරය

media player එකකින් කරන ප්‍රධානම කාර්යයක් තමයි ෆිල්ම් බලන එක. අපි ගොඩක් වෙලාවට ෆිල්ම් එකක් බලද්දී ඉංග්‍රීසි හරි සිංහල හරි subtitle එකක් දාගෙනනෙ බලන්නෙ. මොකද අපි එහෙම කරන්නෙ සුද්දො කියන සමහර දේවල් ඔවුන් උච්චාරණය කරන විදියට අපිට තේරුම් ගන්න බැරි නිසා. ඒකනෙ ඇත්ත කතාව. ඉතින් මෙහෙම ගන්න සබ් එකක් play කරගන්න දැනගන්නත් ඕනනෙ. මේකට ඉතාමත් සරළ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ෆිල්ම් එක play වෙන්න දීලා සබ් ෆයිල් එක එතනට ඇදලා දාන එක. ඒක තමයි ගොඩක් අය කරන්නෙ. එතකොටත් සබ් එක play වෙනවා තමයි. ඒත් ඒක ටිකක් හරි නෑ වගේ නේද? ආයෙත් පාරක් ෆිල්ම් එක play කරද්දී ඒ වැඩේම කරන්න වෙනවනේ. අනිත් ක්‍රමය තමයි, sub file එකේ තියෙන නම copy කරලා ෆිල්ම් එකේ නම තියෙන තැනට paste කරන එක. දැන් එතකොට සබ් ෆයිල් එකෙයි ෆිල්ම් එකේ ෆයිල් එකෙයි තියෙන්නෙ එක නමක්. දැන් ෆිල්ම් එකේ ෆයිල් එක double click කළාම නිකම්ම ඒ එක්කම සබ් එකත් play වෙනවා.

සබ් එක හොදට play වෙනවනම් Windows media player, Media player classic, KM player, GOM player, Jet Audio යන ඒවා ෆිල්ම් එක බලන්න සුදුසුයි. ඒත් sinhala subtitle එක්ක ෆිල්ම් එකක් බලනවානම් VLC player එක පාවිච්චි කරන්න එපා. මොකද සිංහල unicode මේකෙ හරියට play වෙන්නෙ නැති නිසා. GOM player එකත් unicode වලට එච්චර හොද ප්‍රතිචාරයක් දක්වන්නෙ නෑ.

අපි කොහොම හරි සබ් ෆයිල් එකත් දාගෙන ෆිල්ම් එක බලනවයි කියමුකෝ. ෆිල්ම් එකේ තියෙන තියෙන සබ් එක හරියට dialog එක්ක play වෙන්නෙ නෑ. මළ පනිනවා නේද? මේකට මොකද කරන්නෙ? අළුත් සබ් එකක් හොය හොයා internet එක පීරනවද? නෑ එහෙම කරන්න ඕන නෑ. ඒකට විසදුමක් මම කියලා දෙන්නම්.

4. ෆිල්ම් එකේ dialog එක්ක හරියට subtitle play වෙන්නෙ නැත්නම් මොකද කරන්නෙ?

මේකට තමයි අපිට KM player එක උදව්වට ඉන්නෙ. මේක කරන හැටි ගැන මම පියවර විදියට කියලා දෙන්නම්. මොකද දන්නෙ නැති අයත් ඉන්න පුළුවන්නෙ. මුලින්ම කරන්න තියෙන්නෙ ෆිල්ම් එක පොඩ්ඩක් play වෙන්න දීලා මුල්ම dialog එක පටන් ගන්න තැනයි, එතනට අදාළ subtitle එක play වෙන්නෙ කොච්චර වෙලාවකට ඉස්සෙල්ලද, පස්සෙද කියන එකයි හොයාගන්න එක. KM player එකේ පහළ time එක පෙන්නන නිසා අවුලක් වෙන්නෙ නෑ. ඊටපස්සෙ යතුරුපුවරුවේ Alt+G එකවර තද කිරීමෙන් මෙන්න මේ option එක බලාගන්න පුළුවන්.
                            1. පියවර

                            2. පියවර

ඊටපස්සෙ ඒක උඩින් හතරවෙනියට තියෙන A අක්ෂරය ක්ලික් කරන්න. දැන් පෙනේවි subtitle හරිගස්සන option ටිකක්. පියවර 2 රූපය බලන්න. ඒකෙ sync+ හා sync- කියලා කොටස් දෙකක් තියෙන්නෙ. ඒකෙන් තමයි අපේ වැඩේ කරන්නෙ. ඒකෙ sync+ click කරන්නෙ subtitle පහුවෙලා play වෙනකොට. subtitle කලින් play වෙනවනම් sync- click කරන්න ඕන. අපි එයින්කක් එකපාරක් click කරන කොට තත්පර 0.5ක් තමයි එකතු වෙන්නෙ. අපේ ෆිල්ම් එකේ සබ් තත්පර 15ක් පරක්කු වෙලා play වෙනවනම් අපිට කරන්න කියෙන්නෙ sync+ button එක මවුසයෙන් 30පාරක් click කරන එක. දවසට දහස් වාරයක් මවුසය click කරන අපිට ඕක මොකක්ද නේද?

5. ඔබ සින්දු අහන්න ෆිල්ම් බලන්න ලොකු කට්ටක් කනවද?

මේ ලිපිය කියවපු ඔයගොල්ලො media players ගැන යම්තාක් දුරකට අවබෝධයක් ගන්න ඇති කියලා මම හිතනවා. ඒ නිසා මම කියපුවගෙන් කීපයක් පහසුවෙන් බාගන්න ලින්ක් ටිකක් මම පහළින් දෙන්නම්. VLC player එක විතරක් පාවිච්චි කරන අයට මේක ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. ඒ අය මතක ඇතුව Media player classic පැක් එකත් පහළ ලින්ක් එකෙන් අරන් install කරගන්න. නැත්නම් වීඩියෝ බලද්දී අමාරුවේ වැටෙයි. එහෙනම් ආයෙත් මොකක් හරි බලද්දී KM player එක දාගන්න. මම මෙහෙම කියනවට KM player කම්පැනියෙන් කීයක්වත් හම්බවෙන්නෙ නම් නෑ. හැමෝගෙම ලේසියටයි එහෙම කියන්නෙ. එහෙනම් කැමති ප්ලෙයර් එක මෙතනින් තෝර ගන්නකෝ. ගැටළු මොනවහරි තියෙනවනම් පහළ කමෙන්ට්වලින්ම අහන්න.

KM player
Media Player Classic
Windows media player 12
GOM player
JetAudio
VLC player
Nero media player
Apple Quick time player

                                                                 -දුලාන් තනුශංක සිල්වා


10 comments:

  1. KM Player ekee video ekak play weddi eekee pixels peena gathiyak thiyenawa 13GB movie ekaka unath .....
    gom ekata saapekshawa video output quality eka madi
    wena prashnayak naa
    Gom player ekee videos play weddi chuutak withara struck wenawa , samaharunta nam meeka theerenneth nathi tharam
    ..
    kohoma unath Windows media player ekee ... video output quality eka hondai
    eeke subs saha movie playing options tikak kachal
    nathnam eeka hondai ...

    ReplyDelete
    Replies
    1. Windows media player eka gaanata kirala menala hadala thiyenne banz eeka ela thawa power dvd aluth tika hodai :)

      Delete
  2. mamath godak use karanne KM Player eka thamai. matath hondama eka

    ReplyDelete
  3. Thanks for all of comments....!

    ReplyDelete
  4. KM player 1ka thama hodama 1ka...

    ReplyDelete
  5. mage windows 8.1 theyene km ekata mp3 enqueue kalama hirawenawa

    ReplyDelete
  6. pot player eka use karala balanna oya okkotama wada better

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger