IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

Underworld Rise of the Lycans [2009] සිංහල උපසිරසි සමග

Post by Unknown | at 6:29 AM | 2 Comments | Categories
Underworld Rise of the Lycans [2009]
   සිංහල උපසිරසි සමග


මේ මගේ දෙවනි උපසිරසි නිර්මාණය. මේ උපසිරසිය මම කළේ Sirasri Subs වෙනුවෙන්මයි. ඒ නිසා මේ උපසිරසිය ඔබට ලබාගන්න පුලුවන් වෙන්නෙත් අපේ අඩවියෙන් විතරයි. වෙන කිසිදු අඩවියක නැති උපසිරසි තමයි අපි මේ සයිට් එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නෙ. ඉතිං වැඩිකතා නැතුවම අපි ෆිල්ම් එක ගැන ටිකක් කතා කරමු.


  සුප්‍රසිද්ධ Underworld චිත්‍රපට මාලාවේ තුන්වන චිත්‍රපටිය විදිහට තමයි මේක එළි දකින්නෙ. දැනට මෙහි චිත්‍රපට හතරක් ඇවිල්ලා තියෙනවා. මෙහි හතරවන  චිත්‍රපටයවන Underword Awakening  එළිදැක්වුණේ මේ අවුරුද්දෙදී. ඒකත් සිංහල උපසිරසි සහිතව මෙතනින් ගිහින් බාගත කරගන්න පුලුවන්.

     Underworld Rise of the Lycans චිත්‍රපටය IMDB රේටිංග්ස්වල 6.5/10 ක් අරගෙන තියෙනවා. ඒ වගේම මේක හොරර්, ඓතිහාසික, ක්‍රියාදාම, යුද්ධ යන ආකාරවලින් වර්ග කරන්න පුලුවන්. මෙහි ප්‍රධාන චරිත දෙක වෙන්නෙ ලුසියන් හා සොන්ජා යන දෙදෙනා. ලුසියන්ට Michael Sheen රංගනයෙන් දායකවන අතර සොන්ජාගේ චරිතයට Rhona Mitra පණ පොවනවා. මොවුන් දෙදෙනාගේ අසම්මත ආදර කතාවකුත් චිත්‍රපටය පුරාවටම දිවයනවා. මෙහි තිබෙන ඇතැම් දර්ශන නිසා මේක වැඩිහිටියන්ට සුදුසු ෆිල්ම් එකක් කියලත් තියන්න පුලුවන්.

     වෘක මිනිස්සු(ලයිකන්) හා පිසාචයන් අතර ඇතිවන ගැටුමක් තමයි මෙහි කතා තේමාව වන්නෙ. බලවත් පිසාචයන් යටතේ ලයිකන්ලා වහල්ලු විදියට සේවය කරනවා. ලුසියන් කියන්නෙත් මේ විදියට ඉන්න ලයිකන් කෙනෙක්. සොන්ජා කියන්නෙ පිසාචයොන්ගෙ ප්‍රධානියාගෙ දියණිය. ලුසියන් හා සොන්ජා අතර ඇතිවන අසම්මත ප්‍රේමය නිසා ලයිකන් හා පිසාචයන් අතර ගැටුමක් ඇතිවෙනවා. එහිදී ලයිකන්ලාගේ නැගීසිටීම  බලන්න පුලුවන්. මෙහිදී ලුසියන්ගේ හා සොන්ජාගේ අසම්මත ප්‍රේමයට සිදුවන්නේ කුමක්ද? සොන්ජා  මියගියාද? ලුසියන්ට මොකද වෙන්නේ?

      මේ ආකාරයට චිත්‍රපටය පුරා දිවයන රසවත් කතාවක් ඔබට Underworld Rise of the Lycans චිත්‍රපටයෙන් රසවිදින්න පුලුවන්. සමහරවිට ඇතැම් අය මේ චිත්‍රපටය බලලා ඇති. එහෙම උනත් සිංහල සබ් එක දාගෙන ආයෙත් බලන්න. බලලා නැත්නම් චිත්‍රපටය සබ් එකත් එක්ක බාගෙන බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ. අලුත් අත්දකීමක් මේ ෆිල්ම් එකෙන් ඔබට ගන්න පුලුවන් වෙයි.

එහෙනම් ආයෙත් හොද නිර්මාණයකින් හම්බ වෙමු. කමෙන්ට් එකක් දාලා යන්නත් අමතක කරන්න එපා!

                               ට්‍රේලර් එක මෙතනින් බලන්න
                                 700MB ටොරන්ට් එක මෙතනින් ගන්න
  • මෙම උපසිරසි නිර්මාණය දුලාන් තනුශංක සිල්වා විසින් Sirasisub වෙනුවෙන්ම කරන ලද්දකි. 
  • ඔබටත් මෙලෙස චිත්‍රපටයකට උපසිරසි ගන්වා අප අප අඩවියේ ප්‍රචාරය කර ගැනීමට අවශ්‍යනම් පහත ඊමේල් ගිණුම මගින් අප සම්බන්ධ කරගන්න.
          contact.sirasi@gmail.com

2 comments:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger