IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

සිරකරුවන්ගේ විප්ලවය- The Bridge on the River Kwai [1957] සිංහල උපසිරසි සමග

Post by Unknown | at 8:50 AM | 7 Comments | Categories
The Bridge on the River Kwai (1957) with Sinhala Subtitles
දැන් කවුරුත් දන්නවා ඇතිනෙ මේ චිත්‍රපටිය ලංකාවෙ රූපගත කරපු හොදම බටහිර සිනමා පටිය කියලා. මේ වගේ හොද නිර්මාණයක් බලලා නැත්නම් ලංකාවෙ ඉදලත් වැඩක් නෑ නේද? ඒ නිසා මම මේ ෆිල්ම් එකේ සුපැහැදිළි බ්ලූරේ පිටපතකුයි ඒකට හරියන්න සිංහල උපසිරසියයි අරගෙන ආවා. ඒ නිසා මේක අනිවාර්යයෙන් බලන්න.

මම ෆිල්ම් එක ලංකාවෙ රූපගත කරපු හැටි ගැනනම් අදත් විස්තර කරන්න යන්නෙ නෑ. මොකද මම ඊයෙ ඒ ගැන පුළුල් විස්තරයක් කරපු නිසා. ඒ විස්තරය නොබලපු අයට මෙතනින් ගිහින් ඒක බලන්න පුළුවන්. දැන් මම චිත්‍රපටයේ අගය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

මේ චිත්‍රපටය imdb රේටිංග්ස්වල 8.4 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මේක ඒ කාලෙ විශිෂ්ට සම්මානලාභී චිත්‍රපටියක්. විලියම් හෝල්ඩන්, ඇලෙක් ජීනස්, ජැක් හෝකින්ස් යන අය මෙහි ප්‍රධාන චරිත රගපානවා. බ්‍රිතාන්‍යයට අයිති චිත්‍රපටයක් වන මෙයින් ඇ.ඩො. මිලියන 33 ක ආදායමකුත් ලබාගෙන තියෙනවා.

චිත්‍රපටයේ කතාව කෙටියෙන් කිවුවොත් මෙහෙමයි. ජපාන අධිරාජ්‍ය හා බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය අතර ඇතිවන යුද ගැටුම්වලදී සිරකරුවන්ට අත්වන ඉරණම තමයි මේ ෆිල්ම් එකේ කියවෙන්නෙ. ඒ කියන්නෙ ජපනුන් සිරභාරයට ගන්නා බ්‍රිතාන්‍ය හා වෙනත් සිරකරුවන් ලවා අධික ලෙස වැඩකරවා ගැනීම මේ චිත්‍රපටයෙන් පෙන්වා දී තියෙනවා. ඒ සිරකරුවන් තමයි ක්වායි ගගේ පාලම හදන්නෙත්. මෙහෙම ඉන්න සිරකරුවන් පිරිසක් පළා යනවා. කොහොමහරි මේ පලාගිය පිරිසෙන් ඉතුරුවෙන්නෙ ෂියර්ස් කියන ඇමරිකානු නිළධාරියා විතරයි. ඔහු එන්නෙ ලංකාවට. එහිදී ඔහුට ආයෙත් තමන් සිරගතවූ තැනටම යන්න තමන්ගේම අයගෙන් නියෝගයක් එනවා. එතනින් පස්සෙ මොකද වෙන්නෙ? ඒක ගැන බලන්න නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා.

ලාංකිකයෙක් හැටියට ඔයගොල්ලො මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්නම ඕන. ප්‍රමාණයෙන් ගොඩක් අඩු හොද කොපි නම් මේ ෆිල්ම් එකට නෑ. තිබුණත් ඒවයේ කොලිටිය අඩුයි වගේම සීඩ් එහෙමත් අඩුයි. ඒ නිසා මම කියන 1000MB කොපි එකම අරගෙන බලන්න. පාඩුවක් වෙන්නෙ නෑ. එතන තියෙන අනිත් ඒවා ප්‍රමාණයෙන් ඊටත් වඩා වැඩියි. 1000MB එක සුපිරි බ්ලූරේ කොපි එකක්. එහෙනම් ෆිල්ම් එකට සිංහල සබ් එකත් දාගෙනම බලන්නකෝ. හොද නරක කියන්නත් අමතක කරන්න එපා!

1000MB කොපිය මෙතනින් අරගන්න

සිංහල උපසිරසිය මෙතනින් ගන්න 

                                                                  -දුලාන් තනුශංක සිල්වා


7 comments:

  1. balalama kiyannam.

    ReplyDelete
  2. මම පොඩි කාලේ පතරේක මේක ගෙන කියවල තියනවා.එතකොට මන් 5 වසරේද කොහේදෝ.

    ReplyDelete
  3. මේ වගේ ෆිල්ම් එකක් සබ් එක්ක දුන්නට බොහොම ස්තුති.
    anonymous (rasta)

    ReplyDelete
  4. දිගටම ෆිල්ම්වලට සබ් දාන්න.

    ReplyDelete
  5. ko ban sub eka weda ne.

    ReplyDelete
    Replies
    1. සබ් එක අවුලක් නැතුව වැඩ කරනවා. km player එකෙන් හරි media player classis වලින් හරි ට්‍රයි තරලා බලන්න. vlc එකේ විතරක් හරියට play වෙන්නෙ නෑ. මම දැන් සබ් එක එතනින්ම බාගෙන ට්‍රයි කළා. 1000mb කොපි එකත් එක්ක හොදට වැඩ කරනවා මචං. ගැටළුවක් තියෙනවානම් ආයෙත් අහන්න.

      Delete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger