IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

අප සිතන පතන දේ සැබෑ කරගන්න හැටි...

Post by Unknown | at 7:04 AM | 9 Comments | Categories

මිනිස් සිතේ බලය

 

ඇත්තටම මිනිසා වන අපේ සිත හරි පුදුමාකාර දෙයක්.නිරන්තරයෙන් වෙනස්වන අපේ සිත තුළ ඇතිවන සිතුවිලි වල මේ දැන් ඇතිවන සිතුවිල්ල,ඒ මොහොතේම නැතිවිය හැකිය.එයයි සිතේ සවාභාවය.අපේ සිත කොටස් 3කට වෙන් වෙයි.එනම් උඩු සිත,යටි සිත සහ මැදි සිත ලෙසයි.මෙහි ක්‍රියාකාරිතවය සහ කෘත්‍යයන් එකිනෙකට වෙනස්ය.දැන් ඔබට මම දෙයක් පවසන්නම්,එය ඔබ විසින් වරක් සිදුකර බලන්න...එහි සත්‍ය අසත්‍ය බව ඔබටම එයින් පසුව තේරුම් යනු ඇත.නින්දත් නොනින්දත් අතර කාලය තුළ ඔබ ඔබට කැමති අවශ්‍ය යම් දෙයක් අනිවාර්යයෙන් ඔබට ලැබෙන බව විශ්වාස කරගෙන එය තරයේ සිතමින් නින්දට යන්න.මේ විදිහට දින 14ක් එක දිගට ඔබේ ඒ එකම අරමුණ සිතාගෙන නින්දට යන්න.ඔබ කැමති ඔබට අවශ්‍ය දේ ලැබෙනු නොඅනුමානයි.එහෙත් මෙම ප්‍රතිඵලයේ සාර්ථක අසාර්ථක බව තීරණය වන්නේ,ඔබ ඔබේ සිත විශ්වාස කරන තරම අනුවය.


  සැබැවින්ම ඔබ ඔබේ සිත විශ්වාස කරන තාක් කල්,ඔබේ සිත විසින් ඔබට අවශ්‍ය සේ ලබාදෙයි.(මේ සියල්ල මා සොයාගත් කරුණු නොව අධිමානසික විද්‍යාඥයන් පවසන පරීක්ෂණාත්මකව සොයාගත් කරුණුය).දැන් ඔබ කල්පනා කරනවා ඇති ඇත්තටම මේක වේනනේ කහොමද කියලා...හොදයි මම ඒකත් ඔබට පැහැදිලි කරන්නම්.

  අපි සාමාන්‍යෙයන් සිතන්නේ තර්ක කරන්නේ උඩු සිතින්.අපි අවදිව සිටින කාලය තුළ උඩු සිතට සිතුවිලි විශාල ගණනක් පැමිණෙයි.ඒ අතර විශාල සිතුවිලි ප්‍රමාණයක් නැති වී යයි.ඒත් යටි සිතට සිතුවිලි පැමිණෙන්නේ ඉතා අඩු වශයෙනි.මොකද උඩු සිතේ පවතින විශාල සිතුවිලි කන්දරාව නිසා යටි සිතට සිතුවිලි ගමන් කරන්නෙ නැත.නමුත් ඔබ නිතර එක් දෙයක් ගැනම තරයේ සිතනවානම් එම සිතුවිල්ල ඔබේ යටි සිතට ගමන් කරයි.


මෙහිදී කිසි දිනක නැහැ බැහැ කියන සිතුවිලි යටි සිතට ඇතුළු කරගන්න එපා.මොකද යටි සිත සෑදී ඇත්තේ අපගේ අවශ්‍යතා ඉටු කිරීමට පමණකි.අපේ අවශ්‍යතාවය හොදද, නරකද යන්න හෝ අපට වාසිදායකද,අවාසිදායකද යන්න නොසිතයි.එය අපේ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම පමණක් සිදු කරයි.ඉතිං මම කලින් කව්ව විදිහට නින්දත් නොනින්දත් අතර ඔබට අවශ්‍ය දෙයක් ගැනැ යටි සිතෙන් සිතාගෙන ඉන්න කියලා කිව්වේ ඇයි කියලා ඔයාලා හිතනවා ඇති.ඇයි මේක වෙන වෙලාවක හිතාගන්න බැරි?කියලා ප්‍රශ්ණයකුත් ඔයාලට එනවා ඇති.

   අපේ උඩු සිත දවස තිස්සෙම හිතලා හිතලා හෙම්බත් වෙලා නිදාගන්න හදන  වෙලාවක අපි විශ්වාසයෙන් යුතුව දෙයක් හිතුවොත් ඒ සිතුවිල්ල යටි සිතට යාමට තියෙන ඉඩකඩ වැඩියි.යටි සිත දවසේ පැය 24ම අපට සේවය කිරීමට බලා සිටියි.අපට අවශ්‍ය කරන දේ හිතන්න විතරයි තියෙන්නේ.මේ දේ ඔබට ලැබෙනවාමයි කියලා හිතන්න.එය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.මෙය සිදුවන්නේ යටි සිතත් මොළයත් අතර ඇතිවන ක්‍රියාවලියකිනි.ඔබට අවශ්‍ය දේ ඔබට නිසැකවම ලැබෙයි.අවශ්‍ය වන්නෙ විශ්වාසයෙන් සිතීම විතරයි.මෙය විශාල සංකීර්ණ ක්‍රියාවලියක්, නමුත් එම ක්‍රියාවලියට  අවශ්‍ය වන්නේ විශ්වාසනීය සිතුවිල්ලක් පමණයි.


නිකමට හිතලා බලන්න ඔබ කැමති දේ ඔබට ලැබෙනවානම් කොහොමද කියලා? මා සදහන් කළ දේවල් ඔබ අත්හදා බලන්න ඔබට වරදින්නේ නැහැ ඒ විදිහට කරනවා නම්...මෙම හැකියාව දියුණු කරගත්තොත් සිතූ සිතුදේ කළ හැකි වේවි...මෙය තමයි ඔබේ යටි සිතේ තියෙන බලය. එයින් නිසි වාසි ලබාගන්න ගන්න අමතක කරන්න එපා. ඔබේ දෙවියන් ඉන්නේ ඔබ තුළමයි. එනම් ඔබේ යටි සිතේමයි. මේ සියල්ල අධිමානසික විද්‍යා තොරතුරු අනුව සකස් කර ඇති බව කරුණාවෙන් සළකන්න. මෙය මා විවිධ මුලාශ්‍රවලින් ලබාගත් තොරතුරු අනුව සකස් කරන ලද්දකි.

ඉසුරු ත්‍රීමාල් වරුණ

9 comments:

  1. එල මචං නියම ලිපිය.දිගටම ලියන්න.

    ReplyDelete
  2. Gregg Braden ge " The Lost Mode Of Prayer " potha keyawala balanna.eke pahadelewama teyanawa,thamange,Ashawan eshta kara ganna wedeya.Google wala Lost mode of prayer keyala gahala search karannako.You tube videos teyanawa.

    ReplyDelete
  3. Yeah you correct..
    Thanks!!!

    ReplyDelete
  4. Gdk wedagath .poddakwath rina adahas ne.ewage dewal thama watinne.

    ReplyDelete
  5. Ane ou thawa liyana godak watinawa

    ReplyDelete
  6. Ane ou thawa liyana godak watinawa

    ReplyDelete
  7. Ane ou thawa liyana godak watinawa

    ReplyDelete
  8. ස්තූතියි ස්තූතියි ස්තූතියි

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger