IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

බූට් එකක් කාපු කොල්ලෙක්ගේ කතාව...

Post by Unknown | at 7:49 AM | 2 Comments | Categories

මේ කියන කතාව අහගන්න....

කොල්ලෙක් හා කෙල්ලෙක් අතර ඇතිවන ආදරය යනු අත්දැකීම් බහුල හරි සුන්දර දෙයක් වන වග මා ඔබට අමුතුවෙන් ඉගැන්විය යුතු නොවේ.මේ ආදරය කරන ගැහැණු පිරිමි දෙපාර්ශවය ගැනම අපි දැන් ටිකක් අවධානය යොමු කරමු.සමාජ සම්මතය අනුව ගැහැණිය යනු බොහෝ ලාමක සියුමැලි ගතිපැවතුම් ඇති චරිතයකි.පිරිමියා යනු බොහෝ ඝර්ෂණයන්ට ලක්ව දැඩිබව පෙරටුගාමී කරගත් චරිතයකි.කෙටියෙන් කිවතොත් රළු චරිතයකි.කෙසේ නමුදු මේ දෙපාර්ශවයම එකිනෙකාට ආදරය කරති.නමුත් පිරිමියා සිතන්නේ මාගේ දැඩි බවෙන් මාගේ පෙම්වතියට දුක් විදින්න වෙයි.එයාගේ හිත රිදෙයි.ඒ නිසා මා මේ ගති පැවතුම් අත්හැරිය යුතුය යන මතයේ සිටියි.කානතාව යනු හරි ගුප්ත චරිතයකි.ඇය නිතරම ලෝකයට පෙන්වන මුහුණට වඩා හාතපසින් වෙනස් ගති පැවතුම් දරයි.


නමුත් එය බොහෝවිට පිරිමියා විසින් තේරුම් නොගනී.අද සමාජයේ ආදරය කරන යුවළක් උදාහරණයකට ගමු.පිරිමියා අතින් යම් වරදක් සිදුවුවහොත් කාන්තාව ඇයගේ සිතේ එය තදින් බැදගනී.නමුත් පිරිමියා ඇගේ වැරදි අමතක කර දමකෙසේ හො කාලයත් සමග මෙම සම්බන්ධය දෙදරා යයි.එසේ වීමට හේතුව,ඔහුගේ අතින් සිදු වූ සුළු වරද විය හැකිය.සත්තකින්ම ඔබේ පෙම්වතිය ඔබ සිතන ආකාරයේ සියුමැලි චරිතයක් නොවන්නට පුළුවන.





ඇය ඔබට වඩා බොහෝ සෙයින් ප්‍රබල චිත්ත ශක්තියක් තබාගෙන සිටියි.කාන්තාවක් යනු හරියට සීතල ගිනි කන්දක් බදුය.අද ඔබට තුරුළු වුණ පෙම්වතිය හෙට තවත් අයෙකු හා යා හැකිය.සත්‍ය නම් මෙයයි.නමුත් මෙය ඔබට නොවැටහෙන්නේ ඔබ ඇයට මුළු හදින්ම ආදරය කරන බැවිනි.සමාච සම්මතයේ වාසිය අතට ගත් ගැහැණිය සියුම් උපක්‍රම තුළින් තද ආදරය රවටා ආශාවන් ඉෂ්ට කර ගැනීමට පව පින නොබලයි.

කොල්ලනේ,ඔබ ඔබේ සිතින්ම අසා බලන්න.ඔබ ලෝකයාට පෙන්වන තරම් තද සිතක් ඔබට තිබෙනවාද කියලා නැහැ,කවදාවත්ම නැහැ ඔබ අප අහිංසකයි.අප නරක අතට හැරෙන්නෙ කාන්තාවකගෙන් සිදුවන යම්කිසි දෙයක් නිසා නොවේද? හිතා බලන්න මදකට...බුරන බල්ලා සපා නොකයි.මෙහි තේරුම එනම් සැගවුණ අරුත වන්නේ නොබුරන බල්ලා සපා කන බවයි.ඉතිං ඔබම සිතලා බලන්න බුරන්නෙ කවුද? නොබුරන්නේ කවුද කියලා... ඔබ කොල්ලෙක් නම් එකක් මතක තබාගන්න,ඔබව ඔබේ පෙම්වතිය රැවටූ විට ඇතිවන සිත් වේදනාවට,කිසිම කෙල්ලෙක්ගේ අනුකම්පාවක් නම් නොලැබෙණු ඇත.ඔබේ දුක තේරුම් ගන්නේ ඔබට පිහිට වන්නෙ තවත් එක් කෙල්ලෙක්ම බව මතක තබා ගන්න.


ආදරය කරන්න යාළුවනේ මම ආදරය කරන්න එපා කියනවා නෙමෙයි.ඔබ තනිවුණ දිනක ඔබට ඔබ විතරඔබට ආදරය කරපු පෙම්වතියට ඔබව මතකවත් නැතුව ඇති.එයයි කෙල්ලෙකුගේ ස්වාභාවය.ඔබ ආදරය කරනවා නම් ඔබ,ඔබ කෙරෙහි පමණක් විශ්වාසය තබාගන්න.නැතිනම් ඔබේ විනාශය ඔබටත් රහසින් සිදුවෙනු ඇත.



අද කාන්තා හිංසනය ගැන මහ ලොකුවට කතා කරයි.ඔවුන් හිංසනයට ලක්වන්නේ රහසින් කල වැරදි නිසා නොවේද?කොල්ලේක විදින වේදනාවට,හඩ නගන්න සංගම් නැත.දුක් විදින්නේ ඔබමයි.එයට හඩ නගන්න කවුරුත් නැත.චුල්ලපදුම රජුගේ කතාව ඉතිහාසයේ මේ සදහා දරන එක් සාක්ෂියකි.ඔබා අසරණ වු විට ඔබේ පෙම්වතිය පිහිටට පැමිණෙයිද? කණ කැස්බෑවෙකු විය සිදුරෙන් අහස බලනවා වැනිය.ඔබේ අපේ දුර්වල සිතයි මෙයට හේතුව...ආදරයෙදි ඔබේ විශ්වාසය නොපුදන්න.එසේ වුවහොත් ඔබ සැමදා සතුටෙන් සිටියි.නමුත් එය ඇයට හංගන්න.කවදාවත් ආදරයක් වෙනුවෙන් මිතුරන් අත්හරින් එපා.මේ ලිපියේ අරමුණ සියුමැලි ළදුන්ගේ තරම කියා පෑමය.මා මේ පැවසු දේවල් සියළු තරුණියන්ට අදාළ නොවන අතර බහුතරයකට එය වලංගු වේ.ඔබත් මා කියන දේ ටිකක් හිතන්න...



මම "I-3 හැරී"

2 comments:

  1. අහිංසක දිල්ෂාන්October 28, 2012 11:54 AM

    මේක තමයි ඇත්ත අපිට මෙතැනයි වැරදුනේ

    ReplyDelete
  2. මටත් වුනේ ඔය ටිකම තමා..ඒත් තවමත් මම ඒ කෙල්ලට ආදරෙයි.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger