IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ශ්‍රී ලංකාවේ රූපගත කළ හොදම ඉංග්‍රීසි චිත්‍රපටයේ කතාව-The Bridge on the River Kwai

Post by Unknown | at 7:50 AM | 1 Comments | Categories

    ශ්‍රී ලංකාවේ රූපගත කළ හොදම ඉංග්‍රීසි චිත්‍රපටයේ කතාව
                The Bridge on the River Kwai



අපි කවුරුත් ලංකාවෙ රූපගත කරන ලද විදෙස් චිත්‍රපට නැරඹීමට කැමැත්තක් දක්වමු. මා අද ඔබ වෙත ගෙන එන්නේ ලංකාවේ රූපගත කරන ලද හොදම බටහිර සිනමා පටය පිළිබද වාර්තාවකි.‍ මේක බ්‍රිතාන්‍යයට අයිති චිත්‍රපටයක්. 1957 වර්ෂයේ හොදම චිත්‍රපට රූපරාමු සදහා ‘Academy Awards‘ සම්මාන උළලේදි සම්මාන හතක් ලබාගෙන තියෙනවා. ඒකෙන්ම හිතාගන්න පුළුවන් නේද මේක ඒ කාලයේ හැටියට කොතරම් උසස් අන්දමින් නිර්මාණය කරන්න ඇතිද කියලා.

ඉතිං මේක ලංකාවේ රූපගත කරපු හැටි ගැන පොඩි විස්තරයක් මම කරුණු හොයාගත් විදියට විස්තර කරන්නම්.‍ මේ ෆිල්ම් එකේ නමේ හැටියට ක්වායි ගගේ පාලම නමින් පාලමක් කොහේ හරි තියෙන්න ඕනනේ. ක්වායි ගග විදියට චිත්‍රපටියට ‍තෝරගෙන තියෙන්නෙ අපි කව්රුත් දන්න කැළණි ගග. කැළණි ගගේ කිතුල්ගල ප්‍රදේශයට ආසන්න ශ්‍රී පාද අඩවියට අයත් ප්‍රදේශයක තමයි මේ පාලම චිත්‍රපටය වෙනුවෙන්ම ගොඩනගලා තියෙන්නෙ. ඒ කියන්නෙ ඒ කාලේ හැටියට ගොඩක් වියදමක්, ගොඩක් මහන්සියක් දරලා හදපු චිත්‍රපටයක් තමයි The Bridge on the River Kwai චිත්‍රපටය. මේකට ඇස්තමේන්තු ගත කළ මුදල ඩොලර් මිලියන 3ක්. ඒ වගේම මේක ප්‍රදර්ශනය කරලා ඩො.මි. 33 ක ආදායමක් උපයාගෙන තියෙනවා.

මේ චිත්‍රපටයේ කතා තේමාව වෙලා තියෙන්නේ තායිලන්තයේ කතාවක්.‍ දෙවන ලෝක යුද්ධ සමයේදී නැගෙනහිර හා ගිණිකොණදිග ආසියාව ජපන් අධිරාජ්‍යයේ යටත් විජිතයක් වෙලා තිබෙනවා. එනම් තායිලන්තය, මියැන්මාරය යන රටවල්ද මෙලෙස යටත් වූ රටවල් වුණා. මේ අතර මෙම කලාපයේ බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශද නොතිබුණාම නොවේ. ඒ නිසා ජපනුන් හා බ්‍රිතාන්‍යයන් අතර නිරන්තර ගැටුම් සිදුවුණා. මෙම ගැටුම්වලදී බ්‍රිතාන්‍ය සොල්දාදුවන් ජපනුන්ගේ සිරකරුවන් වූ අතර ඔවුන් ලවා විවිධ කාර්යයන් සිදුකර ගැනීමට ජපන් ජාතිකයන් පෙළඹී සිටියා. මෙලෙස දුම්රිය මාර්ගයක් හා පාලමක් සිරකරුවන් ලවා ඉදිකරවා ගැනීමේ කතාවක් මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා.


කොහොමහරි කතාව තායිලන්තයේ වුණාට දර්ශන තලය ලංකාවේ. 1950 දශකයේ ලංකාවේ තිබූ පසුබිම පිළිබදව මෙහිදී යම්කිසි අවබෝධයකුත් අපිට ලබාගන්න පුළුවන්. ප්‍රමුඛ වශයෙන් ලංකාවේ ශිල්පීන් මෙහි රග නොපෑවද 1950 දශකයට අයත් ගම්බිම්වල දර්ශන මෙහිදී අපට දැකබලාගන්නත් පුළුවන්. එමෙන්ම එක්තරා දර්ශනයකදී සුප්‍රක‍ට ගල්කිස්ස වෙරළ තීරයද දැක ගත හැකියි. එහි අද පවතින ස්වරූපය හා එදා පැවති ස්වරූපය මෙහිදී පැහැදිළිව හදුනාගන්න පුළුවන්. 1950 දශකයේදී එම ස්ථානයේ වෙරළතීරය කෙතරම් පුළුල්ව පැවතියේද යන්න එම දර්ශනයෙන් මනාව පැහැදිළි වේ.

  
චිත්‍රපටය සදහා පාලම ඉදිකරන විට අවට පෙදෙස්වල ගම්වැසියන් දෛනික වැටුපට එහි ඉදිකිරීම් සදහා ගොස් තිබේ. ඒනිසා එම කාලයේදී ඔවුන්ගේ ආදායම් තත්වය සරුවන්නට ඇත. ඒ කෙසේ වුවද මෙය රූපගත කරන සමයේදී ඉංග්‍රීසි ජාතිකයන් අවට කැළෑවලින් සතුන් දඩයම් කිරීම හා ඇතැම් දුර්ලභ සතුන් තම රටවලට පැටවීම කළ බව ගැමියන් දන්නා සත්‍යයකි. එකල නීතිරීති එතරම් දැඩිනොවීම නිසා ඔවුන්ට එසේ කළ හැකිවිය.

චිත්‍රපටයේ ප්‍රධාන සිදුවීම වන්නේ පාලම පුපුරා යන දර්ශනයක් අඩංගුවීමයි. මෙය රූපගත කරන අවස්ථාවේදී කිහිප වරක්ම උත්සාහ කළද පාලම පුපුරා ගොස් නැත. ඒ සෑම අවස්ථාවකදීම දුම්රිය ඉදිරියට ගොස් ඉදිරිපස කදුගැටයේ ගැටුණු බව එය ඇසින් දුටු ගම්වැසියෝ පවසති. ඉදිරිපස කදුගැටයේ එය ගැටුණේ එතනින් එහාට දුම්රිය මගක් නොතිබූ නිසාය. චිත්‍රපටයේ අවශ්‍යතාවය මත එතනින් එහාට දුම්රිය මගක් අවශ්‍ය නොවූ බැවින් කදුගැටය අසලින් දුම්රිය මග අවසන්වේ.


මෙම පාලම ඉදිකර ඇත්තේ විශාල දැවදඩු යොදා ගනිමිනි. එසේම යකඩ, කොන්ක්‍රීට් භාවිතාකර ඉදිකිරීම් කර තිබෙන අවස්ථාද තිබී ඇත. අදටත් මෙම පාලම ඉදිකරන ලද ස්ථානයට යන කාහටත් එතන පාලමක් ඉදිකර තිබූ බවට නටබුන් දැක බලාගන්න පුළුවන්. පාලම පුපුරා යාමේදී ඒ මතින් ගමන් කරන දුම්රිය ගගට වැටෙන අතර, එම ගගට වැටුණු දුම්රියේ කොටස් තවමත් ගග පත්ලේ පවතින බව ගම්වැසියෝ පවසති.

ගගට වැටෙන දුම්රියේ මිනිසුන් වෙනුවට තබා ඇත්තේ රබර් බෝනික්කන්ය. දුම්රිය ගගට වැටුණු අවස්ථාවේ එම බෝනික්කන් පහළට පාවී ගොස් තිබෙන අතර ඒවා අවට ගම්මානවල මිනිසුන් විසින් එකතුකර තම නිවෙස්වල මතක සටහන් ලෙස තබාගත් බව වාර්තා වේ. එම ප්‍රදේශයේ ඇතැම් නිවෙස්වල මෙම බෝනික්කන් තවමත් සුරක්ෂිතව පවතින බව එය ඇසින්දුටු මාගේ මිත්‍රයෙක් මා සමග පවසන ලදී. මෙහි එන තොරතුරු බොහෝමයක් හා දැනගත්තේ ඔහුගෙනි.

ශ්‍රී ලංකාවේ රූපගත කරන ලද මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් ඔබ අනිවාර්යයෙන් නැරඹිය යුතුය. මන්ද මීට දශක හයකට පෙර කාලයේ ලංකාවේ පසුබිම ඉතා පැහැදිළි දසුන් සහිතව නැරඹීමට හැකිවන එකම අවස්ථාව මෙයවන බැවිනි.  මෙම චිත්‍රපටය 1957 එකක් වුවද කැමරාකරණය, පැහැදිළි බව කාලයේ හැටියට ඉතාමත් හොද මට්ටමක පවතී. එබැවින් එකල වටපිටාව එතරම් සුපැහැදිළි දසුන් සහිතව සිංහල චිත්‍රපටයකින් වත් අපට දැකගත හැකිවන්නේ නැත.


මෙම අවස්ථාව  ඔබට ලබාදීමට සිරසි කණ්ඩායම සැදී පැහැදී සිටිමු. එනම් හෙට දිනයේදී The Bridge on the River Kwai[1957] චිත්‍රපටය සිංහල උපසිරසි සමගින් ඔබ වෙත සමීප කරන්නට අපි සූදානමින් සිටින්නෙමු. එතෙක් අප සමග රැදීසිටින්න. හෙට දිනයේදී එම අත් දැකීම ඔබට විදගැනීමට අවස්ථාව උදාවෙනු ඇත.
                                   -දුලාන් තනුශංක සිල්වා
                                    පේරාදෙණිය විශ්ව විද්‍යාලය

1 comment:

  1. නියම වැඩක් මචං කිසිම සයිට් එකක තාම මේකේ සිංහල සබ් දීලා නැහැ.හෙට අනිවා අපි සබ් බා ගන්නවා.එළ එළ...

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger