IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

අතීතය සහ වර්තමානය අතර සටන

Post by Unknown | at 2:16 PM | 1 Comments | Categories

Men In Black 3 (2012)

සිංහල උපසිරසි සහිතව



ඔන්න මේ පාර Men In Black 3 ෆිල්ම් එකේ සිංහල උපසිරසි දැම්මේ මම. මීට කලින් අපේ සයිට් එකෙන් මේ ෆිල්ම් එකේ පළමු කොටස සහ දෙවන කොටස්වල සිංහල සබ් දුන්න නිසා තුන්වෙනි එකටත් දාන්න හිතුනා. ඉතිං මේ ෆිල්ම් තුනෙන්ම Men In Black 3 ෆිල්ම් එකේ තමයි වැඩිම IMDB අගයක් තියෙන්නේ, ඒක 7.8ක් වෙනවා. මේ චිත්‍රපටියේ රග දක්වන්නෙත් Will Smith සහ Tom Lee jones යන සුපිරි නළුවන් දෙදෙනාම තමයි. මේ චිත්‍රපටිය මේ අවුරුද්දේ ගොඩක් ජනප්‍රිය වුන චිත්‍රපටියක්.
ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කිව්වොත් ප්‍රධාන නියොජිතයෙක් වන K විසින් 1969 දී බොරිස් නැමැති පිටසක්වල නපුරු සතෙක් අල්ලා හිර කරලා තියෙනවා. ඉතිං ඔහු අවුරුදු 40කට වැඩි කාලයක් එම හිර ගෙදර ඉදලා හිර ගෙදරින් පැනලා යනවා. ඒ බොරිස් කියන නපුරු සතාගේ අත K විසින් කපලා දාලා තියෙන්නේ, බොරිස් කරන්නේ හිරෙන් පැනලා ගිහින් අතීතයට යන උපකරණයක් තියෙන මිනිහෙක් හම්බෙන්න යනවා. ඔහුගේ උදව්වෙන් අතීතයට ගිහින් නියොජිත  K ව  මරලා දානවා. මේ අවස්ථාවේ ඇමරිකාවට විශේෂිත දිනයක්, ඒ 1969 ජුලි 15 මිනිසා සද මතට පා තැබීමට රොකට්ටුව පිටවු දිනය. නියොජිත J මේ ගැන දැනගන්නවා. මින්පසු J කුමක් සිදු කරයිද? ඔහුට අතීතයට ගොස් තම මිත්‍රයාව බේරා ගැනීමට හැකිවෙයිද?


මේ ඔක්කොම කතාව හොදට රසවිදින්න පුළුවන් අපේ සිංහල සබ් එක දාගෙන ෆිල්ම් එක බැලුවහම. මේ මගේ පළමු සිංහල උපසිරසි නිර්මාණය. මේක බලලා හොද නරක කියන්න. නැවත මේ වගේම හොද නිර්මාණයකින් හමුවෙමු.

                  සිංහල උපසිරසි මෙතනින් බා ගන්න
                 715 MB කොපිය මෙතනින් බා ගන්න
                       ට්‍රේලර් එක මෙතනින් බලන්න


සිත්මි ඉන්දුචාපා රණසිංහ



1 comment:

  1. මැක්සා සබ් එකක්..නියමයි..

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger