IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ඇ. එ. ජනපදයේ අභිරහස් UFO කලාපය Area 51

Post by Unknown | at 8:32 AM | 11 Comments | Categories

                        Area 51 හි අභිරහස...



අපි ගොඩක් දෙනෙක් පිටසක්වළ ජීවීන් සම්බන්ධ තොරතුරු දැනගන්න ආසයි. සමහරුනම් කියන්නෙ පිටසක්වළ ජීවීන් කියලා ජාතියක් නෑ කියලා. ඒත් ඉතාමත් විශාල විශ්වයේ ඕන තරම් අපිට වඩා දියුණු ජීවී කොට්ඨාශ ඉන්න ඉඩ තියෙනවා නේද? ඒ නිසා ඒගොල්ලන්ට අපේ පෘථිවියට එන්න මහ වෙලාවක් යන්නෙ නැතුව ඇති. මේ පිටසක්වළ ජීවීන්ව ඇසින් දුටු අය නම් ලෝකයේ ගොඩක් තැන්වලින් වාර්තා වෙලා තියෙනවා. ඒවගේම මායා ශිෂ්ටාචාරය වගේ පැරණි ශිෂ්ටාචාරවලින්ද මේ ගැන (UFO- Unidentified Flying Object) විවිධ සිතුවම් හා මූර්ති මගින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. මේ ලිපියේ අරමුණ එම ඓතිහාසික සාධක විමර්ශනය කිරීම නොවේ. 

මේ ලිපිය කියවන බොහෝ දෙනෙකු ඇ.එ. ජනපදයේ  Area 51 කලාපය ගැන අසා ඇති. තවත් අය ඒගැන නොදන්නවා වෙන්නටත් පුළුවන්. ඒ නිසා මේ ගැන ටිකක් විස්තර හොයලා ඔයගෝල්ලන් එක්ක ඒ දැනුම බෙදාගන්න මට හිතුණා. Area 51 ගැන කරුණු ටිකක් දැනගන්න කලින් අපි රොස්වෙල් සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු  ටිකක් විමසා බලමු. මොකද රොස්වෙල් හා Area 51 අතර සබදතාවයක් තියෙන නිසා පිටසක්වළ ජීවීන් ගැන කතාකරනකොට අමතක කරන්න බැරිම තැනක් තමයි රොස්වෙල් කියන්නෙ.

ඓතිහාසික රොස්වෙල් සිද්ධිය

1974 දී සිදුවූ රොස්වෙල් සිද්ධියත් සමග පියාඹන පීරිසි පිළිබදව ලෝකයේ බොහෝදෙනා කතාකිරීමට පෙළඹුණි. 1974 ජුලි මාසයේදී මෙක්සිකෝවේ රොස්වෙල්හිදී මෙය සිදුවී තිබේ. ඉදිරිපත්වී ඇති තොරතුරුවලට අනුව මෙහිදී සිදුව තිබෙන්නේ පිටසක්වළ යානාවක් කඩාවැටීමකි. මෙහිදී එහිසිටි ජීවීන් හයදෙනෙකුගෙන් පස්දෙනෙකුම මියගියබවත් ඉතිරිවූ අනෙක් ජීවියා Area 51 හි බලධාරීන්ට හමුවූ අතර එම ජීවියා හා අනෙක් මියගිය ජීවීන් Area 51 වලට රැගෙන ගොස් විවිධ පර්යේෂණවලට ලක්කළ බවත් වාර්තා වේ. 
                රොස්වෙල් හිදී කඩාවැටුණු යානය හා ඒහි සිටි ජීවීන්

රොස්වෙල් සිද්ධියත් සමග පිටසක්වළ ජීවීන් සම්බන්ධව ලැබුණු තොරතුරු දීර්ඝකාලයක් තුළ විද්‍යඥයින් සහ විවිධ විද්වතුන් විසින් කරන ලද අනුමානයන් සනාථ වූ බව පෙන්වාදිය හැකිය. එහෙත් ගැටළුව මෙහිදී වඩාත් සංකීර්ණ විය. එනම් අනතුරට පත් පිටසක්වළ යානය සහ එහි ගමන්ගත් ජීවීන් පිළිබද සත්‍ය තොරතුරු ලෝකයා වෙත යාම වැළැක්වීම සදහා ඇ. එ. ජනපද බලධාරීන් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා පිටසක්වළ ජීවීන් සහ හදුනානොගත් පියාඹන වස්තු පිළිබද කුතුහලය තවදුරටත් ලොවපුරා වර්ධනය විය.

ලෝකයාට  UFO පිළිබද ජීවමාන සාක්ෂි ලබාදුන් රොස්වෙල් සිද්ධිය හරහා ලැබුණු තොරතුරු නොසගවා එළිදරව් වූයේ නම් තත්වය මීටවඩා වෙනස් වන්නට ඉඩ තිබුණි. පසු කලෙක ඇ. එ. ජනපදය මගින් මෙබදු සිද්ධියක් නොවූබව පැවසීමද සැකයට තුඩු දෙන සාධකයකි. කෙසේ වුවද රොස්වෙල් සිද්ධිය හා Area 51 අතර සෘජු සබදතාවයක් තිබේ. 

Area 51 කලාපයට යමු

විවිධ තොරතුරුවලින් සනාථවන ආකාරයට ඇ. එ. ජනපදයේ Area 51 කලාපය ඉතා රහසිගත ප්‍රදේශයක්වන අතර ඒ තුළ සිදුවන ක්‍රියා සම්බන්ධ තොරතුරු ලෝකයා හමුවට පැමිණීමට තිබෙන ඉඩකඩ ඉතාමත් සීමිතය. ඇ. එ. ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ සිට වයඹ දිශාවට 190km පමණ දුර ගෙවන්නෙකුට එතැන්සිට හමුවන්නේ ශුෂ්කවූ බිම් තීරුවකි. මෙය නෙවාඩා ප්‍රාන්තයේ නෙවාඩා පර්යේෂණ මධ්‍යස්ථානයේ සීමා මායිම් ඇතුළත පිහිටි නෙලිස් කදුවැටියේ සිට උතුරු දෙසට විහිදුණු අභිරහස් භූමි ප්‍රදේශයකි. 

මෙම භූමි ප්‍රදේශය යම්කිසි අද්භූත දෙයකට කැපවී ඇතිබව බොහෝ දෙනාගේ විශවාසය වේ. මෙම Area 51 හි සිදුවන රහස්‍ය ව්‍යාපෘතීන් පිළිබදව මුළින්ම වාර්තාවන්නට පටන් ගත්තේ 1954 වර්ෂයේ සිටය. පිටසක්වළ ජීවීන් සතුවූ දියුණු තාක්ෂණයක් භාවිතා කරමින් ඇමරිකාව ප්‍රහාරක යානා නිපදවන බව ඇතැම් අයගේ මතය වී තිබේ. ඇෆ්ගනිස්ථානය, ඉරාකය වැනි රටවලට පහරදීම සදහා ඇ. එ. ජනපදය යොදාගත් ප්‍රහාරක ගුවන්යානා නිපදවීමට යොදාගත්තේ පිටසක්වළ තාක්ෂණය බව මෙහිදී ගොඩනැගෙන ප්‍රධාන තර්කයයි. ඒ අනුව U-2 වැනි ඔත්තු බැලීමේ යානාද ඉරාකයට පහරදීම සදහා භාවිත කළ T-22 වැනි ප්‍රහාරක යානාද මෙහි නිපදවූ දියුණු තාක්ෂණයක් සහිත ප්‍රහාරක යානා බවට විශ්වාස කෙරේ.

Area 51 හි වෙසෙන විද්‍යාඥයන් ඉතාමත් අභිරහස් ජීවිතයක් ගතකරන බවත් ඔවුන් ඒ තුළදීම විවිධ රෝගාබාධයක්ට ලක්වී මියයන බවත් පැවසේ. මේ සම්බන්ධයෙන් ඉතාමත්ම වැදගත් තොරතුරු රැසක් හෙළිකරනු ලබන්නේ 'රොබර්ට් බොබ් ලසාර්' නැමති පුද්ගලයෙකි. 1988 වර්ෂයේදී මොහු 'ගෘම්' නම් විල අසල රහසිගත පර්යේෂණාගාරයක කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට ගොස් ඇත. මේ අතර s4 නම් වූ පොළව යට තැනූ පර්යේෂණාගාරයක සේවය කිරීමට මොහුට සිදුවී තිබේ. එහි එක් පසෙක තිබූ අමුතුම ආකාරයක යානාවක් දැක මොහු මවිතයට පත්වී තිබේ. එම යානාව රවුම් හැඩයකින් යුක්ත වූ අතර එහි කිසිදු තැනක පෘථිවියේ යානාවක මෙන් ඇණ හෝ පෑස්සුම් සිදුකළ ස්ථාන කිසිත් දැකගැනීමට ලැබී නැත. ඔහු එම යානය සිතුවමට නගා තිබෙන අතර එය පියාඹන පීරිසියක හැඩය ගන්නා බව බොහෝ දෙනාගේ අදහසයි. 

කෙසේ වුවද බොහෝදෙනා පවසන්නේ Area 51 කලාපය හරහා ඇ.එ. ජනපදය පිටසක්වළ සමග සබදතා පවත්වන බවයි. මෙම ප්‍රදේශයේ විවිධ අද්භූත එළි විවිධ පිරිස් විසින් දැක තිබීම මෙයට සාක්ෂියකි. NBC නම්වූ ජනමාධ්‍ය ආයතනයේ ජනමාධ්‍යවේදීන් පිරිසක් 1999 අප්‍රේල් මාසයේදී Area 51 කලාපයට ඉහළින් පියාසර කළ වස්තුවක් රූපගත කිරීමට සමත්වී තිබෙන අතර එය අප්‍රේල් 20 වන දින රූපවාහිනියේද ප්‍රදර්ශනය කර තිබේ.

මේ ආකාරයට ඇ. එ. ජනපදය කුමක් පැවසුවද Area 51 කලාපය ලෝකයෙන් වසන් වූ විශාල අභිරහසක් රැගත් ප්‍රදේශයක් බවනම් පැහැදිළිය. විශේෂයෙන් පිටසක්වළ සමග තිබෙන සබදතාවය මෙයින් ප්‍රමුණස්ථානයක් ගනී. මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාරය මත 'පිටසක්වළ ජීවීන් සම්බන්ධ බෞද්ධ විග්‍රහය' හා 'ලෝකයේ පිටසක්වළ ජීවීන් සැබවින් දුටු මිනිස්සුන්ගේ ප්‍රකාශ' (ලංකාවද ඇතුළත්ව) යනුවෙන් ලිපි දෙකක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මේ තොරතුරු පිළිබදව දැනගැනීමට රුචිකත්වයක් ඇත්නම් ඉදිරි ලිපි දෙක සදහා මා යොමුකරවීමට පහතින් ඔබගේ අදහස් ටිකක් තියලා යනවනම් ගොඩක් වටිනවා.  

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය
  

11 comments:

  1. Niyama letter ekak mchan

    ReplyDelete
  2. Niyamai. Man godak asa Mathrukawak. Ara lipi 2th pala karanawanam hodai.

    ReplyDelete
  3. Niyamai mewa thamai lipi kiyyanne

    ReplyDelete
  4. කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි. මම අනිත් ලිපි දෙකත් ළගදීම ලියලා දාන්නම්.

    ReplyDelete
  5. අපි ඔබ " AREA 51 " දන්නා රහස බොරුවක් ???
    http://theachcharuptuwa.blogspot.it/2012/09/area51.html

    ReplyDelete
  6. එල..! අර ලිපි දෙකත් ඉක්මනටම දාන්න

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger