IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

අමරණිය වී අනාගතය දකිනා තාක්ෂණය

Post by Unknown | at 7:34 AM | 3 Comments | Categories

ශීත කල මිනිස් සිරුරු අනාගතයට යවන හැටි..

 

 

 

අමරණිය වෙන්න අනාගතයට ගිහින් ඒ වෙනකොට තාක්ෂණික වෙනස බලන්න කවුද අකමැති.දැන් ඒ අදහසත් සැබෑවක් වෙන්න පටන් අරගෙන.අද මේ ලිපියෙන් මම විස්තර කරන්න යන දේ ඔයාලා ගොඩ දෙනෙක් කවදාවත් අහලා නැති ඒත් ඇමරිකා එක්සත් ජනපදයේ මීට දශක 3කටත් පෙර පටන් ගත්ත ව්‍යාපෘතියක් ගැන.ඇත්තටම ඇමරිකාව කියන්නේ හරි පුදුම විදිහට විද්‍යාත්මක පරීක්ෂණ කරන රටක්.ඔවුන් 1960 දශකයේ අග භාගයේදී හොයා ගත්තා මිනිසුන්ගේ සිරුරු අධිශීත තත්වයට පත්කරලා එම සිරුරු වසර දහස් ගණනාවක් සංරක්ෂණය කරලා තියාගන්න පුළුවන් ක්‍රමයක් ගැන.මෙහිදී අනාගතයේ ඒ කියන්නේ වසර දහසකින් පසුව වුවත් එම පුද්ගලයන්ට ජීවය නැවත ලබාදිය හැකි බවයි විශ්වාස කරන්නේ.මේකට කියන්නේ cryonics ක්‍රමවේදය කියලා.

ඇත්තටම cryonics කියන්නේ මොකද්ද?


 
cryonics කියන්නේ −200ºF පමණ ඉතා පහළ උෂ්ණත්වයකදී මිනිස් සිරුරක් හො සුරතල් සතෙක් පරිරක්ෂණය,එහෙමත් නැත්තම් කල්තබාගැනීමේ ක්‍රමයක්.මෙහිදී යම් පුද්ගලයෙකු මිය ගිය වහාම පළමු පැය ඇතුළත cryonics ක්‍රමවේදය මගින් මිනිස් සිරුර පරිරක්ෂණය කෙරෙනවා.ඉන්පසු මෙම සිරුරු විශේෂිත නළ තුළ පරිරක්ෂණයට භාජනය කෙරෙනවා.මනිසුන් දිනෙන් දින දියුණු වන නිසා තවත් වසර දහසකින් පමණ මෙම සිරුරු සදහා ජීවය ලබා ලබාදිය හැකි ක්‍රමවේදයක් ඒ වනවිට විද්‍යාඥයන් හට සොයාගත හැකි වූ විට මෙම පරිරක්ෂණය කළ මිනිස් සිරුරුවලට නැවත ජීවය ලබා දී ඔවුන්ට අනාගතය නැරඹීමට ඉඩකඩ ඇති බවයි විශ්වාස කරන්නේ.


ගොඩක් ලෙඩරෝග ඇතිවන්නේ සෛලවල ඇතිවන විකෘතිතා නිසා,වයසට යාම කියන්නෙත් එක්තරා රෝගයක් ලෙසයි විද්‍යාඥයන් හදුන්වන්නේ cryonics පරීක්ෂණ සිදුකරන විද්‍යාඥයන් පවසන්නේ තවත් වසර ගණනාවකින් අනාගතයේ දියුණු තාක්ෂණික දැනුමෙන් මෙම වයස්ගතවීමට පිලියම් සොයාගෙන වර්තමානයේ cryonics කරණය කළ සිරුරු අනාගතයේදී නැවත ජීවී තත්වයට පත්කිරීමට හැකි වන බවයි.නමුත් ඒක සිද්ධ වෙන්න තව අවුරුදු 1000ක් වුනත් ගතවෙන්න පුළුවන්.ඒ වෙනකන් මේ සිරුරු කෘතිම නින්දකට සමානව සුරැකී පවතිනවා.



මේ දේවල් සමහර විද්‍යාඥයන් විසින් පිළිගන්නේ නැහැ.ඔවුන් පවසන්නේ මෙහි අර්ථයක් නැති බවයි.1885දී ලෝඩ් කෙල්වින් (Lord Kelvin)නම් විද්‍යාඥයා පැවසුවේ ලෝහවලින් තැනූ බර යානා අහසේ පියාසර කළ නොහැකි බවයි.නමුත් අදවන විට විශාල ලෝහ ගුවන් යානා අහසේ ගමන් කරනවා.ඒ වගේම මීට දශක කිහිපයකට පෙර බොහෝ විද්‍යාඥයන් ක්ලෝනකරණය කියන්නේ කළ නොහැකි දෙයක් බව පැවසූවා.නමුත් දැන් ඒ මතයත් බොරුවක් වෙලා.ඒ වගේම මේ cryopreservation ක්‍රමය මගින් අද වර්තමානයේ ජීවත් වෙන මිනිසුන්ට මීට වසර දහසකට පසුව පවතින අනාගතය කරා යන්නත් පුළුවන් වෙයි නේද?

මෙතනදි සිදුවන ක්‍රියාවලිය.

 

මෙම ක්‍රියාවලිය සිදු කිරීමට නීතියෙන් අවසර දීලා තියෙන්නේ මැරුණු මිනිසුන්ගේ සිරුරු වලට පමණයි.මොකද නැත්තම් පණපිටින් මේ ක්‍රියාවලියට යන්න ගියොත් එය මානව නීති උල්ලංඝණයක් වෙනවා.ඒත් ඇත්තටම මැරෙනවා කියන එකේ තේරුම මොකද්ද?ඒකේ තේරුම තමයි අපේ හෘද ස්පන්දනය නතර වෙන එක.ඒත් හෘද ස්පන්දනය නැවතිලා පැය ගණනාවක් යනතුරු අපේ සිරුරේ බොහෝ සෛල,ඒ වගේම මොළයේ ඇතැම් සෛල ජීවී තත්වයේ පවතිනවා.හෘද ස්පන්දනය නැවතිලා පළමු පැය ඇතුලත රුධිර නාළිකාවල ලේ කැටි ගැහිලා රුධිර නාළ හානි වෙන්න පටන් ගන්නවා.
Cryonics කරණයේදී සිදුවන්නේ මිනිසෙක් මිය ගිය වහාම(එනම් හෘද ස්පන්දනය නැවතුනු පසු)පළමු පැය ඇතුළත ඔහුව ශීතකාරක යොදලා සිරුර අභ්‍යන්තරය මිදීමකට (freezing)ලක්කරනවා.මෙතනදි ඔයාලට ප්‍රශ්ණයක් එන්න පුළුවන් මිනිස් සිරුර අයිස් කුට්ටියක් වගේ මිදීමකට ලක් කරනවද කියලා.ඇත්තටම එහෙම දෙයක් මෙතනදී වෙන්නේ නැහැ.එහෙම වුනොත් සිරුර තුළ අයිස් කැට හැදිලා සිරුරේ අභ්‍යන්තර පටක,සෛලවලට හානි වෙන්න පුළුවන්.මේ සදහා යොදා ගන්නේ ප්‍රති මිදවීමේ සාධක මිශ්‍රණයක්(Anti freezing mixture)මෙම මිශ්‍රණය "Cryoprotectants" කියලා හදුන්වනවා.


මෙමගින් සිරුර තුළ ඉතා අඩු උෂ්ණත්වයක් පවත්වාගෙන යන අතරතුර සිරුරේ අයිස් කැට නිර්මාණය වී අවයව වලට සිදුවන හානිය වැළකෙනවා.සිරුර තුළට ඉතා පහළ උෂ්ණත්වවලදී මේ Cryoprotectants මිශ්‍රණය ඇතුල් කළහම සිරුරේ රුධිර නාළ පටක උභ්‍යන්තරය යන මේ සියල්ල වීදුරුවක පෘෂ්ඨයේ ආකාරයට මිදවීමට(freezing)ලක්වෙනවා.නමුත් මෙය අයිස් මීදීම හා සමානව පටකවලට හානි කරන්නේ නැහැ.

මිනිස් සිරුරු සත්ව සිරුරු −200ºF උෂ්ණත්වයේ තිබුණම වසර දස සහස් ගණනාවක් ආරක්ෂා වෙනවා.හිම යටින් සොයාගත් ලෝම මැමත්ගේ සිරුර වසර දහස් ගණනක් ආරක්ෂා වෙලා තිබුනෙත් එහෙමයි.

cryonics සිදුකරන සමාගම්...


 
cryonics කරණයේ පියා ලෙස හදුන්වන රොබට් එටින්ගර් Robert ettinger විසින් CI(cryonics Institute) නම් ආයතනයක් පිහිටවනු ලැබුවා.cryonics කළ සිරුරු ද්‍රව නයිට්‍රජන් අඩංගු සිලින්ඩර තුළ පරිඝණක මගින් ස්වයංක්‍රීයව පාලනය වන උෂ්ණත්ව යටතේ එම ආයතනයේ තැන්පත් කරනවා.මෙය ඇමරිකාවේ මිචිගන්වල පිහිටා තිබෙනවා.මෙහි සාමාජිකත්වය ඔබටත් ලබාගෙන මීට වසර දහසකට පමණ පසු නැවත මරණයෙන් නැගිට අනාගතය නැරඹිමට හැකියාව තියෙනවා.හැබැයි මේකට යන වියදම නම් ටිකක් සැරයි.CI සාමාජිකත්වය සදහා ඩොලර් 1250ක් වැයවෙනවා.ඔබේ සිරුර අනාගතයට පරිරන්ෂණය කරන්න කැමති නම් ඩොලර් 28000ක් ගෙවන්න වෙනවා.ඒ වගේම සෑම වසරකම ඩොලර් 120ක් ගෙවන්නත් ඕනේ.
මේ විදිහට පරිරක්ෂණය කරපු සිරුරු 100ක් පමණ ඔවුනට දැනට පවතින බවයි කියන්නේ.
Dr. James Bedford(මනෝ වෛද්‍යවරයෙකි),Dick Clair Jones(චිත්‍රපටි සහා වෙළද දැන්වීම් අංශයේ),Ted Williams වැනි විවිධ පුද්ගලයන් මෙන්ම බේස්බෝල් ක්‍රීඩකයන්ගේ සිරුරු පවා මේ වනවිට cryonics ක්‍රමවේදයට ලක්කර තිබෙනවා.සුප්‍රසිද්ධ චිත්‍රපට හා කාටුන් අධ්‍යක්ෂ වොල්ට් ඩිස්නි(Walt Disney) පවා මේ ක්‍රමවේදයට ලක් වී ඇති බව කටකතාවලින් පැවසෙනවා.නමුත් එහි සත්‍යතාවය තවමත් හෙලි වී නැහැ.



කොහොම වුනත් මේ ක්‍රමවේදය මගින් වර්තමානයේ මියගිය පුද්ගලයන්ට අනාගතයේ ඇත්තටම මරණයෙන් නැගිටින්න පුළුවන් වුනොත් ඔවුන්ට අනාගතයේ පවතින අමුතුම ලෝකය නරඹන්න පුළුවන් වෙයි.ඇමරිකාවේ ධනවතුන් බොහොදෙනෙක් තමන් මියගිය පසු මෙම cryonics ක්‍රමවේදයට ලක් වී අනාගතය නැරඹීමට ආසාවෙන් ඉන්නවා.හැබැයි මේක සාර්ථක වෙයිද කියන එක රදා පවතින්නේ අනාගතයේ බිහිවන විද්‍යාඥයන් මතයි.

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

(තුසිත රුවන් කරවිට සහෝදරයා විසින් ලබාදුන් අදහසක් අනුව මා විසින් අන්තරජාලයේ තොරතුරු ලබාගෙන මෙය සකස් කරන ලදි)

3 comments:

  1. නියම ලිපිය මචං. හරියට ෆිල්ම් ඒකක් බැලුවා වෙග්. ෆිල්ම් වල තිෙයන කතා කාලයක් ගියහම අැත්ත ෙවනවෙන. ඉතිං කවදා හරි ෙම්කත් අැත්ත ෙවයි. හැබැයි ෙලා්ක ජනගහනයනම් තව ටිකක් වැඩි ෙවයි. ඒත් ඒෙකන් ෙලාකු බලපෑමක් ෙවන ඒකක් නෑ. ෙම් වෙග් ෙනාදන්න ෙතාරතුරු ගැන අපිව නිතරම දැනුවත් කරන්න....

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger