IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

සත්‍ය හොල්මන් කතාවක්

Post by Unknown | at 4:37 PM | 1 Comments | Categories

                     සීයා‍‍ මළවුන් අතරින් නැගිටියි




අප සියළු දෙනාම හොල්මන් ගැන දන්නවා ඇති.ඒ වගේම හොල්මන් දැකපු සමහර කට්ටයත් ඉන්නවා.ඔවුන් පවසන දේවල් අනුව හොල්මන් අවතාර කියන්නේ විරූපී ඉක්මණින් අතුරුදන් වන හෝ ලේ පිපාසයෙන් පෙලෙන අය වෙන්න පුළුවන්.ටිකක් පසුපස හැරිලා බලන්න ඔබ මේ ලිපිය කියවන වෙලාවෙත් එබේ පිටුපසින් හොල්මනක් සිටිය හැකියි.ඇත්තටම බොහෝ අය හොල්මන් අවතාර දැකලා තියෙන්නේ රාත්‍රියේදී.ඇත්තටම හොල්මන් ඉන්නේ රාත්‍රියේ විතරද?නැත්තම් හොල්මන් කියන්නේ අපේ හිත ඇතුළේ සිතුවිලි ටිකක් විතරද?ඒ අදහස නම් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.ඒත් මම නම් තදින්ම විශ්වාස කරනවා හොල්මන් අවතාර කියන කොටසක් ඉන්නවා කියලා.

මම මේ සදහන් කරන නිවසේ සිදු වු සිදුවීම කෙලින්ම කියන්නම්.හැබැයි මේක ඇත්තම සිද්ධියක්.මොකද මේක සිද්ධ වුණේ මගේ ගෙදරම නිසා.මේ අත්දැකීමට මුහුණ දුන්නේ මගේ දෙවනි අයියා.මේ අගෝසතු මාසයේ මුල් හරියේ දවසක,එදා රෑ හරිම රස්නෙයි.ඉතිං අයියා කොට්ටෙයි පොරෝණයයි අරගෙන,සාලයට ගියා නිදාගන්න කියලා,කොහොමහරි මෙයාට නින්ද ගියා මැද සාලේ.දැන් මම ඔයාලට අපේ සාලේ ගැන පැහැදිලි කිරීමක් කරන්නම්.සාලේ ටිකක් ලොකුයි,ජනේල් පේළි දෙකක් තියෙනවා.එකක් පාර පැත්තට වෙන්නටයි.අනික ප්‍රධාන දොරටුව තියෙන පැත්තයෙ තියෙන්නේ.පාර පැත්තට මුහුණ දාලා තියෙන ජනෙල් පේළිය ඉදිරියෙන්පුටු සැටියක් තියෙනවා ඒ පුටු සැටියට වම් පැත්තෙන් එක ප්ලාස්ටික් පුටුවක් තියෙනවා පළවෙනි ජනේලය ළග.


අපේ සීයා මීට මාස 04කට කලින් මිය ගියා.මිය යන්න කලින් එයා වැඩිපුරම වාඩි වෙන්නේ ඒ පුටුවේ.අපේ අයියා නිදාගෙන තියෙන්නේ මේ පුටු සෙටිය පැත්තට ඔළුව දාගෙන.රාත්‍රී 1-2 පමණ වන විට අයියට ඇහැරිලා තියෙනවා.මම අර මුලින් කියපු තනි ප්ලාස්ටික් පුටුව ඒ අවස්ථාවේදී දැකලා තියෙනවා.හැබැයි පුටුව හිස්ව නෙමෙයි තිබිලා තියෙන්නේ.සුපුරුදු චායාවක් ඒ පුටුවේ ඉදගෙන ඉන්නවා එයා දැකලා තියෙනවා.අපේ අයියා නැවතත් ඇස් දෙක පිහදාලා ඒ දිහා බලලා තියෙනවා එතකොට මෙයාට පෙනිලා තියෙනවා ඒ පුටුවේ ඉන්නේ ටික කලකට පෙර නැතිවුණ සීයා කියලා.

අයියා නැගිටලා සාලේ ලයිට් එක දාන්න ගිහින් තියෙනවා.ඒ යනකනුත් සීයා මෙයා දිහා බලන් ඉදලා තියෙනවා.කොහොමහරි ලයිට් එක දානවත් එක්කම අයියා පුටුව දිහා බලලා තියෙනවා.මීට ස්වල්ප මෙහොතකට පෙර සීයා  හිටපු පුට දැන් හිස්ව තිබෙන බව මෙයා දැකලා තියෙනවා. අයියා ගිහින් තියෙනවා අම්මව නැගිට්ටවන්න.අයියා අම්මට විස්තරේ කියලා අයෙත් සාලෙට යනකොට අම්මත් පස්සෙන් ගිහින් තියෙනවා බලන්න. ඊට පස්සේ අයියා ලගින්ම අම්මා නිදාගෙන.අයියට පැය භාගයක් විතර යනක් නින්ද ගිහින් තිබුණේ නැහැ.කොහොමහරි අයියා ආයෙත් පුටුව දිහා බලලා තියෙනවා.ඒත් ලයිට් එක දැම්මාම හිස්වුණ පුටුව මත නැවතත් සීයා වාඩි වෙලා බලාගෙන ඉන්නවා දැකලා තියෙනවා.අයියා ටිකක් වෙලා බලන් ඉදලා අම්මට හිමීට කතාකරලා අම්මව නැගිට්ටවලා ඒක පෙන්වන්න.ඒත් පුදුම වැඩේ කියන්නේ අම්මට ඒක පේන්නේ නැහැලු.

ඒත් අයියාට තාමත් පේනවලු.අම්මා නැගිටලා පුටුව ළගට ගිහින් අයියාට කියලා තියෙනවා මෙතන කවුරුත් නැහැ කියලා.ඒත් තාමත් අයියට පේනවලු.මේ සමගම ඒ වෙලාවේ දැකලා තියනවා සීයා පුටුවෙන් නැගිටලා ළග ඉදපු අම්මගේ ඔළුව අතගාලා අතුරුදන් වෙනවා.එදා සිට අද දක්වා සීයා ළග ඉන්නවා දැකලා තියෙනවා ඒත් තාම අපිට පෙනිලා නැහැ.මේ කතාව කෙටි වුණාට සම්පූර්ණයෙන් සත්‍ය සිද්ධියක්.මේ කතාවට බොරු කෑලි දාලා ඇදගෙන යන්න තිබුණා.ඒත් පාඨක ඔබට මම මේ කතාවේ සම්පූර්ණ ඇත්ත ටික කිව්වා.

මගේ මීළග ලිපිය --- මැදියම් රැයේ බිත්තිය දිගේ ගිය යක්ෂණිය ගැන ඔබට කියන්නම්.

I-3 හැරී

1 comment:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger