IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ලොව ප්‍රථම මිනිස් මොළයේ සිතියම එළිදකී (Brain Atlas)

Post by Unknown | at 8:38 AM | 0 Comments | Categories

    මොළය සම්බන්ධ පර්යේෂණ රැසකට මංපෙත් විවර වෙයි‍


මිනිස් සිරැරේ තිබෙන ප්‍රධානම කොටස මිනිස් හිසයි. මිනිස් හිස තුළ සිරැරේ වටිනාම කොටස අන්තර්ගත ‍වේ. එය නම් මිනිස් මොළයයි. සිරැරේ සියළු ඉන්ද්‍රීන්, පද්ධතීන් ක්‍රියාත්මකවන්නේ මොළයෙන් කරනු ලබන විධානවලට අනුවය. මොළයෙහි ක්‍රියාකාරිත්වය අඩපණ වුවහොත් ජීවියා මිය ගියා හා සමානය. එබැවින් මොළය මිනිසාට මෙන්ම සෑම ජීවියෙකුටම අත්‍යවශ්‍යවන සාධකයකි. මිනිසාගේ හැගීම් නිශ්චය කරන මිනිස් සිතද අන්තර්ගත වන්නේ මෙම මොළය තුළ බව පර්යේෂණ වලින් අනාවරණය වී තිබේ.

මොළයේ සිතියම නිරිමාණය කිරීම සදහා මියගිය අවුරුදු 24 ක් වයසැති හා අවුරුදු 39 ක් වයසැති පුද්ගලයන් දෙදෙනෙකුගේ මොළයන් මේ සදහා යොදාගෙන තිබේ. එමෙන්ම මියගිය තවත් පුද්ගලයෙකුගේ මොළයෙන් හරි අඩක්ද මේ සදහා භාවිතාකර තිබේ. සියැටල්හි ඇලන් පර්යේෂණායතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින් සිදුකළ මෙම පර්යේෂණය මගින් මොළයේ අන්තර් සම්බන්ධතාවය සහ එහි ව්‍යුහය සවිස්තරව පැහැදිළි කරන සිතියමක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබී ඇත. මෙම මොළයේ සිතියම මගින් ස්නායු පිළිබද පර්යේෂණ කටයුතු තවදුරටත් පහසුවෙන් සිදුකිරීමට විද්‍යාඥයන්ට හැකිවනු ඇතිබව විශ්වාස කෙරේ.


මොළයේ ඉතා සියුම් කොටස් හා ඒවායේ ක්‍රියාකාරිත්වය පිළිබදව අවබෝධයක් මෙම සිතියම මගින් ලබාගත හැකි බැවින් මිනිසාගේ මානසික ස්වභාවයන් පිළිබද නවතම තොරතුරු හෙළිකරගත හැකිවනු 
ඇතිබව විද්‍යාඥයෝ මත පලකරති. විශේෂයෙන් උඩුසිත හා යටිසිතෙහි ක්‍රියාකාරිත්වය මත පුනර්භවය වැනි සංකල්පයන්වල සත්‍ය අසත්‍යතාව මෙමගින් විද්‍යානුකූලව තහවුරු කරගත හැකිවනු ඇත. ඒ තුළින් ඇතැම් ආගමික සංකල්පයන්ට බලපෑමක් එල්ල වුවද එයින් ලෝකයාට සත්‍ය එළිදරව්වන බවනම් නොරහසකි. බොහෝවිට බුදුදහමේ එන ආගමික සංකල්ප තවදුරටත් තහවුරු වීමක් මෙමගින් සිදුවිය හැක.

මෙම සිතියම නිර්මාණය කිරීමේදී මොළය සියුම් කැබලිවලට කොටස් කිරීමට පෙර සම්පූර්ණ තත්වයේ තිබියදී ඒවා ස්කෑන් කිරීමට ලක්කර තිබේ. කොටස් කිරීමෙන් අනතුරුවද එහි සෑම කොටසක්ම එකින්නෙක ස්කෑන්කර තිබේ. ඒ තුළින් මිනිස් මොළයේ ජාන 20,000 ක් ක්‍රියාකාරිත්වයේ පවතින බව තහවුරු කරගෙන තිබේ. එය පවතින ජාන ප්‍රමාණයෙන් 84%ක් ක්‍රියාකාරීව පවතින බව මේ හරහා සොයාගෙන ඇත. මිනිස් සිරුරේ එක් එක් ඉන්ද්‍රිවල මෙම ජානවල ක්‍රියාකාරිත්වය පවති‍න්නේ එක්තරා ප්‍රතිශතයකටය. එය මොළයේදී පවතින්නේ 84%ක ප්‍රමාණයකිනි.

පර්යේෂණයට ලක්වූ පුද්ගලයන් දෙදෙනාගේ මොළයේ ක්‍රියාකාරිත්ය සංසන්දනය කිරීමේදී පැහැදිළිවී ඇත්තේ ඒවා ක්‍රියාකාරිත්වයෙන් එකසමාන බවයි. එනම් සෑම මිනිසෙකුගේම මොළයේ ක්‍රියාකාරිත්වය එකසමාන අයුරින් ක්‍රියාත්මකවන බව නිගමනය කළ හැක. 


මෙලෙස නිර්මාණය කරන ලද මොළයේ සිතියම වෙනත් පර්යේෂකයන් හටද භාවිතා කිරීමේ හැකියාව ඇත. ඔවුන් සොයාගන්නා ලද කරුණුද මෙයට එකතු කිරීමෙන් මිනිස් මොළය සම්බන්ධ පුළුල් දැනුමක් ගොඩනැගීමට හැකියාව ලැබේ. එමෙන්ම නව සොයාගැනීම් සිදුකිරීම සදහා මංපෙත් විවර වනු ඇත. මෙතෙක් නිසිපරිදි සොයාගැනීමට නොහැකිවූ මිනිස් සිත සම්බන්ධ කරුණු රැසක් මෙයින් අනාවරණය කරගත හැකිවන්නාක් මෙන්ම ඒ හා බැදී පවතින මිත්‍යාවන්, විවිධ සම්මතයන් ආදියද වෙනසකට ලක්වනු ඇත. මේ සියළු කටයුතු අද හෙට සිදුනොවුණද, මිනිස් මොළය විද්‍යාව විසින් පාලනයට නතුකරගත් කල ඉදිරි කාලය තුළදී මහා වෙනස්කම් රැසක් ඵලදායි ලෙස ලෝකයේ පැවැත්ම සදහා යොදාගත හැකිවනු ඇත.

                                                            -දුලාන් තනුශංක සිල්වා
                                            පේරාදෙණිය විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger