IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

බොදව ගිය හයේ සිහිනය

Post by Unknown | at 6:36 AM | 2 Comments | Categories

 හයේ සටන  වැටුප් සටනක් වූ හැටි



මීට හරියටම දින 100කට පමණ පෙර එනම් මේ වසරේ ජුලි 04 වෙනිදා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන් එකතුවෙන් අමුතුම ආකාරයේ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව ඔබට හොදට මතක ඇති.ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ඇරඹුණු මෙම සටනේ ප්‍රධාන අරමුණ වූයේ ලංකාවේ අධ්‍යාපනය නගා සිටූවීම බව එකල පැහැදිලිව ඔවුන් ඉදිරිපත් කළ ඉල්ලීම් වලින් පෙනෙන්නට තිබුණි.මෙම වැඩ වැරීමේ මූලික ඉල්ලීම් කිහිපයක් මා නැවත ඔබට මතක් කර දෙන්නම්.
  • අධ්‍යාපනය වෙනුවෙන් කරන රජයේ වැය,දල දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා ඉහළ නැංවීම
  • ආචාර්යවරුන්ගේ මූලික වැටුප 20% කින් ඉහළ නැංවීම
  • විශ්ව විද්‍යාල ස්වාධීනත්වයට හානි කරන චක්‍රෙල්භ ඉවත් කර ඒ තළ සිදු කරන දේශපාලන බලපෑම් මදිහත්වීම් අවම කිරීම.
  • විශ්ව විද්‍යාල තුළ පෞද්ගලික වෘත්තීය පාඨමාලා ප්‍රචාරණය තහනම් කිරීම.
  • ආචාර්යවරුන් වෙනම සේවයකට යටත් කිරීම
  
 මෙවැනි ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන ආරම්භ වූ මෙම විශ්ව විදයාල ආචාර්යවරුන්ගේ වර්ජනය මාස 3කට අධික කාලයක් දිග් ගැස්සුණේය.මේ වැඩ වර්ජනය හොදටම නැගලා ගියේ මේ ඉල්ලීම්වල තිබූ එක් සුවිශේෂී ඉල්ලීමක් නිසාවෙනි.එනම් 6% ක දල දේශිය නිෂ්පාදිතයක් අධ්‍යාපනය සදහා වෙන් කරන්න යන ඉල්ලීමයි.මෙම ඉල්ලීම ආචාර්යවරුන් ප්‍රධාන ඉල්ලීම බවට පරිවර්තනය කර ගනිමින් මාස 3ක වැටුප් රහිත වැඩ වර්ජනයක් කරගෙන යද්දී කැම්පස් කොල්ලෝ කෙල්ලෝ සහය දුන්නේද 6% ඉල්ලීම මුල් කරගෙන මෙය ඇරඹු බැවිනි.


"අනේ අපේ ලෙක්චරස්ලා එයාලගේ පඩිත් නැති කරගෙන මේ අපි වෙනුවෙන් මෙච්චර දෙයක් කරන නිසා අපිත් උදව් වෙමු" යැයි කියා විශ්ව විද්‍යාල සිසුවන් මෙයට සහය ලබාදුනි.අවසානයේ ගාල්ලේ සිට සහ මහනුවර සිට කොළඹ දක්වා රුහුණ පේරාදණිය ජයවර්ධනපුර සබරගමුව කොළඹ මොරටුව යනාදී ලෙස එකී නොකී සයළු විශ්ව විද්‍යාලවල සිසුන් බොහෝ දෙනෙක් මෙම පා ගමනට ආචාර්යවරුන්ට සහය දුන්නේ ලංකාවේ අධ්‍යාපනයේ වැදගත් සංධිස්ථානයක් මෙමගින් නිර්මාණය වේ යැයි බලාපොරොත්තුවෙනි.



ඒත් අද වන විට මේ තත්වය හාත්පසින් වෙනස්ය.පෙරේදා(10 වනදා) රජය සහ ආචාර්යවරුන්ගේ සංගමය ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර මෙම වර්ජනය අවසන් කිරීමට තීරණය කරන ලදි.නමුත් ආචාර්යවරු ඒ මාධ්‍ය සාකච්ඡාවට නොපැමිණි අතර ඔවුන් පිරිස වෙනමම නාවල විවෘත විශ්ව විද්‍යාලයේ රැස් වී මෙම වර්ජනය තාවකාලිකාව නවතා දැමීමට තීරණය කළහ.ඒ අතර මාධ්‍ය සාකච්ඡාවට පැමිණි අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය එස්.බී.දිසානායක එහිදී ප්‍රකාශ කලේ ආචාර්ය වැඩ වර්ජනය අවසන් බවයි.

මේ සියල්ල ගැන නැවතත් විමසා බලනවිට සිදු වී ඇත්තේ කැමක්දැයි තවමත් වටහා ගත නෙහැකිය.ආචාර්යවරු 6% ඉස්සරහට දාගෙන වර්ජනය ආරම්භ කලේ විශ්ව විද්‍යාල සිසුන් පාසල් ගුරුවරුන් යන සියළු අංශවල සහයෝගය තමන්ට ලබාගැනීමටදෝයි දැන් දැන් සැකයක මතු වෙයි.ඇත්තටම දැන් 6% ගැන කිසි කතාවක් නැත.ආචාර්යවරු මුලින්ම රජයට පැවසූයේ 1995 මානූෂීය මෙහෙයුම් පවතින සමයේඅධ්‍යාපනයට 3.3% ක දළ දේශීය ආදායමෙන් කොටසක්දථ2005 දී එය 2.3% ක් ලෙස පැවතියද දැන් එය 1.8% දක්වා පහළ බැස ඇති බවයි.

තවදුරටත් අදහස් දැක්වූ ඔවුන් කියා සිටියේ නේපාලයේ මෙය 4.2% ක්ද, භූතානයේ 4.2% ඉන්දියාවේ 4% මැලේසියාවේ 5.8% ලෙස පවතිද්දී අපේ රටේ වංචා දූෂන අවම කර මේ අගය 6% දක්වා වැඩි කළ හැකි බවයි.එවුන් මේ 6% ඉස්සරහට දාගෙන වර්ජනය කර රජය විසින් ඔවුන් මාස 3ක වර්ජන සමයේ වැටුප් සමග ඉල්ලීම් වල තිබූ පඩි වැඩි වීමද සිදු වූ නිසා හයේ සටනින් ආර්ම්භ වී දැන් වැටුප් සටනෙන් අවසන් වී ඇති ආකාරයක් පෙනී යයි


රජය පවසන ආකාරයට දළ දේශිය නිෂ්පාදිතයෙන් රාජ්‍ය වැය සදහා යොදාගන්නේ 14%කි.එයින් 6%ක් අධ්‍යාපනයට වෙන් කළ විට තවත් ඉතුරු වන්නේ 8%ක් පමණක් නිසා මෙම හයේ ඉල්ලීම නම් කිසිදා ඉටුනොවන සිහිනයක් බව පවසා තිබේ.නමුත් ඔවුන් පවසන පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අධ්‍යාපනයට කරන වියදම තවදුරටත් ඉහළ යා යුතු බව පමණක් ඔවුන් පවසා ඇත.

මේ සියල්ල සළකා බලද්දී අන්තිමේ පරාජය වී ඇත්තේ අපයි.එනම් විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්,පාසල් සිසුන් සහ රටේ අසරණ ජනතාවයි.ඇත්තටම ආචාර්යවරු කරන ලද්දේ එවුන්ගේ පඩිය වැඩි කර ගැනීමට පමණක්දෝයි කසුකුසුවක් පැන නගියි.අසරණ විශ්ව විද්‍යෘල සිසුන් මාස 3කටත් වඩා ගෙදර තියමින් ඔවුන්ව නන්නත්තාර කර තමන්ගේ මඩිය තර ක ගත්බවට සාමාන්‍ය ජනතාව පවා දැන් කතාවෙති.(මේවා මම කියන කතා නොව එදිනෙදා රටේ තොටේ කතාවෙන දේචල්ය)ඒ මදිවට ළමයින්ව පාගමන්වල හැතැප්ම ගණන් පයින් ඇවිද්දෙව්වේය.


අන්තිමේ අපිට ලැබුණූ දෙයක් නැත.වර්ජනය තාවකාලිකව පමණක් නතර කලා යැයි කියන්නේ ඇත්තටමද,නැතිනම් ඉටු කර ගැනීමට නොහැකි වූ සියයට හයේ අපවාදයෙන් ගැලවීමට දැයි මට නම් තවමත් නොහැගෙයි.ආදායම මාසික වැටුප 120000 සිට 140000 අතර වන අතර ඔවුනගේ ඉහළ වැටුප් වැඩි වීම් නම් ඔවුන් දැනටමත් ඉටුකරගෙන ඇත.කොල්ලන්ගේ වචනවලින් කිව්වොත් අන්තිමට කෙල වුනේ අපිටයි.

අපේ කොල්ලෝ කෙල්ලෝ පාගමන් ගියාට අමතරව මුහුණුපොතෙන් පවා මේ ආචාර්ය වැඩ වර්ජනයට අනගි සහයක් ලබා දුනි.profile picture එකට 6% පෝස්ටර් දාගෙන,පින්තූර ෂෙයාර් කරගනිමින් ඒ පැත්තනේ පවා හොද සහයෝගයක් ඔවුන්ට ලබාදුනි.ඒත් අවසන් ප්‍රතිඵලය දකිද්දී ඒ කළ සියළු දේ ගගට කැපූ ඉනි වගේ යැයි බොහෝදෙනා පවසති.FUTA( Federation of university teacher's association)එකෙන් 6% පිළිබදව ලොකු කැම්පේන් ගෙන යන ලදි.විශේෂයෙන් 6% සදහන් කළ ටී-ෂර්ට් පවා ඔවුන් සිසුන් අතර බෙදාදුනි.


මේ සියල්ල එක්වරම ලත් තැනම ලොප් වූයේ මන්දැයි නොදනිමි.මේ සියල්ල සදහන් කරද්දී රජයේ පාර්හවයටද යමක් සදහන් කළ යුතුය.ඔවුන්ද අපේ සිසුවන් කාලකණ්නි කිරීමට වගකිවයුතු පාර්ශවයකි.වර්ජනයක් ආරම්භ වූ විට එය විසදුම් දෙන්නේ නැතුව ඇද ඇද යමින් ආචාර්යවරුන්ට නුසුදුසු අන්දමට කතා කරමින් ඔවුන්ද මෙහි කොටස්කරුවෝ විය.මොකද 6% ගැන කතා කරනවා නම් ආණ්ඩුවේ ඇති වංචා දූෂණ අඩු කරගත්තොත් මේ 6% දෙන එක මහ වැඩන් නොවන බව සැවොම දන්නා කරුනකි.මේ සියල්ලටම වඩා දැන් සිසුන් කලකිරී ඇත්තේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සම්බන්ධයෙනි.ඔවුන් ගන්නා දිව දෙකේ තීරණ නිසාය.කාරිය කෙරෙනතුරු කාගෙත් රැවටිල්ල යන කවි පදය සනාථ කරමින් ඔවුන් මෙවර වර්ජනය අත්හැර දැමූහ.



නමුත් අපේ විශ්ව විද්‍යාල සිසුන් රෑ වැටුණු වලේ දවල් නොවැටෙති.නැවතත් ආචාර්යවරුන්ගේ වර්ජනයක් පැමිණියහොත් ඔවුන්ට සහය ලබාදීමට සිසුන් පැමිණේ යැයි සිතීම පවා අපහසුය.විශ්ව විද්‍යාල සිසුන් දැන් නම් මේ සියළු පාර්ශවයන් ගැන ඉතා කළකිරුණූ මානසිකත්වයෙන් පසුවීම කණගාටුදායකය.නමුත් එසේ සිදුවීම පුදුමයක්ද නොවේ.අන්තිමේදී පැරදුනේ අපිය.මින්පසුවවත් සිතා බලා වැඩ කළ යුතුය.විශ්ව විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනයක් ළගදීම ඇති නොවේවායි පතමින් මම මේ ලිපිය අවසන් කරමි.

ආසියා
  

2 comments:

  1. Thamange wade karagannakan witharai hamoma sellan danne....

    ReplyDelete
  2. අපරාදෙ අපේ ජීවිතකාලෙන් මාස තුනකට වැඩි කාලයක් නිකං අපතේ ගියා.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger