IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ෆොටෝෂොප් eeesy - පාඩම් අංක 02

Post by Unknown | at 8:58 AM | 2 Comments | Categories

             Photo එකක වේගය නිරූපණය කරන හැටි

සාමාන්‍ය ඩිජිටල් කැමරාවකින් ගත්ත photo එකක් තියෙනවට වඩා ලස්සන කරගන්න කවුරුත් කැමතියිනෙ. ඒ වගේම ගොඩක් කට්ටිය කාර්වලට එහෙමත් ගොඩක් ආසයිනෙ. මම දැකලා තියෙනවා facebook එකේ සමහර අයගේ profile picture එකටත් කාර් දාලා තියෙනවා. තවත් අයගෙ picture folders පිරිලා තියෙන්නෙ විවිධ වර්ගවල කාර්වලින්. එහෙම විවිධ වාහන වර්ගවලට කැමති අයට තමන්ගේ සිහින වාහනයේ(dream vehicle) ලස්සන වැඩිකරගන්න පුළුවන් මම මේ කියලා දෙන්න යන පොඩි වැඩ කෑල්ල නිසා.

ඒවගේම විවිධ ක්‍රීඩකයන්ට ආස කරන අයටත් මේක ගොඩක් වැදගත්. ඒකියන්නේ යම් පුද්ගලයෙක්ගේ වේගවත් බවද මෙයින් නිරූපණය කරන්න පුළුවන්. ඉතිං ඔයගොල්ලො කැමති විදියට කැමති photo එකක් මේ ආකාරයෙන් වේගය නිරූපණය කරලා දක්වන්න පුළුවන්. දැන් මම ඒක කරන හැඩි සරලව කියලා දෙන්නම්.

මම තෝරගත්ත ෆොටෝ එක මේක තමයි. ඒක හදලා ඉවර වුණාට පස්සෙ එන විදිය ඒකට යටින් තියෙන ෆොටෝ එකෙන් බලාගන්න පුළුවන්.


මම දැන් ගොඩක් සරළව කියලා දෙන්නම්. ඉතාම සුළු පියවර ප්‍රමාණයකින් මේක කරන්න පුළුවන්.


මුළින්ම මෙම ප්‍රයෝගය අත්හදා බලන්න සුදුසු ෆොටෝ එකක් open කරගන්න. මුලින්ම අපිට මේක කරන්න ගැලපෙන selection tool එකක් තෝරගන්න ඕන. ඒ සදහා lasso tool, quick selection tool, pen tool ආදිය භාවිතා කළ හැක. මෙහිදී මම තෝරා ගත්තේ quick selection tool එකයි. මෙයින් ඇතැම්විට අවශ්‍ය දේ සිදුනොවේ. එවැනි අවස්ථාවක lasso tool භාවිතා කරන්න. ගැලපෙන tool එක තෝරාගත්තට පස්සෙ කරන්න තියෙන්නෙ වාහනයේ පිටත රාමුව වටා ඇද ගැනීමයි. quick selection tool එකෙන් නම් එය වාහනය තුළ ගෙනයාමෙන් අවශ්‍ය කොටස select කරගන්න පුළුවන්.


ඊළගට කරන්න තියෙන්නෙ select මෙනු එකෙන් inverse තෝරලා දෙන එක. එතකොට තමන් select කරපු කොටස හැර අනෙක් හැමතැනක්ම select වෙලා තිබෙනු පෙනේවි.


ඊටපස්සෙ filter මෙනු එකෙන් Blur-Motrion Blur ක්ලික්කරන්න. එතකොට මෙන්න මේ බොක්ස් එක දැකගන්න පුළුවන් වෙයි.


එහි Angle 0 ලෙසම තබන්න. Distance සදහා වැඩි අගයක් තමන්ට ගැලපෙන අකාරයට ලබාදෙන්න. එය Ok කළාට පස්සෙ අවසන් ප්‍රථිඵලය බලාගන්න පුළුවන්. කොහොමද වැඩේ ලේසියි නේද? ගැටළු මොනවහරි තියෙනවනම් අහන්නකො මෙතන පල්ලෙහයින්. තවත් පුංචි photoshop වැඩක් එක්ක ළගදීම හමුවෙමු.
                                                             -දුලාන් තනුශංක සිල්වා


2 comments:

  1. radial blur dala weel tikat speed karagathanam ela.

    ReplyDelete
    Replies
    1. ඔව් බං මට ඒක ලෙටර් එක දැම්මට පස්සෙ මීටර් වුණේ. උඹත් ආයෙත් ෆොටෝෂොප් ගැන හොද ලෙටර් එකක් දීපන් ඉස්සෙල්ලා එක වගේ.

      Delete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger