IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

QR Code එකක් ෆේස්බුක් ෆොටෝ එකකට දාගන්න හැටි

Post by Unknown | at 7:29 AM | 4 Comments | Categories

                         QR Code එක පාවිච්චි කරන හැටි




අද මම කියලාදෙන්න හදන්නේ හැමෝටම වැදගත්වන දෙයක්. ඔයගොල්ලෝ පින්තූරයක් එඩිට් කළත්, මොනවාහරි ලිපියක් පෝස්ට් කළත්, කැමතිනේ තමන්ගේ නම-ගම එක්ක ෆේස්බුක් එකේ ලින්ක් එකක් එහෙම දාගන්න. අපි සාමාන්‍යෙයන් ෆේස්බුක් එකේ කාගේ හරි ෆොටෝ එකක් බාගත්තා කියලා හිතන්නකෝ. එකේ නම වෙනුවට තියෙන්නෙ තනිකරම අංක ගොඩක් කියලා ඔයාලා දැකලා ඇති. ඉතිං ඊට වඩා හොදයි නේද තමන්ගේ විස්තර තියෙන විදියට ෆොටෝ එක හදලා දාගන්න....

එතකොට ඒ පින්තුරේට කැමති කෙනා , ඔය ලියපු පොස්ට් එකකට කැමති කෙනාට පුළුවනි ඔයාගේ ෆේස්බුක් එක එහෙම බලන්න. යාලුවෙක් කරගන්න.ඉතින් හැමදාමත් පරණ විදියට නොලියා මේ විදියට පොඩ්ඩක් දාල බලන්නකෝ.පෙනුමටත් එක්ක.ලෝකේ දියුණු වෙනකොට, අපිත් එහෙම වෙන්න ඕනිනේ.. මේක අපි කරන්න යන්නේ QR Code එක පාවිච්චි කරලා.අපි ඔක්කොටම කලින් බලමු මොකද්ද මේ QR Code එක කියන්නේ,එතකොට මේක පාවිච්චි කරන්නේ කොහොමද කයන එක ගැන,


QR Code එහෙමත් නැත්නම් Quick Response Code (ක්ෂණික ප්‍රතිචාර කේතය) දැන් සුලභ වශයෙන් පාවිච්චි වන කේතයක් බවට පත්වෙලා. මේක ගොඩක්ම ජනප්‍රිය වුණේ UPC barcodes වලට සාපේක්ෂව  වේගවත් කියවීමේ හැකියාවක් සහ වැඩි දත්ත ප්‍රමාණයක් මෙම කේතයන් තුළ ගබඩා කර තබා ගැනීමට තිබු හැකියාව නිසයි.අපි දැකලා තියෙනවා ඉස්සර කාලේ පාවිච්චි කලේ ඒ වගේම වෙළද භාණ්ඩවල පවා ගොඩක් තිබුණේ UPC barcodes නැත්නම් ජාත්‍යන්තර ඉරි සංකේතය.දැන් මේ වන විට ඒ ක්‍රමය නැතිවෙලා QR Code ක්‍රමය භාවිතා වෙන්න පටන් අරන් තියෙනවා.QR කේතයේ අපිට දක්නට ලැබෙන්නේ කළුපැහැති හතරැස් කොටු සුදු පැහැති පසුබිමක තියෙනවා වගේ.මේ කේතය තුළ විස්තර අඩංගු වෙලා තියෙන්නේ සම්මත දත්ත ගබඩා ක්‍රම 4කටඑනම්, සංඛ්‍යාංක(numeric),අක්ෂරාංක(alphanumeric), ද්විපද අංක(binary)සහ Kanji යන ආකාරයට.



මේ කේත වර්ගය මුලින්ම ලෝකයට හදුන්වා දුන්නේ සුප්‍රසිද්ධ Toyota ආයතනයෙන් 1994දි. දැන් නම් මේක බොහෝ අවස්ථාවලදී පාවිච්චියට ගන්නවා දකින්න පුළුවන්. සොසේජස්,සිසිල් බීම,කිරි පැකට් සහ වෙනත් ආහාර නිෂ්පාදන වල පැකට්වල දැන් QR Code එක අඩංගු වෙනවා.ඒ වගේ නිෂ්පාදනවල ඇති මෙම කේතය තුළින් නිෂපාදනයේ නම්,කල් ඉකුත් වන දිනය සහ තවත් තොරතුරු රාශියක් දැනගන්න පුළුවන්.ඒ වගේම අන්තර්ජාලයේ URL එකක් විදිහට දැන් QR Code භාවිතා වෙනවා. තමන්ගේ ෆොටෝ එකකට මේ QR Code එක ඇතුළත් කළවිට අපිට ලේසියෙන්ම අදාළ තැනැත්තාගේ විස්තර එමගින් දැනගන්න පුළුවන්. චීනය ඇමරිකාව වගේ රටවල්වල බස් ටිකට් කෝච්චි ටිකට්වලටත් QR Code එක ඇතුළත් කරලා තියෙන්නේ.



QR Code වල තියෙන වාසිය තමයි ඇපල් I Phone එකක් මගින් ඒ QR Code එකට ලේසර් කිරණ යොමු කළහම ෆෝන් එකේ තිරය මත අදාළ භාණ්ඩයේ දත්ත බලාගන්න පුළුවන්.මීට අමතරව BlackBerry,Windows Phone 7.5,Nokia's Symbian operating system වලටත් මේ QR කේතයන් කියවීමේ හැකියාව තියෙනවා. 

මේ QR කේතවල දත්ත ගබඩා කිරීමේ හැකියාව අපි යොදන දත්ත වර්ගය අනුව රදා පවතිනවා.මම කලින් සදහන් කරපු දත්ත ගබඩා කිරීමේ ක්‍රම 4ම මෙහිදී භාවිතා වෙනවා.
  • සංඛ්‍යාංක(numeric)-7,089 ක් පමණ (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9)
  • අක්ෂරාංක(alphanumeric)-උපරිම 4,296 ක් පමණ( space, $, %, *, +, -, ., /, :)
  • ද්විපද අංක(binary)-2,953 පමණ
  • Kanji -1817ක් පමණ
දැන් අපි බලමු අපි කොහොමද අපේ ෆොටෝ එකකට මේ QR Code එක ඇතුළත් කරන්නේ කියලා. මුලින්ම ඔයාගේ විස්තර ඇතුළත් කරලා ඔයාටම කියලා QR Code එකක් හදාගන්න

මේ තියෙන්නේ මම ඒ විදිහට හදාගත්ත මගේ  QR Code එක





මම දුන්න ලින්ක් එකෙන් මේ විදිහට QR Code එක හදාගෙන ඊට පස්සේ ඔයාට ජංගම දුරකතනයෙන් ඒකේ විස්තර බලන්න ඔනේ නම්,

හැබැයි ඔයාලගේ ජංගම දුරකතනය මේ ලිපයේ මම කලින් සදහන් කරපු වර්ගවලින් එකක් වෙන්නත් ඕනේ.මේක ට්‍රයි කරලා බලන්න.මොකක් හරි අවුලක් වුණොත් කමෙන්ට් කරන්න.ආයෙත් මේ වගේ ගැජට් එකකින් හම්බෙමු.

ෂමිල් හසන්

4 comments:

  1. thank u machan.... meka sahenna watinaawa.......

    ReplyDelete
  2. නියමයි මචං....

    ReplyDelete
  3. මේක නියම වැඩක්. මේවගේ දෙයක් කියලා දුන්නට ෂාන්ට ගොඩක් ස්තූතියි!

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger