IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ඇග හදාගන්න Exercise වෙනුවට බෙහෙත් පෙති...

Post by Unknown | at 8:48 PM | 0 Comments | Categories

ව්‍යායාම් කරලා ඇග බස්සගත්ත කාලේ ඉවරයි....

 

 

 

වර්තමානයේ ගොඩාක් මිනිස්සු අතර තියෙන ප්‍රශ්ණයක් තමයි තරබාරු වීම.බාල මහළු තරුණ කියන මේ සෑම වයස් සීමාවකම අයට තරබාරුකම ලොකු ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ.මේකට හේතු කිහිපයක් තියෙන්න පුළුවන්.ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සුගේ එදිනෙදා වැඩ දැන් ගොඩක් කරලා දෙන්නේ යන්ත්‍ර සුත්‍ර සහා පර්ඝණක මෘදුකාංග වලින්.උදාහරණයක් විදිහට අපි හිතමු අපිට ගෙවල් ළග තියෙන මාකට් එකට ගිහින් එළවළු ටිකක් ගන්න ඕනේ කියලා.එහෙම වුනාම පයින් යනවා වෙනුවට මොකක් හරි වාහනයක් අරගෙන තමයි යන්න කැමති.පයින් ගමන් කරන දුර ප්‍රමාණය මිනිස්සුන්ගේ ජීවිතයේ දැන් ගොඩක් දුලබ දර්ශණයක් වෙලා.කාර්යාල වල වැඩ කරද්දි මුළු දවසෙම එකතැන වාඩි වෙලා ඉදලා ආයෙත් හවස වැඩ ඇරිලා ගෙදර එන වෙලාවට විතරයි සමහරු පයින් ඇවිදින්නේ.මේ වගේ හේතු නිසා ගොඩාක් දෙනෙක්ට තරබාරුකම ප්‍රශ්ණයක් වුනා.

ඒකට විසදුමක් විදිහට මුල් කාලයේදී  වෛද්‍යවරු කිව්වේ දවසකට කිලෝමීටර් 2,3ක් වත් දුවන්න ඇවිදගෙන යන්න කියලා.සමහරු ගෙදර ට ව්‍යායාම් උපකරණ පවා ගෙනාවා.ඒත් එහෙම ව්‍යායාම් කරන එකත් වෙලාවකට මහා එපා වෙන වැඩක්.මේකට විසදුමක් විදිහට දැන් බෙහෙත් පෙත්තක් සොයාගෙන තියෙනවා.ඇමරිකාවේ Harvard Medical School(හාවඩ් වෛද්‍ය පාසලේ) මහාචාර්ය Bruce Spiegelman ඇතුළු පිරිසක් තමයි මේ නව සොයාගැනීම සිදු කරලා තියෙන්නේ.
ඔහු පවසන ආකාරයට මෙම පෙති වර්ගය නියමිත මාත්‍රාවට අනුව පානය කරන්න දිනපතා පුරුදු වුනොත් කිසිම ව්‍යායාමයක්,උදේ පාන්දර හති හලාගෙන යන දුර ගමනක් යන්නේ නැතුව ඕනෙම ආහාරයක් ලබාගෙන තමන්ගේ ඇග බස්සගෙන ගෙදර සැටියට වෙලා ඉන්න පුළුවන්.ඇත්තටම මේකේ විද්‍යාත්මක පැත්තක් තියෙනවා.


Bruce Spiegelman මහාචාර්යතුමා මුලින්ම මීයන් ආශ්‍රෙයන් පරීක්ෂණයක් සිදුකරා ව්‍යායාම් වලින් ශරීරය තුළ නිපදවෙන රසායනික ද්‍රව්‍ය මොනවද කියලා.එහිදී ඔහු හොයාගත්තා ව්‍යායාම්වලින් PGC-1alpha කියන රසායනික ද්‍රව්‍ය මාංශ පේශි තුල නිපදවෙනවා කියලා.මෙම PGC-1alpha මට්ටම ඉහළ යාම නිසා Fndc5 කියන ප්‍රෝටීනය නිපදවෙනවා.ඊට පස්සේ Fndc5 ප්‍රෝටීනය කැඩී යාමෙන් හෝමෝන වර්ගයක් නිපදවෙනවා.ඔහු මේ හෝමෝනය Irisin(අයිරිසින්) කියලා නම තිබ්බා.ඒ නම හැදුවේ පුරාණ ග්‍රික දෙවියෙක් වන Iris දෙවියාගේ නමින් කොටසක් යොදලා.



කොහොම වුනත් වෙනත් විද්‍යාඥයන් පවා දැන් තහවුරු කරලා තියෙනවා මෙම නව හොමෝනයෙන් ශරීරයේ තියෙන white fat එක brown fat වලට පරිවර්තනය කරනවා කියලා.මේ brown fat කියන මේද වර්ගය තමයි අපේ ශරීරයට හිතකර වෙන්නේ.brown fat මේදය ගොඩක් වෙලාවට කුඩා දරුවන්ගේ සිරුරු තුළ තමයි නිපදවෙන්නේ.ඒක වැඩිහිටියන් තුළ ගොඩක් අඩුයි.මේ මහාචාර්යතුමා කියන විදිහට අපි ව්‍යෘයාම් කරද්දි හරි මහන්සි වෙලා වැඩ කරද්දි හරි ශරීරය තුල මාංශ පේශිවල මේ අයිරිසින් කියන හෝමෝනය නිපදවෙනවා.
එම හෝමෝනය මගින් brown fat නිපදවීම වේගවත් කරන අතරම කැලරි දහනය වැඩි කරනවා.අපේ ශරීරයේ තරබාරුකම වැඩි කරන ප්‍රධාන සාධක වෙන්නේ මේදය වැඩි වීම සහ කැලරි ප්‍රමාණය වැඩි වීම කියන දේවල් ,අපි අනවශ්‍ය ලෙස ආහාර ගත්තම ශරීරයේ කැලරි ප්‍රමාණය වැඩි වෙනවා.ඒ කැලරි දහනය කරන්න තමයි ව්‍යායාම් කරන්නේ.


නමුත් මේ හෝමෝනය අපි බෙහෙත් පෙත්තක් මගින් කෘතිමව ශරීරයට ගත්තම ව්‍යායාම් වලින් තොරවම ඔබේ බර අඩු කරගන්න පුළුවන්.ව්‍යායම් වලින් කෙරෙන්නෙත් ඒ වැඩේමයි.ඒ වගේම අයිරිසීන් හෝමෝනයෙන් රුධිර ග්ලුකෝස් මට්ටමත් අඩු කරන එක් අමතර වාසියක්.ඉතිං තව ටික කාලෙකින් උදේ පාන්දර හති දාගෙන දුවන එක,ව්‍යායාම් කරලා ඇග බස්සගන්න එක අත්ඇරලා දාලා මේ පෙත්තටම කට්ටය පුරුදු වෙයිද දන්නෙත් නැහැ.

කොහොම වුනත් මේ හෝමෝනයේ  අතුරු ප්‍රතිඵල තාම හොයාගෙන නැහැ.ඒක නිසා අපි අපේ විදිහට වෙනදා වගේ ව්‍යායාම්වලින්ම ඇග බස්සගන්න එක නුවණට හුරුයි.

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය 


No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger