IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ශ්‍රී ලංකාවට සන්ධීය(ෆෙඩරල්) ආණ්ඩුක්‍රමයක් සුදුසුද?

Post by Unknown | at 4:49 PM | 4 Comments | Categories

                 

                                              ශ්‍රී ලංකාවට සන්ධීය(ෆෙඩරල්) ආණ්ඩුක්‍රමයක් සුදුසුද?

    ශ්‍රී ලංකාවට සන්ධීය ආණ්ඩුක්‍රමයක් ගෙන ඒම සදහා ඇතැම් පිරිස් කාලාන්තරයක් පුරාවට දැඩි පරිශ්‍රමයක නිරතව සිටී. ඔවුන් මෙය ලංකාවට උචිත බව දක්වන්නේ ජාතිකවාදී ගැටලුව හරහාය. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවකිරීමෙන් අනතුරුව විවිධ කාලසීමාවන් තුළදී සිංහල හා ද්‍රවිඩ ජාතීන් මතවාදීව මෙන්ම යුදමය වශයෙන්ද ගැටුණු අවස්ථා බොහෝමයක් විය. මෙහි ප්‍රථිඵලයක් ලෙස 1970 දශකයේදී LTTE සංවිධානය බිහිවූ අතර ඔවුන්ගේ මූලිකම අභිප්‍රාය වූයේ ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් රාජ්‍යයක් බිහි කිරීමයි. මේ තත්වය නැති කිරීම සදහා බොහෝ පිරිස් යෝජනා කරන ලද්දේ ලංකාව තුළ සන්ධීය ආණ්ඩුක්‍රමයක්
නිර්මාණය කළ යුතු බවයි. ඒ තුළින්ජාතිකවාදී ගැටලුවට විසදුමක් සෙවියහැකි බව ඔවුන්ගේ තර්කය විය.


    ලෝකයේ සන්ධීය ආණ්ඩුක්‍රමයක් පවතින බොහෝ රටවල් භූමිප්‍රමාණය අතින් ගත්කල විශාල රවවල් වේ.සාමාන්‍යෙයන් භූමිප්‍රමාණයෙන් විශාල රටවල් ඛණ්ඩණයවීම වැළැක්වීම කෙරෙහි ගතහැකි හොදමක්‍රියාමාර්ගයවන්නේ සන්ධීය ආණ්ඩුක්‍රමයක් එම රටවලට හදුන්වා දීමයි. 18වන සියවසේදී ජෝර්ජ් වොෂින්ටන්ගේ නායකත්වයෙන් ඇමරිකා එක්සත් ජනපද නිදහස් අරගලයෙන් අනතුරුව මධ්‍යගත කරන ලද ව්‍යවස්ථාවක් ඇතිකරනලදී. මෙය ඇති කරනු ලැබුවේ ප්‍රාන්ත රාජ්‍යයන් වෙන්වීම වැළැක්වීම සදහාය. 1947දී ඉන්දියාව බ්‍රිතාන්‍යයන්යෙන් නිදහස ලබන විට එය මුස්ලිම් ඉන්දියාව හා හින්දු ඉන්දියාව ලෙස කොටස්වලට කැඩි ගියේය. හින්දු ඉන්දියාව තවත් කොටස්වලට කැඩීයාම වැළැක්වීම උදෙසා සන්ධීය ආණ්ඩුක්‍රමයක් එහි ඇතිකරන ලදී. විශේෂයෙන් මේ සදහා බලපා ඇත්තේ ඉන්දියාව බහුවාර්ගික රටක් වීමයි.

    ශ්‍රී ලංකාව ඉතා කුඩා භූගෝලීය වපසරියක් ඇති දූපත් රාජ්‍යයකි. ලෝකයේ ෆෙඩරල් රාජ්‍යයන් දෙස බැලීමේදීඒවා බොහෝමයක් භූගෝලීය වශයෙන් විශාලත්වයෙන් වැඩිනිසා ඒවාට සන්ධීය ක්‍රමය නිතැතින්ම ආදේශකළ හැකිය. නමුත් ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයකට වඩාත් උචිත වන්නේ ඒකීය ක්‍රමය බව දැක්විය හැකිය.එයට අමතරව ශ්‍රී ලංකාව බහුවාර්ගික රාජ්‍යයක්ද නොවේ. මහා ජාතියක් අතර සුලු ජාතීන් කීපයක් ජීවත්වන ශ්‍රී ලංකාවේ ජාතිකවාදී ප්‍රශ්නයට සන්ධීය ක්‍රමය විසදුමක් ලෙස ඉදිරිපත් කිරීම මගින් සිදුවන්නේ එය තවදුරටත්වර්ධනය වීම පමණි. ඉන්දියාවේ එක් ප්‍රාන්තයක් තරම්වත් විශාල නොවූ ශ්‍රී ලංකාව තුළ සාර්ථක සන්ධීය ක්‍රමයක්ක්‍රියාවට නැංවිය හැකිවන්නේ කෙසේද?

    ලොකයේ සන්ධීය ක්‍රමයක් පවතින රටවල් සියල්ලක්ම පාහේ යම්කිසි ආර්ථික ස්ථාවරත්වයක් ගොඩනගාගත්රටවල් වේ. සන්ධීය ක්‍රමයක් හැකිතාක් දුරට ක්‍රියාවට නැංවීමට නම් එම රටෙහි ඉහළ ආර්ථික මට්ටමක් පැවතියයුතුය. මන්දයත් සන්ධීය ක්‍රමයක් තුළදී අධික මුදල් ප්‍රමාණයක් වැයකිරීමට සිදුවන හෙයිනි. ප්‍රාන්ත ආණ්ඩුවල සංවර්ධන කටයුතු සදහා මධ්‍යම ආණ්ඩුවට විශාල මුදලක් වැය කිරීමට සිදුවේ. ශ්‍රී ලංකාව තවමත් තුන්වන ලෝකයේසිටින දිළිදු රාජ්‍යයකි. මෙවැනි තත්වයක් තුළ සන්ධීය ක්‍රමයක් ක්‍රියාවට නංවා එය පවත්වාගෙන යාමේදී ප්‍රායෝගික වශයෙන් ගැටලු උද්ගතවීම නිතැතින්ම සිදුවේ.

    දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පළාත්සභා ක්‍රමය මෙරටට හදුන්වාදීමෙන් පසු එයින් යෝජනාවූසියලු බලතල ක්‍රියාත්මක වූයේ නම් වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින්නේ සන්ධිය ආණ්ඩුක්‍රමයකි. දැනටමත්ශ්‍රී ලංකාව අර්ධ සන්ධීය රටක්වී හමාරය. දහතුන්වන සංශෝධනයෙන් යෝජිත පොලිස් බලතල , මැතිවරණබලතල, ආර්ථික බලතල ආදී බලතල කීපයක් පළාත්සභාවක් තුළ ක්‍රියාත්මකවීම සිදුනොවේ. මෙම බලතලයන්ක්‍රියාත්මකවීම සිදුවන්නේ නම් ශ්‍රී ලංකාවේ පළාත් ප්‍රාන්ත මට්ටමට පත්වනු ඇත.

    ප්‍රාන්ත නිර්මාණය කිරීම තබා පවතින පළාත්සභා ක්‍රමයද රටට මහත් ආර්ථිකමය පාඩුවකි. පළාත්සභාවන්හි වෙන වෙනම මැතිවරණ පැවැත්වීම අධික වියදම් සහිත ක්‍රමවේදයකි. ලංකාවේ පවතින ආර්ථික තත්වයට එයකිසිසේත්ම සුදුසු නොවන්නේය. පළාත්සභා යටතේ පවතින සන්ධීය ක්‍රමයේ සෙවණැල්ලද තුරන් කිරිම සිදුකළහොත්එය අපරටේ ආර්ථිකයටද මහත් ශක්තියක්වනු ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත ක්‍රමයේ කොපියක් අපරටට කිසිසේත්මනොගැළපෙන්නේය. යම්හෙයකින් නුදුරු අනාගතයේදී අපරට සන්ධීය ක්‍රමයක් වෙත ගමන් කළහොත් ඇතිවිය හැකි තත්වය පිළිබදව මීළග ලිපිය මගින් විමසා බලමු.

        මේ සදහා ඔබ දක්වන පක්ෂ විපක්ෂ අදහස් පහත කමෙන්ට්ස්වලට යොමුකරන්න. ඔබගේ අදහස් මාගේ ඉදිරි ලිපි නිර්මාණ කෙරෙහි සෘජුවම බලපානු ඇති. ස්තූතියි!

                                                            -දුලාන් තනුශංක සිල්වා-
                                                  තෙවන වසර
                                                  පේරාදෙණිය විශ්වවිද්‍යාලය
                                                                                                                                                            
                                                                                                         

4 comments:

  1. ෆෙඩරල් ක්‍රමය අපේ රටට ගැලපෙන්නෙ නෑ. ඒ ගැන හොඳට පැහැදිලි කරලා තියෙනවා. සාර්ථක ලිපියක්. Gud luck bro!

    ReplyDelete
  2. gishan mallikaarachchiAugust 27, 2012 10:50 PM

    අපි සංධීය ක්‍රමය යනු රට කොටස්වලට බෙදීමක් ලෙස තේරුම් ගැනීම වැරදියි.මම පෞද්ගලිකව විශ්වාසකරනවා ඕනැම රාජ්‍යයක් වඩා හොඳ රාජයක් වීමටනම් බලතල බෙදී තිබිය යුතුයි.ලංකාව තුලත් වාර්ගික විවිධත්වය තියෙනවා.මේ රටෙ බලතල බෙදිය යුතුයි.ඔබේ මේ ප්‍රවේශයට උනුසුම් සුභ පතුම් .දිගටම කරගෙන යන්න..

    ReplyDelete
  3. @ gishan mallikarachichi,
    සන්ධීය ක්‍රමයකදි වෙන වෙනම මැතිවරණ තියන්න විශාල මුදලක් මධ්‍යම රජයට වියදමි කරන්න වෙනවා නේද සහෝ? අපිවගේ විදේශ ආධාර මත යැපෙන ආර්ථිකයන්ට මේක දීර්ඝකාලයක් කරගෙන යන්න පුලුවන් කියලා මම හිතන්නෙ නෑ. අනික මම මේ කියන්න යනදේ ජාතිවාදී ප්‍රකාශයක් විදිහට හිතන්න එපා. එහෙම හිතයි කියලයි ලිපියට දැම්මෙ නැත්තෙත්.
    අපි පළාත් සභා බලතල සියල්ලම පාවිච්චි කරලා ලංකාව ෆෙඩරල් රටක් කරොත්.....? උතුරු පළාතෙ සිංහල ජනතාව ඉන්නෙ ඉතාමත්ම සුලු ප්‍රතිශතයක්. මුස්ලිම් සැලකියයුතු පිරිසක් ඉන්නවා. ද්‍රවිඩ තමයිවැඩිපුරම ඉන්නෙ. නැගෙනහිරත් මේ තත්වෙමයි තියෙන්නෙ. මෙම ජාතීන් දෙකම කතාකරනනෙ එකම(ද්‍රවිඩ) භාෂාව. එතනදී සිංහල ජතිය සුලුතර පිරිසක් වෙලා. එතකොට මේ පළාත තුළ අයිතීන් දිනාගැනීම ඔවුන්ට එතරම් ගැටලුවක් වෙන්නෙ නෑ නේද? ලංකාවෙ අනිත් පළාත්වල විසිරී සිටින සුලුතර ජාතීන්ගේ සහයෝගයත් එම පළාත්වල කැරළි ගැස්සවීමෙන් ලබාගන්න පුලුවන් කියලා මම හිතනවා.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger