Underworld Awakening [2012]
සිංහල උපසිරසි සමග
මේක මගේ පළමු උපසිරසි නිර්මාණය. මේ දවස්වල කැම්පස්වල ස්ට්‍රයික් නිසා ගෙදරට වෙලා ෆිල්ම් බල බල ඉන්න එකනෙ කරන්නෙ. ඉතිං ෆිල්ම් එකකට සබ් දාන්න කල්පනා කළා. හැබැයි මට කිසිම පලපුරුද්දක් නම් තිබුණෙ නෑ. ඒ වගේම මම සබ් දාන්න පටන් ගත්තෙ වෙබ්සයිට් එකකින් ප්‍රචාරය කරගන්න හිතාගෙන නම් නෙමෙයි. නිකං ආතල් එකට වගේ. කොහොම වුණත් මේකට සබ් දාන්න මට සතියක් විතර ගියා. අන්තිමේදි මට හිතුනා නිකං තියාගෙන ඉන්නෙ නැතුව හැමෝටම බලන්න දෙන්න ඕනෙ කියලා. කතාව ඇති නේද? මම එහෙනම් ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම්.
මේ ෆිල්ම් එක 2012 වසරේදි ආපු සුපිරි ෆිල්ම් එකක්. ඒ වගේ මේකට රේටිංග්ස් වල 6.4/10 අගයක් ලැබී තියෙනවා. Kate Beckinsale, Michael Ealy සහ India Eisley යන කට්ටිය තමයි මේකෙ චරිත වලට පණ පොවන්නෙ. එහෙනම් කතාවත් ටිකක් අහගන්නකො.
ෆිල්ම් එකේ කතාව කෙටියෙන් මෙහෙමයි. පිසාචයන්(vampires) අතරයි වෘක මිනිසුන්(lycans) අතරයි ඉතා දීර්ඝ කාලයක් තිස්සෙ යුද්ධයක් පැවතගෙන ඇවිත් තියෙනවා. එය අතීතයේදී මිනිසුන්ගෙන් සැගවී තිබූ එකක් වුණා. ඒත් කාලයාගේ ඇවෑමෙන් තවදුරටත් ඒ යුද්ධය මිනිසුන්ගෙන් සැගවී තිබුණෙ නෑ. එතනින් පස්සෙ තමයි කතාව පටන් ගන්නෙ. තව පොඩ්ඩක් කියනවා නම් වෘක මිනිස්සුන්ගේ වර්ධනය ලෝකය තුළ වසංගතයක් වෙනවා. මේ අතර ඉන්නවා එක් සුවිශේෂී පුංචි ගෑණු ළමයෙකුත්. ඇය වෘකයන් අතට පත්වෙයිද? ඇයට මොකද වෙන්නෙ? මේ ඔක්කොම බලන්න ඕන නම් ෆිල්ම් එක බාගන්නම වෙනවා.
ෆිල්ම් එක බාගන්න ආපු ගමන් මගේ මහන්සියට ස්තූති කරලා යන්නත් අමතක කරන්න එපා. සබ් එකේ පොඩි පොඩි අඩුපාඩුත් ඇති. ගණන් ගන්න එපා. මතක ඇතුව කමෙන්ට් එකක් දාන්න යාලුවනේ. ආයෙත් හොද නිර්මාණයකින් හමුවෙමු. ජය වේවා!
මෙතනින් 650MB ටොරන්ට් එක ගන්න
සිංහල උපසිරසිය මෙතනින් ගන්න.
***මෙහි එන උපසිරසි සිංහල යුනිකෝඩ් මගින් මා විසින් (දුලාන් තනුශංක සිල්වා) නිර්මාණය කළ ඒවා වන අතර යුනිකෝඩ් සහිත ඕනෑම පරිගණකයකින් කියවිය හැකිය. කරැණාකර කතෘ අයිතිය සුරක්ෂිත කරන්න.***
This comment has been removed by the author.
ReplyDeleteSubtitle eka download kalama thiyenne menna meka,
ReplyDeleteA Turtles Tale Sammys Adventure 3D sinhala subtitle.ssa.
Hari eka denna.
ow eka thamai magula wada karanne na
ReplyDelete