IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

මහේලගේ සැගවූ තුරුම්පුව

Post by Unknown | at 7:09 AM | 0 Comments | Categories
                    සැගවු තුරුම්පුව-අකිල ධනංජය



  මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම නියොජනය කරන ලාබාලතම දග පන්දු යවන්නා ලෙස අකිල ධනංජය අපට අමතක කළ නොහැකි චරිතයකි. ඉතා යොවුන් ක්‍රීඩකයෙක් වන මොහු මෙවර ඕසට්‍රේලියාවේ පැවති 19න් පහළ ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය නොකළ අතර ප්‍රථම වතාවට පැවති SLPL තරගාවලියේදී තම දක්ෂතා මැනවින් පෙන්නුම් කරමින් 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වීමට සමත් විය.

ඇත්තටම මේ අකිල ධනංජය කියන්නේ කවුද?කියන එක තාමත් හරියට බොහෝ දෙනා නොදන්න කරුණක් වෙලා.අකිල ධනංජය ඉපදුනේ 1993 ඔක්තෝම්බර් 4 වැනිදා පානදුරේදි. ඔහුගේ ගෙවල් තියෙන්නෙත් පානදුරේ. ඔහු තුන් ඉරියව් දක්ෂතා තියෙන ක්‍රීඩකයෙකු විදියට තමයි සලකන්නේ. C.C.C.(කෝල්ට්ස් ක්‍රීඩා සමාජය)ට ක්‍රීඩා කර ඇති අකිල තමන් 20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතයට තේරී ඇති බව දැනගත් විට තමාට පුදුම සතුටක් ඇති වු බව පවසා සිටියා. 




අකිලට තාම අවුරුදු 19ක් විතරයි. ඔහු තවත් ගොඩක් දුර ගමනක් යන්න තියෙන ක්‍රීඩකයෙක්, පානදුර මහානාම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද මොමේ තරම් සුවිශේෂී ක්‍රීඩකයෙකු වූයේ කෙසේදැයි විමසා බලමු. පසුගිය වසරේ සාජාහිදී පකිස්ථානය සමග පැවති ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට පෙර ශ්‍රී ලංකා  කන්ඩායමේ පිතිකරුවන්ට එල්ල වු ප්‍රධාන ගැටළුව වූයේ ලෝකයේ අංක එකේ ටෙස්ට් පන්දු යවන්නෙක් වන සහීඩ් අජ්මාල්ගේ පන්දුවලට මුහුන දීමයි. මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් හට ඒ හා සමාන පන්දු යවන්නෙක්ගේ පන්දුවලට පුහුනු වීමට අවශ්‍ය වුණා,ඒ සදහා කළ අළුත්ම සොයා ගැනීම තමයි මේ අකිල ධනංජය.ඇත්තටම අකිලගේ පන්දුවලට මුහුන දීමෙන් සහීඩ් අජ්මාල්ගේ පන්දු යැවීම හමුවේ පිතිකරණයේ යෙදීම පහසු වුණා.

ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි අකිල ධනංජයනම් යොවුන් දග පන්දු යවන්නා SLPL තරගාවලියේ වයභ යුනයිටඩ් කණ්ඩායම නියෝජනය කිරීමට පැමිණෙන්නේ. Legbreak, Googly, Carrom ball, Doosra and a stock offspin වගේ පන්දු වර්ග කිහිපයක්ම ඔහුට යැවීමට හැකියාව තියෙනවා. ඔහුගේ පහුගිය 20-20 තරගවලදී ඔහු පෙන්නපු දක්ෂතා ටිකක් විමසමු.

0/17 ශ්‍රී ලංකාව සහ බ.ඉන්දිය කොදෙව් (20-20 පුහුණු තරගය )
1/26  වයඹ යුනයිටඩ් සහ ඌව නෙක්ස්ට්
1/37 වයඹ යුනයිටඩ් සහ රුහුනු රෝයල්ස්
3/18 වයඹ යුනයිටඩ් සහ නැගෙනහිර නාගාස්
2/15 වයඹ යුනයිටඩ් සහ බස්නාහිර
2/20 වයඹ යුනයිටඩ් සහ ඌව නෙක්ස්ට්
0/24 වයඹ යුනයිටඩ් සහ උතුර


   ඔහුට තවම පිතිකරණයෙන් තම දක්ෂතා පෙන්වීමට අවස්ථාවක් ලැබී නැහැ. ඔහු SLPL තරගාවලියේ තරග 6කට සහභාගී වී කඩුළු 9ක් ලබාගත්තේ ලකුණු 15.5ක සාමාන්‍යයක් රදවා ගනිමිනුයි. ඔහු තවමත් 20-20 ලෝක කුසලානයේ සිම්බාබ්වේ පිළට හෝ දකුණු අප්‍රිකා පිළට එරෙහිව පන්දු යවන්නෙක් ලෙස නායක මහේල යොදවාගෙන නැහැ. ඔහුව සුපිරි අට වටයේ පවතින තරගවලට යොදාගනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.



ඇත්තටම මහේල මේ කරන්නේ තමන්ගේ වටිනා තුරුම්පු දැනට භාවිතා නොකර අත්‍යවශ්‍ය මොහොතේ පමණක් පාවිච්චි කරන්න බවයි පෙනී යන්නේ. අකිල ධනංජය එවැනි වටිනා ක්‍රීඩකයෙක්. අජන්ත මෙන්ඩිස් පවා පසුගිය දකුණු අප්‍රිකාව සමග පැවති තරගයට ක්‍රීඩා කරේ නැහැ. ඔහු ආබාධයක් නිසා විවේක ගැන්වු බවයි කියා සිටියේ. නමුත් එය එක්තරා අන්දමක සගවා තැබීමක් වෙන්නත් පුළුවන්. කෙසේ වෙතත් අකිල කියන්නේ ඉතා දක්ෂ දිගු ගමනක් යන්න පුළුවන් ක්‍රීඩකයෙක්. අකිලට මෙවර 20-20 ලොක කුසලානයේ දක්ෂතා අතරට පැමිණිමට හැකිවේවායි අපි ප්‍රාර්ථනා කරමු. 

                                       -අමිල චාමර ගුණසිංහ
                                        ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger