IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ලංකාවේ අපිට අළුත් ඇපල් ෆෝන් පාවිච්චි කරන්න බැරි වෙයිද?

Post by Unknown | at 5:52 AM | 3 Comments | Categories

                        අළුත් ඇපල් අපිට පැපොල් වෙයිද?





අළුත්ම අළුත් ඇපල් iphone එක වඩාත් සිහින්ව හා  සැහැල්ලු ලෙස නිපදවීම අරමුණු කොට ගෙන නිපද වූවකි. මෙය විශේෂ තාක්ෂණයන් බොහෝමයක් යොදාගෙන නිපදවා තිබේ. ඔවුන් ගොඩාක් මහන්සි වී තිබෙනවා features හා performances කිසිවක් අඩු නොකර සැහැල්ලුවට මෙන්ම සිහින්ව එය නිපදවීමට. එයාලා මේක තවත් එක් නිර්මාණයක් විදියට එලිදක්වන්න උත්සාහ කරලා නෑ. එයාලට ඕනැ උනේ අනිත් ඇපල් iphone වල නැති තාක්ෂණ යොදාගෙන අළුත්ම නිර්මාණයක් විදියට ඉදිරිපත් කරන්නයි. එයාලා ඒ අපූර්වතම නිර්මාණය කලා, එය තමයි මෙතෙක් එයාලා නිපදවූ වේගවත්ම, සැහැල්ලුම හා සිහින්ම iphone එක. 

ඒ apple iphone 5.iphone 5 මිලිමීටර 7.6ක් සිහින්ය. මෙලෙස නිර්මාණය කිරීමට iphone ඉංජිනේරුවන්ට කොටසින් කොටස කුඩා කිරීමට සිදු වෙලා තිබෙනවා. ඒ නිසා තමයි එයාලා nano sim කාඩ් පත නිර්මාණය කරන්නේ.



මෙම sim එක  micro sim  එකකට වඩා 44% ක් කුඩායි. ඒවගේම සාම්ප්‍රදායික LTE(Long term Evolution, ජංගම දුරකථන වල නවතම දත්ත හුවමාරු තාක්ෂණය 4Gලෙස කවුරුත් දන්නේ එයයි. ගොඩනැගන්නේ voice(එනම් කථනය ) හා data(එනම් දත්ත) ලෙස chip 2ක් භාවිතා කරමිනුයි. නමුත් නවතම iphone5 හි ඒ සඳහා භාවිතා කරනුයේ එක් chipඑකක් පමණි. එයත් මෙහි ඇති තවත් විශේෂ තාක්ෂණික යොදාගැනීමකි. reversible lightning connector එක 30-pin connector එකට වඩා 80%ක් කුඩායි. මෙගා පික්සල් 8කින් යුත් කැමරාව 20%ක් කුඩායි. iphone A6 ප්‍රොසෙසරය  iphone 4S හි භාවිතාවන A5 ප්‍රොසෙසරයට වඩා දෙගුණයක් වේගවත් වන අතර 22%කින් කුඩාය. iphone 5 iphone 4ට වඩා 20%ක් සැහැල්ලුය, 18%ක් සිහින්ය.



වඩා සිහින් මෙන්ම වඩා සැහැල්ලු ලෙස දුරකථනය සාදන විට එහි display එක වඩා සිහින් විය යුතුය.ඇපල් ඉංජිනේරුවන් ඒ අභියෝගයත් ඉතා ඕනෑකමින් භාරගෙන ඉතා සිහින් display එකක් නිපදවනවා,එය ප්‍රථම retina display එක වන අතර touch technology වලින්ද සමන්විත වේ.කවුරුත් දන්නා පරිදි මෙහි touch pad එකක් නොමැති වන අතර display pixel touch sensitive වේ.මෙම display pixel දසුන් මැවීමට අමතරව touch pad එකක් ලෙසත් ක්‍රියා කරනවා.දැන් display එක පෙරට වඩා 30%ක් සිහින්ය.



මෙය අතිවිශිෂ්ට Mega pixel 8ක කැමරාවක් සහිතව නිපදාවා තියෙනවා. ඇපල් 4s ජංගම දුරකථනයේ කැමරාවට වඩා 25%කින් පමණ මෙහම කැමරාවේ ප්‍රමාණය කුඩා වෙනවා. මේ ෆෝන් එකේ සවුන්ඩ් ගැන කෙටියෙන් කතා කරොත්, සෘජු මයික්‍රෙෆෝන් පද්ධතියක් සහිත ඉතා පැහැදිලි සංගිත නාදයන් ඇසිය හැකි වෙනවා.



මේ වගේ ගොඩක් අංග රැසකින්  සමන්විත ඇපල් ජංගම දුරකථනය අපේ ලංකාවේ අයට පාවිච්චි කරන එක ගැන නම් පොඩි ප්‍රශ්ණයක් ඇවිත් තියෙනවා. මොකද ලංකාවේ කිසිම සමාගමකින් තාම නැනෝ සිම්පත් භාවිතා කිරීමේ තාක්ෂණය හදුන්වා දී නැති නිසා. ලංකාවේ අපි තාම පාවිච්චි කරන්නේ පරණ මයික්‍රෝ සිම්. ඇත්තටම මේකට අපිට විසදුමක් නැද්ද?



මුලින්ම අපි බලමු නැනෝ සිම් එකක් කියන්නේ මොකද්ද? නැනෝ සිම් එකක සහ මයික්‍රෝ සිම් එකක වෙනස මොකද්ද කියලා. ඇත්තටම නැනෝ සිම් එකක් කියන්නේ අපි සාමාන්‍යෙයන් පාවිච්චි කරන මයික්‍රෝ සිම් එකකට වඩා 44%ක් පොඩි, 12%ක් විතර තුනී සිම් පතක්. මේකේ රූපයක් ඔබට මේ ලිපියෙන් අපි පෙන්වලා තියෙනවා. ඒක බැලුවාම  ඒ වෙනස තේරෙනවා. ඉතිං මේක ලංකාවේ පාවිච්චි කරන්න බැරි වෙන තත්වයක් එන්නේ මේ නැනෝ සිම් හුටපටය නිසා.




මේ රූපයේ දැක්වෙන විදිහට පොඩියට තියෙන්නේ නැනෝ සිම් එක. මේකට දැන් විසදුමක් විදියට කරන්න පුළුවන් එකම දේ තමයි අළුතෙන් එන Apple i-Phone 5s ෆෝන් එක මිළදී ගත්ත අය තමන් පාවිච්චි කරන ජංගම දුරකථන ජාලයෙන් නැනෝ සිම් එකක් වෙනම හාදා ගන්න එක.

ඊට එහා වෙන විසදුමක් නැහැ මේකට අපේ රටේ. ඇත්තටම තවත් දෙයක් කියන්න තියෙනවා. ඇපල් ජංගම දුරකථන සමාගම හැම තිස්සෙම බලන්නේ ෆෝන් එක අඩු මුදලකට දෙන්න නෙමෙයි. ඔවුන්ට අවශ්‍ය වෙන්නේ පූළුවන් තරම් තමන්ගේ තාඛ්ෂණය ලෝකයා ඉදිරියේ පෙන්වන්න. අපේ රටේ ගොඩක් අයට මේ වගේ ෆෝන් මිලදී ගන්න අමාරුයි. ඒත් තාක්ෂණය නම් මේකේ උපරිමයි. මොනවා උනත්අපේ රටේ ඇපල් ෆෝන් ගන්න කට්ටියට බය වෙන්න දෙයක් නැහැ. අර මම කියපු විසදුම වගේ දෙයක් අනිවාර්යයෙන් එනවා. තවත් මේ වගේ ලිපියකින් ආයෙත් හම්බෙමු.


                                               -සජිත් වෙනුෂ්ක යටගම්පිටිය
                                                රුහුණු විශ්ව විද්‍යාලය


3 comments:

  1. මරු ලිපිය මචං. දිගටම මේ වගේ අළුත් තොරතුරු තියෙන ලිපි එවන්න.
    keep it up..

    ReplyDelete
  2. man danna tharamin Dialog saha Etisalat ayathana nano sim eka laba denna sudanam

    ReplyDelete
  3. ඔව් අනිවාර්යයෙන් ලංකාවටත් නැනෝ සිම් එක එන්නම ඔනා.අපිත් තාක්ෂණයත් එක්ක ඉදිරියට යන්න ඕනා.දිගටම අපිත් එක්ක ඉන්න.ස්තුතියි.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger