IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

මුහුණුවර සහ අපි

Post by Unknown | at 4:42 PM | 2 Comments | Categories

                                                                           මුහුණුවර සහ අපි

 (Ronald E. Riggio,(Ph.D.) විසින් රචිත "What Does the Shape of Your Face Say about You?" ලිපියේ සිංහල පරිවර්තනය)

     අප පුද්ගලයකු හඳුනා ගනු ලබන ප්‍රධාන සාධකයක් වනුයේ මුහුණුවරයි. ඔබ ඔබේ දෙමව්පියන්, යහලුවන් අදී සෑම දෙනාම දු‍ටු පමණින් හඳුනා ගන්නේ ඔවුන්ගේ අනෙකුත් ශරීර අංගයන්ගෙන් නොව මුහුණ නිසාවෙනි. සෑම පුද්ගලයකුටම අවේණික මුහුණුවරක් හිමි අතර එය ඔහුව හෝ ඇයව අනෙක් පුද්ගලයන්ගෙන් වෙන් කොට දක්වයි.


  යම් අයෙකු කෙතරම් ආකර්ෂණීයද යන්න ඔහුගේ මුහුණේ ස්වභාවය අනුව තීරණය වන බව අවාචික සන්නිවේදනය පිලිබද කරන ලද පර්යේෂණයන්ගෙන් හෙළි වී ඇත. තවද විශ්වාසය, අධිපතීත්වය සහ සෞඛය පිලිබද හැගීම් තීරණය කිරීමෙහිලා පුද්ගලයකුගේ මුහුණේ ස්වරූපය ඉතා සුවිශේෂී වේ. මුහුණේ ආකර්ෂණීය බව කෙරෙහි ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව නියත සාධකයක් වනුයේ සමමිතික බවයි. මුහුණේ  සමමිතික  බව යනු වම් සහ දකුණු පාර්ශව දෙකෙහි සමාන බවයි. වඩා අසමමිතික මුහුණක හිමිකරුවෙකු විරුද්ධ ලිංගිකයන් තුළ අඩු ආකර්ශණයක් ඇති කරයි. මන්ද යත් මුහුණේ අසමමිතික බව රෝගී බව අඟවන්නකි.

විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශණය ලබා ගැනීම කෙරෙහි මුහුණුවර ඉතා වැදගත් වේ.පිරිමින්ගේ බොහෝ විට සිත ඇදී යන්නේ සුකුමල ගැහැණු මුහුණු වලටය. සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල ඇස්, දෙතොල් ඇති බිලිදකුගේ වැනි මුහුණු ඇති ගැහැණුන්ට පිරිමින් බොහෝ විට ප්‍රිය කරයි. මන්ද යත් එවන් මුහුණු යෞවනත්වයේ සහ ස්ත්‍රී  සරුභාවයේ සංකේතයන්ය.

     අනෙක් පසින් කාන්තාවන් වඩාත් ආකර්ශණීය වන්නේ පළල් හකු සහිත පිරිමින්ටය. මන්දයත් පළල් හකු යනු ශක්තියේ සහ ලිංගිකපරිණත බවේ ලකුණුය.

  පිරිමි සහ ගැහැණු දෙපක්ෂයම මුහුණේ හැඩය සහ ප්‍රමාණය තේරීමේදී බොහෝ විට සාමාන්‍යට කැමැත්තෝය. ඉතා විශාල හෝ ඉතා කුඩා නහය, දෙතොල්, කන් ආදිය ආකර්ෂණීය බව හීන කරයි.

   තවත් පර්යේෂණයකින් හෙළිකරනුයේ ඇතැම් මුහුණුවර අප තුළ වඩාත් විශ්වසනීයත්වය ඇති කරන බවයි. සමහර මුහුණුවර තුළින් නායකත්ව ලක්ෂණ පිලිබද අනාවැකි කියවෙන බව මෙම පර්යේෂණය අනාවරණය කරයි.අඛණ්ඩ නිරීක්ෂණයන්ගෙන් පෙන්නුම් කරනුයේ අපේක්ෂකයන්ගේ මුහුණ දැකීමෙන් පමණක් මැතිවරණය ජයග්‍රහහණය කරන්නේ කවුදැයි පෙර කීමේ හැකියාවක් මිනිසුන්ට ඇති බවයි.

   අවසන් වශයෙන් කිව යුත්තේ පුද්ගල මුහුණුවර  සුන්දරත්වය, ආකර්ශණය තීරණය කරන ප්‍රබල සාධකයක් වුවද එය කිහිපයක් අතුරින් එකකි. තවද ශරීරය, කොණ්ඩා මෝස්තරය, ඇඳුම, කට හඬ ආදිය පුද්ගල ආකර්ශණය ඇති කිරීමෙහිලා බලපානු ලබන අනෙකුත් සාධකයන්ය.

                                                                                          - එස්. ඒ. සුචින්තන දසුන්
                                                                                             දෙවන වසර
                                                                                             පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මෙම ලිපියේ සියලු අයිතිය සුචින්තන දසුන් සොයුරා සතුවන අතර උපුටාගැනීම් ඔහුගේ අවසරය මත සිදුවිය යුතුය. ඔබටත් මෙවැනි ශාස්ත්‍රීය ලිපි නිර්මාණයක් හෝ උපසිරසි නිර්මාණයක් අප අඩවියේ පළකරවා ගැනීමට අවශ්‍ය නම් පහත ඊ-මේල් ලිපිනය මගින් අප සම්බන්ධ කරගන්න.
contact.sirasi@gmail.com


2 comments:

  1. නියම ආටිකල් එක කොල්ලා...කෙල්ලෙක්ව සෙට් කරගන්න කවුරුහරි හිතාගෙන ඉන්නවානම්,මේ ආටිකල් එක බලලා වැඩේට බහින්න..කෙල්ල අනිවා සෙට් වෙනවා..

    එළ,එළ..well done bro..

    ReplyDelete
  2. සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේදී මේ ආටිකල් එකේ පිළිවෙලට තෝරා ගැනීම් කළොත් හොද
    වෙයි කියලා මම හිතනවා...

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger