IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

Roots & Tuber Crops

Post by Unknown | at 9:54 PM | 3 Comments | Categories

                                                               අල නොවී අල කමු


මොනාද මේ අල?


අපි සෙල්ලම් කරද්දි, කැම්පස් එකේදි, අල වෙන්න කැමති නැහැ. ඒත් ගොඩක් දෙනා  කෑමවේලකදී නම් අල කන්න ආසයි. මේ වෙනකොට ලංකාවේ ආහාර වේලට අල නැතුවම බැරි ආහාරයක් වෙලා තියන්නේ. ගොඩක් දෙනෙක් අල කනවා කියලා.ගොඩක් දෙනෙක් අර්තාපල් අල තමයි කන්නේ. නමුත් අර්තාපල් වලට වඩා පෝෂ්‍යගුණය වැඩි අල වර්ග ඕනතරම් තියනවා.කිරි අල. මයියොක්කා, බතල, ගහල, රාජ අල වගේ අල වර්ග ඒ අතර තියනවා. පොදුවේ ගත්තොත් අල කියන්නේ ලෝකයේදෙවන ප්‍රධාන ආහාරය. ඒක දෙවනි වෙන්නේ ධාන්‍යවලට විතරයි.


අලවල විශාල කැලරි ප්‍රමාණයක් අඩංගුයි. ‍‍ඖෂධීය වටිනාකම් රාශියකුත් තියනවා. ශක්තිජනක නිෂ්පාදනය, උදරාබාධවලට දෙන බෙහෙත්, උත්තේජක, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාවට ඖෂධ හදන්න විවිධ අල වර්ග භාවිතා කරනවා. අල වර්ගවල කැරොටිනොයිඩ්, ඇන්තොසයනින් වැනි වර්ණක අඩංගු වෙනවා. අලවල ප්‍රධානවම  කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය, විටමින් c අඩංගු වෙනවා.



අලවල අවාසි


අලවල තියෙන ප්‍රධාන අවාසිය තමයි අඩු ප්‍රෝටීන් ප්‍රතිශතයක් අඩංගු වීම. අප්‍රිකානු රටවල ප්‍රෝටීන ඌනතා රෝග ඇතිවීමේ ප්‍රධානම හේතුව අල වර්ග ප්‍රධාන ආහාරය ලෙස ගැනීම කියලා සමීක්ෂණවලින් හෙලිවෙලා තියනවා. ඒකට හේතුව තමයි ධාන්‍ය වර්ගවලට සාපේක්ෂව අලවල අඩංගු ප්‍රෝටීන ප්‍රතිශතය ඉතා අඩුයි. උදාහරණයක් විදිහට මයියොක්කාවල ප්‍රෝටීන  ප්‍රතිශතය බර අනුව 1% ක් වගේ තියෙන්නේ.ඒත් සහල්වල ඒක 7%-16% අතර තියෙනවා වාසනාවකට වගේ අපේ රටේ ප්‍රධාන ආහාරය බත් අල නෙමෙයි.අල ප්‍රධාන ආහාරය වුනා නම් අපිවත් අල වෙන්න තිබුණා.මොකද ලංකාව වගේ දුප්පත්රටක මිපිස්සුන්ට මස්,මාලු,කිරි වගේ ආහාර නිතරම ආහාර වේලට එකතුකරගන්න අමාරුයි.ඒත් අපේ ප්‍රධාන ආහාරය වන බත්වලින් තමන්ගේ ප්‍රෝටීන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරා ගන්නේ.

අලවල වර්ග සහ ඒවායේ රසායනය


අලවර්ගවලින් සමහර වර්ගවල ආහාර ජීර්ණයට බාධා කරන සාධක(Anti-Nutritional Factors)වගේම විෂද්‍රව්‍ය (Toxic substances)අඩංගු වෙනවා. සයනොජෙනික් ග්ලයිකොසයිඩ්(cyanogenic Glycosides)ඇල්කලොයිඩ (Alkaloids) ෆයිටික් අම්ලය(Phytic acids) ට්‍රිප්සින් නිෂේධක(Trypsin Inhibitors)අඩංගු වෙනවා.
සයනොජෙනික් ග්ලයිකොසයිඩ් මයියොක්කාවල(වි.නාමය-Manihot esculenta crantz) තියෙන්නේ. අපි ආහාර සකස් කරද්දි සයනයිඩ්(Cyanide)‍වෙන්නේ මේක නිසා තමයි. මයියොක්කා තම්බන්නේ භාජනයේ පියන ඇරලා. එතකොට මේ හැදෙන සයනයිඩ්. හයිඩ්‍රජන් සයනයිඩ්(HCN)විදියට හුමාලයත් එක්ක පිට වෙනවා. ඒ වගේමයි මයියොක්කා තම්බන්න කලින් ඒ අලවල තියෙන පරණ කැපුම් තැලීම් කොටස් ඉවත් කරන්න ඕනේ. ඒ වගේ තැන්වලත් සයනයිඩ් බහුලව පවතිනවා. සයනයිඩ් අපේ ශරිරයට ඇතුල් වුනොත් සයනයිඩ් අයන(CN-)අපේ රැධිරයේ රතු රුධිරාණුවල ඔක්සිජන් පරිවහනයට දායක වන හිමොග්ලොබීන් වර්ණකය සමග සම්බන්ධ වෙනවා. එතකොට සෛලීය ශ්වසනය අඩාල වෙලා අපිව මියයන්න පවා පුලුවන්. ඒ නිසා මයියොක්කා පිළියෙල කරද්දි එරියට කරන්න ඕනේ. මයියොක්කාවල කාබෝහයිඩ්‍රේට් 35% ප්‍රෝටීන් 1%-2% ඛනිජ ලවණ 1% වගේ තියෙන්නේ.

බතල (වි.නාමය-Ipomoea batatas L.)කතා කලොත් කෙදි බහුල ආහාරයක් ඒක. විටමින් C,රයිබොෆ්ලෙවින් අඩංගුයි.GI(Glysamic Index) අගය අඩු නිසා දියවැඩියා රෝගීන්ට ගොඩක් සුදුසුයි ඒක. කිරි අල ගැන කතාකලොත් සුදු කිරි අල, දිය කිරි අල, කහ කිරි අල. ලෙස වර්ග කිහිපයක් තියෙනවා. කිරි අලවල ප්‍රෝටීන් ප්‍රමාණය වෙනත් අලවලට වඩා ටිකක් වැඩියි. ඒත් ධාන්‍ය වර්ග තරම් නම් වැඩි නැහැ. අර්තාපල් (වි.නාමය-solanum tuberosum)විස්තර කළොත්. ඒවා පැළ කරලා මාසෙකින් විතර අස්වැන්න ගන්න පුලුවන්. අර්තාපල් අලවල පොත්තේ මෘදුස්තර සෛල සහ පරිචර්මය තියෙන නිසා හිරු එලියට අල නිරාවරණය වුනාම ක්ලෝරෝෆිල් (chlorophyll)සංස්ලේශණය වෙනවා. එතකොට අල ගෙඩිවල කොළපාට පැල්ලම් එනවා. ග්ලයිකලොයිඩ් (Glycaloids)ඇතිවෙලා තිත්ත රසකුත් එනවා. අර්තාපල් පොත්ත ඉවත් කළාම 60% ක් විතර ග්ලයිකලොයිඩ් ඉවත් වෙනවා.




අලවල නිෂ්පාදන


අල පෙති, අල පිටි, සිරප් වර්ග, එතනෝල්, බේකරි නිෂ්පාදන, සත්ව ආහාර වගේ දේවල් විවිධ අල වර්ග යොදාගෙන නිෂ්පාදනය කරනවා.

අල ද? බත් ද?


යුරෝපා, දකුණු ඇමරිකා රටවල මයියොක්කා, අර්තාපල් වලින් විවිධ නිෂ්පාදන කරනවා. නමුත් ඔවුන් මස් මාලු අධිකව ආහාරයට ගන්න නිසා ප්‍රෝටීන් ඌනතා රෝග ඔවුන්ට අඩුයි. ලංකාවේ අපිට ප්‍රධාන ආහාරය සහල් ඉතා සුදුසුයි. අල වර්ග අතුරු ආහාරයක්  විදියට තිබුණම හොදටම ඇති කියලයි මම හිතන්නේ. අල නොවි අල වර්ග ආහාරයට ගත්තම අපේ සෞඛ්‍යට වගේම සාක්කුවටත් හොදයි.

                                                                           -අමිල චාමර ගුණසිංහ-
                                                                           - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-

3 comments:

  1. අල වර්ග කන එක හොදයි. මම හිතන්නෙ ඒවායෙ වැඩිපුර පිෂ්ඨය තියෙන නිසා ශරීරය මහත් වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි. ඒ නිසා වේලක් පිරිමහ ගන්න කියලා පමණ ඉක්මවා ආහාරයට ගැනීම සුදුසු නෑ. අල සම්බන්ධයෙන් අපි දන්නෙ නැති ගොඩක් කරුණු කියලා දුන්නට අමිල සහෝට ගොඩක් ස්තූතියි. දිගටම ලිපි නිර්මාණ දාන්න ශක්තිය ලැටබ්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  2. well done amila. you guys have done great. i read all of the articles. all the very best carry on :)

    ReplyDelete
  3. Thanx a lot indi...i hope to launch some more articles soon :D

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger