IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

මීයා බල්ලා බවට පරිණාමය වූ හැටි

Post by Unknown | at 11:23 AM | 0 Comments | Categories

                               Mouse එකේ පරිණාමය

සීඝ්‍රයෙන් දියුණුවන පරිගණක ලෝකයේ තවත් විශිෂ්ට නිර්මාණයක් ගැන. දැන මම ඔයාලට කියලා දෙන්න හදන්නේ නවීනතම computer mouse එකක් ගැන .මේක තාම වෙළඳ පොලට නිකුත් කරලා නෑ .ළඟදීම ඔයාලට මිල දී ගන්න පුළුවන් වේවි .celluon ආයතනයෙන් තමයි මේක හදලා තියෙන්නෙ.Evomouse කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ .ඔයාලට මතක ඇති අර බෝලේ තියෙන mouse එක එපා වෙනවා එකෙන් වැඩ කරන්න ගියාම .ඊට පස්සෙ දෙවියො පිහිට උනා වගේ optical mouse එක ආවේ .ඒකනම් නියම නිර්මාණයක් ඒත් හැම මතුපිටකම පාවිච්චි කරන්න බෑනෙ. නමුත් අපි තාම පාවිච්චි කරන්නෙ optical mouse එකනෙ. laptop සඳහාම touch pad එකක් පසුව නිර්මාණය වෙනවා. භාවිතා කරන්න ටිකක් අමාරු උනත් හොඳ නිර්මාණයක් ඒක. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නෙ mouse එකේ තවත් දියුණු අවස්ථාවකට යුගයේ නවතම mouse එක මේක හරි  අපූරු නිර්මාණයක්. 



හුරතල් බලු පැටියෙකුගෙ ස්වරූපයෙන් තමයි හදලා තියෙන්නේ. තාම වීඩියෝ එකක් විතරයි නිකුත් කරලා තියෙන්නෙ එකේ features බලාගන්න. මේකත් මැජික් කියුබ් එක වගේම තමයි. නමුත් මේකෙ mouse & keyboard දෙකම අන්තර්ගත වෙනවා. අධෝ රක්ත කිරන තාක්ෂණයමයි භාවිතා කරලා තියෙන්නේ.
 

දැන් බලමු කොහොමද මේකෙ වැඩ කියලා 

අපේ පුංචි බලු පැටියට පුලුවන් ඕනිම මතුපිටක් touch pad එකක් කරන්න. ඔයාලගෙ ඇඟිලි වලින් තමයි මෙක හසුරුවන්න තියෙන්නේ. කුඩා ඉඩ ප්‍රමාණයක් තමයි උවමනා වෙන්නේ. වැඩි අමාරුවකින් වැඩ කරන්න උවමනා නෑ. සාමාන්‍ය විදියට ඇඟිල්ල හසුරුවන්න තියෙන්නේ. මේක lap top touch pad එකකින් වැඩ කරනවට වඩා ලේසියි. සාමාන්‍ය mouse එකක් වගෙ click,double click,right click වගේම  cursor එක පලනය කරන්න තියෙන්නෙත් අඟිල්ලෙන්.

මේක වැඩ කරන්නේ මෙහෙමයි. 



මූලික සිද්ධන්ත 2ක් භාවිත කරනවා.
1. 3D electronic perception sensor chips.
2.image processing software

මේ ක්‍රමය රේඩාර් පද්ධති වල තිබෙන ක්‍රමය වගේම තමයි. අපේ අතේ වැදිලා අධෝරක්ත කිරණ පරාවර්තනය වුනාම sensor chip මගින් හඳුනාගන්නවා. එම වට පිටාවෙ සිදුවන වෙනස් වීම් මෘදුකාංගය මගින් සිතුවම් කරගන්නවා. මෙම chip එක තත්පරයකට රුපරාමු 50ක් නිර්මාණය කරනව. අඛන්ඩව සිදු කරන මේ ත්‍රිමාන රූප නිර්මාණය නිසා අපේ ඇඟිලි වලින් mouse එකක් ඉබේම නිර්මාණය වෙනවා. කෙසේ නමුත් මෙහි මූලික සිද්ධාන්තය වන්නේ "පියාසර කාලය" කියන සිද්ධාන්තයයි. වස්තුවක චලනය හන්ඳුනා ගැනීමේ තාක්ෂණක් යන්නයි එහි තේරුම වෙන්නේ. අධෝරක්ත තරංග විමෝචකයක් භාවිතා කරනවා. ඒ වගේම IR CMOS sensor එක භාවිතා කරනවා. අධෝරක්ත කිරන ඇසට නොපෙනෙන නිසා LED භාවිතා කරනව මවුසය ක්‍රියාත්මක වන ප්‍රදේශය හඳුනා ගැනීමට.

දැන් බලමු මේකෙ Function මොනාද කියලා. 



මේකෙන් cursor එක එහා මෙහා ගෙන යන එක left click,right click විතරක් නෙමෙයි කරන්න පුළුවන්. dragging,double click,zooming,scroling,click & select,drag and drop,rotate,pinch zoom ඒ විතරක් නෙමෙයි මේකෙ තියෙන විශේෂම දේ තමයි handwriting recognition විශේෂාංගය ඇඟිල්ලෙන් වගේම පෑනකින් ලියන දෙයක් උනත් හඳුනා ගැනීමේ හැකියාවක් මේ සතුයි. මේක භාවිතා කරලා අපිට paint වල අතින් අඳිනවා වගේම චිත්‍ර නිර්මාණය කරන්න පුලුවන්.

දැන් බලමු කොහොමද පරිඝණකයට  මේක සම්බන්ධ කරන්නෙ කියලා.

රැහැන් රහිතව බ්ලු ටූත් මහින් හෝ රැහැන් සහිතව USB වලට සම්බන්ධ කරන්න පුළුවන්. බ්ලූ ටූත් භාවිතා කරන්නේ නම් වරක් චාජ් කල පසු පැය 2ක් භාවිතා කල හැක. USB භාවිතා කරන්නේනම් චාජ් සම්බන්ධව ප්‍රශ්නයක් නැත. 



evomouse එකේ විශේෂත්වයන් ,

1. මවුසයේ දියුණුම අවස්ථාව වීම.
2. ඇඟිල්ල mouse pointer එක වීම.
3.ඕනෑම මතුපිටක භාවිතා කල හැකි වීම.
4.කුඩා ඉඩ ප්‍රමාණයක් සෑහීම.
5. ඇඟිලි භාවිතා කරලා ඕනෑම ස්ථානයක click කිරීමේ හැකියාව.
6. scroll,rotate,zoom,forward හා back කාර්‍යයන්ද සිදුකල හැකි වීම.
7. සෑම desk top & lap top පරිඝණකයකටම භාවිතා කල හැකිවීම.
8. ඇඟිල්ල හෝ පෑනක් මගින් අලංකාර සිතුවම් නිර්මාණය කල හැකිවීම.
9. බ්ලූ ටූත් හෝ USB භාවිතා කල හැකිවීම.
10.ඕනෑම මෙහෙයුම් පද්ධතියක් සඳහා මෙන්ම ස්මාර්ට් ජංගම දුරකථන සඳහාත් යොදා ගත හැකි වීම.
11.Carpal tunnel රෝගයෙන් පෙලෙන අයටද භාවිතා කල හැකි වීම.
12.සාමාන්‍ය මවුසයක් භාවිතා කිරීමෙන් මෙන් මැණික් කටු චලන දුබලතා ඇති නොවීම. 
ඔයාලට මේ ගැන වැඩි විස්තර බලන්න කැමති නම්,



සජිත් වෙනුෂ්ක යටගම්පිටිය
රුහුණු විශ්ව විද්‍යාලය

No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger