IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

දහසය වසරක සිහිනය...

Post by Unknown | at 6:03 AM | 1 Comments | Categories

                           ඉතිරිව ඇත්තේ තව පැය කිහිපයකි


හතර වෙනි වරට පැවැත්වෙන ලෝක කුසලාන 20-20 තරගාවලියේ අවසාන මහා තරගය සදහා තවත් ඉතිරිව  ඇත්තේ පැය කිහිපයක් පමණි.තරගය අපේ එවුන්ට දිනන්න තියෙන චාන්ස් එක ගොඩක්ම වැඩි බව මම වගේම ඔබත් හොදින්ම දන්න දෙයක්,ඒත් අපි හැමෝගෙම ඒ ගැන හිත ඇතුලේ පොඩි බයක් තියෙන එක සාධාරණයි.මොකද පොඩි වැරැද්දකින් මැච් එකේ සියල්ල වෙනස් විය හැකි නිසාය.මේ වන විට  අවසාන මහා තරගය සදහා මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායමත්,ඩැරන් සැමීගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමත් සුදුසු කම් ලබා ඇති අතර මෙවර ජයග්‍රාහකයා කවුදැයි දැන ගැනීමට තව පැය කිහිපයකින් හැකිවනු ඇත.


කණ්ඩායම් දෙක සංසන්දනය කිරීමේදී පිතිකරුවන් අතරින් කොදෙව් පිතිකරු ලැයිස්තුව තරමක් ප්‍රබල වුවද ඔවුන්ගේ පන්දු යැවීමේ අංශය නම් එතරම් සාර්ථක මට්ටමක නැත.නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් හා පන්දුයැවීම යන අංශ දෙකෙන්ම සමබර කණ්ඩායමක් සිටින බැවින් මා දකින ආකාරයට අපේ කණ්ඩායම ඉදිරියෙන් සිටින කණ්ඩායමයි.ඇත්තටම මෙම කණ්ඩායම් ගැන කතා කරනවාට වඩා ලංකාව ක්‍රිකට් ලෝක කුසලාන අවසාන මහා තරග සහ අවසන් පූර්ව තරග කරා පැමිණි ආකාරය සලකා බැලීම වටියි.



ශ්‍රී ලංකාව ක්‍රිකට් ඉතිහාසයේ දක්වා ඇති ඉහළම දක්ෂතාවය වන්නේ 1996 අර්ජුණ රණතුංගගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමයි.ඉන්පසුව කාලය සලකා බලන කල නැවත එවැනි දක්ෂතාවයකට ශ්‍රී ලංකාව පැමිණියාද යන්න සලකා බලමු.

1999 දී එංගලන්තයේ පැවති ලෝක කුසලාන තරගාවලියෙන් ලංකාව පලමු වටයේදීම ඉවත් විය.ඉන්පසුව යම්කිසි දක්ෂතාවයක් දැක්වූයේ 2002 වසරේ ලංකාව විසින් සත්කාරකත්වය දැරූ අයි.සී.සී. ශුරයන්ගේ කුසලානය ජයග්‍රහණය කිරීමයි.නමුත් එහිදී ලංකාව සමග ඉන්දියාවද  සම ශූරයන් බවට පත්වුයේ වර්ෂාව නිසාවෙනි.2003 වසරේදී දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී  සනත් ජයසූරිය නායකත්වය ලබාදුන් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වාම පැමිණියේය.ඒ පැමිණියේ අවසන් පූර්ව වටය ඕස්ට්‍රේලියාව හා තරග කිරීමටයි.එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු පිලේ මුල් කඩුළු 4 ඉක්මණින් දැවී ගිය නමුත් අවසානයේ ඇන්ඩෘ සයිමන්ඩ්ස් නොදැවී ලබාගත් ලකුණූ 91 නිසා ඕසට්‍රේලියාව ලකුණු 200 සීමාව පසු කළ අතර ලංකාවේ පිතිකරුවන් ඉක්මණින් දාවා ගැනීමට බ්‍රෙට් ලී ඇතුළු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූ අතර වර්ෂාව නිසා තරගය නතර කරන විට ඩක්වත් ලුවිස් ක්‍රමය අනුව ජය ඕස්ට්‍රේලියාවට හිමි විය.


මීළගට 2007 ලෝක කුසලානයේ  අවසාන මහා තරගයටද මහේල ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබූ අතර එහිදී මුළු ලෝක කුසලාන තරගාවලියේම අසාර්තක වු ඇඩම් ගිල්ක්‍රිස්ට් ලබාගත් ලකුණු 144 නිසා ලංකාවට පරාජයට පත්වීමට සිදුවිය.නමුත් අපේ ක්‍රිකට් කණ්ඩායම කිසිදිනක අධෛර්මත් වුයේ නැත. නිරතුරුවම දක්ෂතා දක්වමින් 2009දී 20-20 ලෝක කුසලානය අවසාන මහා තරගයටද,2011 ලෝක කුසලානයේ අවසාන මහා තරගයටද සුදුසුකම් ලැබීමට සමත් විය.


 නමුත් අපේ මුළු මහත් ශ්‍රී ලංකාවේම ක්‍රිකට් ලෝලීන් 1996න් පසුව වසර 16ක් මුළුල්ලේ පුල පුලා බලා සිටියේ තවත් ලෝක  කුසලානයක් ලංකාවට ගෙන එනතුරුය.මහේල ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මුහුන දෙන්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ඊයේ පවසා ඇත්තේ ලංකාවට අපි කැමතියි.ඒත් හෙට අපි අතින් ලංකාව පරාජය වීම ගැන කණගාටු වන බවයි.එහෙත් කොදෙව් කණ්ඩායම රදා පවතින්නේ ක්‍රිස් ගේල් මතයි.ඔහුව ඉක්මණින් දවා ගැනීම යනු තරගයේ ජයග්‍රහණය ලංකාවට අනිවාර්යයෙන් ලැබීමක් බව ඕස්ට්‍රේලියානු නායක ජෝන් බේලි ඊයේ මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.

ක්‍රිස් ගේල් තියා මොන වැඩර් ඇවිත් මොන කතා කිව්වත් එහු ඉක්මණින් අවුට් වුනත් නැතත් ලංකාව අනිවාර්යයෙන් ජයගන්නා වාතාවරණයක් දැන් පවතී.මොකද ලංකාවට දැන් සිටින කණ්ඩායම ඉතා සමබර එකකි.කොදෙව්වන් වගේ වන් මෑන් ෂෝ එකක නොවේය.සමහර විට අද රංගන හේරත් වෙනුවට අකිල ධනංජය ක්‍රීඩා නැතුව  කළ හැකි අතර,නැතහොත් ඒ දෙදෙනාම ක්‍රීඩා කර තිරිමාන්න ඉවත් වීමේ ප්‍රවණතාවයක් පවතින බවද ඇතැම් විචාරකයන් පවසයි.නමුත් මගේ අදහස නම් අද තරගය කලින් පකිස්ථානය සමග ක්‍රීඩා කළ කණ්ඩායම එලෙසම ක්‍රීඩා කළ යුතු බවයි.එමෙන්ම අපේ ප්‍රේක්ෂකයින් තරගය නැරඹීමට පැමිණ කරන සහය අපේ කණ්ඩායමට ඇති ලොකුම හයියකි.


ලංකාව 96න් පසුව ලෝක කුසලාන තරගයක් ජයග්‍රහණය නොකළ අතර වසර 16ක් ඒ ගැන සිහින දකිමින් මිලියන ගණනක් ලාංකික ක්‍රීඩා ලෝලීන්,එමෙන්ම ක්‍රිකට් කණ්ඩායම බලා සිටියේය.ඒ සිහිනය සැබෑ වීමට ඇත්තේ තව පැය කිහිපයක් පමණි.ඇත්තෙන්ම ලෝක කුසලාන තරගාවලියක් ජයග්‍රහණය කරන කාලයේ අපි ජීවත් වීමත් එක්තරා වාසනාවකි.අපට පසු කලක හෝ මේ තරග ගැන විස්තර රස කරමින් එය නොබැලු අනාගත පරම්පරාවට පැවසිය හැකිය.


අපේ කොල්ලන් 2011 දී ඉන්දියානු කණ්ඩායමට එරෙහිව අති දක්ෂ ලෙස ක්‍රීඩා කර ලෝක කුසලානය දිනා ගැනීමට නොහැකිව පැමිණ කදුළු පිරි දෙනෙතින් විස්තර පවසද්දී ඒ දිහා හැගීම්බරව ඔබත් බලා සිටියා මතක ඇති.අපේ එවුන්ගේත් ඔබේත් ඒ හිත යට තිබූ වසර 16ක සිහිනය අද සැබෑ වනවා නියතයි.ඒ වේලුණු කදුළු කැට අතරින් හිනාවීමට ඇත්තේ තව පැය කිහිපයකි.ඇත්තටම ඒ චමත්කාර අවස්ථාව උදාකරගන්නා අපි කෙතරම් වාසනාවන්ත ද?
අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

1 comment:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger