IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

කොරැක්ස් පැණියෙන් කොරවූ අපේ කොල්ලෝ

Post by Unknown | at 6:20 AM | 2 Comments | Categories

 කොරැක්ස් සිරප් ලංකාව තුළ තහනමට ලක් කරයි.



 ලංකාවේ කොල්ලො කෙල්ලෝ,විශේෂයෙන්ම කොල්ලන් විනෝද වෙන්න ගොඩක් ආසයි.සරල විදිහට කියනවා නම් ආතල් ගන්න ගොඩක් කැමතියි.ඒ විදිහට ආතල් ගනිද්දී කොල්ලො සෙට් එකත් එක්ක ට්‍රිප් එකක් යන්න,එතකොට මැච් බලන්න යන්න මේ වගේ දේවල් වලින් යම් විනෝදයක් ලබා ගත්තාට කමක් නෑ.ඒත අපේ තරුණ පරපුරේ ඒ කියන්නේ විශේෂයෙන් අවුරුදු 15-25 අතර පිරිමි ළමුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා විනෝද වෙන්න හදන එක ගැන නම් කණගාටුදායක කරුණකි.ඇත්තටම මත්ද්‍රව්‍ය විදිහට බොහෝ වෙලාවට පාවිච්චි කරන්නේ ශරීරයට විශාල වශයෙන් අහිතකර වන දේවල සිගරට්,ගංජා,මත්කුඩු වැනි ප්‍රබල දේවල් පාවිච්චි කිරීමට පවා අද තරුණ පරපුරේ සමහර පිරිස් යොමු වී ඇත.



මේ අතරින් මා නොකියූ එහෙතේ ගොඩක් දෙනා අතර ජනප්‍රිය පහසුවෙන් ලබාගතහැකි නිල නොවන මත්ද්‍රව්‍යයක් ලෙස කොරැකස් කොල්ලන්ගේ වචන වලින් කියනවා නම් පැණිය හැදින්විය හැකිය.සමහර තරුණ කොටස් මේ පැණිය ගහන්නට ඇබ්බැහි වී ඇත්තේ ඉතා පුදුමාකාර විදිහටය.කොරැක්ස්-ඩී,කොරැක්ස්-ටී ලෙස විවිධ වර්ගවලින් වෙළදපොළේ ඇති මෙය ඇත්තටම ඖෂධයකි.කැස්සට හා සෙම ගතියට පානය කරන මෙය පාසල් ළමුන් සහ තරුණ කොටස් මත්ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් ඇති වු නිසා පසුගිය අවුරුදු ගණනාව මුළුල්ලේම වෛද්‍ය නිර්දේශයකින් තොරව ඔසුසල්වලින් කිසිවෙකුටත් අලවි කිරීම තහනම් කර තිබුණි.



නමුත් ඔසුසල් හිමියන් බොහෝදෙනෙක් මේවා ගණන් ගත්තේ නැත.ඇදුරුම්කමට හරි බිස්නස් ටික කරගන්න හරි මේවා හිතුමතේ විකිණිම නිසා බොහෝ දෙනා අතර ලෙහෙසියෙන් ලබාගත හැකි මත්ද්‍රව්‍යයක් ලෙස කොරැක්ස් -ඩී ජනප්‍රිය විය.මෙය මත්කුඩු වගේ ළගා තබාගෙන අහු වුණත් අවුලක් නැති නිසා සමහර තරුණයන් මෙය දිනපතකා පානය කිරීමට ඇබ්බැහි විය. කැස්සට බොනකොට නම් වැඩිහිටි පුද්ගලයෙක් දිනකට තේ හැදි 4ක්ද,වසස අවුරුදු 6-16 අතර දරුවන් දිනකට තේ හැදි භාගේ ඒවා 4ක්ද පමණක් පානය කළ යුතුයි.නමුත් එයට ඇබ්බැහි වූ තරුණයන් මෙයින් බෝතල් භාගයක් එනම් 50ml-100ml අතර ප්‍රමාණයක් පානය කරයි.මෙය ශරීරයට ඉතා අහිතකර බව වෛද්‍යවරු පවසා ඇත.


වැඩියෙන් පානය කළ විට හිසේ බර ගතිය,නින්ද යාමේ අපහසුතා,හිසේ කැරකිල්ල,පේශි අක්‍රිය වීම,උගුර කට වියළිම වැනි අහිතකර ප්‍රතිඵල ඇතිවේ.දිගුකාලීනව අවුරුදු 2-3ක් භාවිතයෙන් වකුගඩු නරක් වීම,පෙනහළු සහ ශ්වසන පද්ධතියේ අක්‍රියතා,අධික ලෙස සිහින් වීම,සිහිය විකල් වී මානසික රෝග ඇතිවීම සිදුවන බව වෛද්‍යවරු පවසයි.
මෙම ඖෂධය ඉන්දියාව,පනිස්ථානය,ලංකාව වැනි දකුණු ආසියාතික රටවල වැඩිපුර අලවි වන අතර වෛද්‍ය නිර්දේශයක් සහිතව 90%ක් පමණ මේවා අලවි වෙයි.මෙහි ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍ය ලෙස chlorpheniramine maleate සහ codeine phosphateඅඩංගුයි.මෙම හේතු නිසා කැස්ස සඳහා භාවිතා කරන කොරෙක්ස් ඩී නැමැති සිරප් වර්ගය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කොට තිබේ.ඒ අනුව ‍ කොරෙක්ස් වෙළද නාමය සහිතව කැස්සට ලබා දෙන සියලුම සිරප් වර්ග දිවයින පුරා භාවිතය හා අලෙවිය තහනම් කර ඇති බව එම අමාත්‍යංශය සඳහන් කර ඇත.


මෙම සිරප් වර්ගය නීති විරෝධී ලෙස වෛද්‍ය නිර්දේශවලින් තොරව භාවිතයට ගැනීම නිසා මේ වන විට සති දෙකක් වැනි කාලයක් තුළ පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ති‍බේ.මේ වන විටත් මෙම සිරප් වර්ගය අධික ලෙස පානය කිරීම සඳහා ‍රෝගාතුර වූ පුද්ගලයෙකු කොළඹ ජාතික‍ රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවද සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශයක් නිකුත් කර ඇත.මෙම සිරප් වර්ගය වෛද්‍ය නිර්දේශ නොමැතිව ඇතැම් පෞද්ගලික ඔසුසැල් වලින් නිකුත් කරනු ලබන බව එම අමාත්‍යංශය පෙන්වා දී ඇත.එබැවින් මෙම සිරප් වර්ගය අධි මාත්‍රාව වශයෙන් මත්වීම සඳහා භාවිතා කිරීම නිසා මෙම මරණ සිදු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.


ඇත්තටම මේ පිළිබදව අරන් තියෙන තීරණය නම් ඉතා හොදය.මොකද මෙවැනි පැණි වර්ග වෛද්‍ය නිර්දේශ නොමැතිව කොතෙකුත් තැන් වල අලවි වෙනවා ඇතිද?දැන් කොරැක්ස-ඩී ළග තබාගැනීමට තහනම් වන අතර එමගින් තරුණ පරපුර මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වීම  යම්තාක් දුරකට හෝ නවතිනු ඇත.අකින කොරැක්ස් වෙනුවට කැස්සට  භාවිතා කළ හැකි මත්නොවන ඖෂධ අද වෙළද පොලේ ඇත.උදාහරණ ලෙස Herbal cough syrup,cherry bark blend,Alponkraft herbal syrup හදුන්වා දිය හැකිය. මේ සියල්ල නිසා කොරැක්ස් භාවිතය තරුණ පරපුරෙන් නැති කර ගැනීමට දැන් කාලය එළඹී ඇත.සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් මෙම ක්‍රියාමාර්ගය ප්‍රශංසාවට ලක්විය යුතුය.තවදුරටත් මෙවැනි ක්‍රියාමාර්ගවලින් මත්ද්‍රව්‍ය භාවිතය ලංකාවේ අඩු කරගැනීමට හැකි වේවායි පතමු!

 අමිල චාමර ගුණසිංහ
 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

2 comments:

  1. [url=http://glitter-graphics.com/myspace/text_generator.php][img]http://text.glitter-graphics.net/disco/m.gif[/img][img]http://text.glitter-graphics.net/disco/a.gif[/img][img]http://text.glitter-graphics.net/disco/x.gif[/img][img]http://text.glitter-graphics.net/disco/x.gif[/img][img]http://text.glitter-graphics.net/disco/a.gif[/img][img]http://dl3.glitter-graphics.net/empty.gif[/img][/url]

    ReplyDelete
  2. http://www.elakiri.com/

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger