IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ජලය වෙනුවට ගින්දර කඩාහැලෙන ලෝකයේ එකම ඇල්ල

Post by Unknown | at 8:20 AM | 2 Comments | Categories
   ගින්දරවගේ කඩාහැලෙන ගින්දර ඇල්ල



ඔයගොල්ලො ගින්දර  කඩා හැලෙන දියඇල්ලක් ගැන දන්නවද? ටිකදෙනෙක් නම් මේ ගැන දන්නවා ඇති. ඒත් බහුතරයක් පිරිසක් මේ ගැන නොදන්නවා වෙන්නටත් පුළුවන්. මමත් මේක මුලින් දැනගත්තාම පුදුම හිතුනා. ඇතිවෙච්ච කුතුහලය නිසාම මේ ගැන අන්තර්ජාලය පිරික්සලා පොඩ්ඩක් කරුණු ටිකක්  හොයලා බැලුවා. මට මුළින්ම හමුවුණේ මේකෙ පින්තූර ටිකක් විතරයි. පස්සෙ මම හොයාගත්ත කරුණු ටික දන්න සිංහලෙන් ඔයගොල්ලන්ට ලබාදෙන්න තමයි මේ ලිපිය සකස් කළේ. එහෙනම් අපි ගින්දර ඇල්ල ගැන විස්තර ටිකක් දැනගමු.




ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ජනපදයේ තියෙන යෝස්මයිට් ජාතික උද්‍යානයේ (Yosemite National Park) තමයි මේ ගින්දර ඇල්ල පිහිටා තියෙන්නෙ. යෝස්මයිට් ජාතික උද්‍යානය ගැන කියනවනම් ඒක ජාතික උද්‍යානයක් විදියට ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කරලා තියෙන්නෙ 1890 වර්ෂයෙදි. රළු භූවිෂමතාවයකින් යුක්ත වීම, සියවස් ගණන් පැරණි පයින්ස් ගස් පැවතීම, දියඇලි පිහිටා තිබීය යන කරුණු හේතු කරගෙන මෙම උද්‍යානය ලොවපුරා ජනප්‍රිය විය. ව.කි. 1200ක් පුරා විහිදුණු  උද්‍යානයේ ජනප්‍රියත්වය සදහා මූලිකව බලපා තිබෙන්නේ එහි පිහිටා තිබෙන ගින්දර ඇල්ලයි. 

1871 වර්ෂයේදී යෝස්මයිට් නිම්නය හරහා ජේමිස් මැකින්ලි(James McCauley) නැමති පුද්ගලයා සැතපුම් හතරක් දිග මාර්ගයක් තනා Glacier Point කියන ස්ථානයේ පුංචි හෝටලයක් හැදෙව්වා. මේක හොටලයක්මත් නෙමෙයි. ජේමිස් හා ඔහුගේ බිරිද බාබරා හට ග්‍රීෂ්ම කාලයේදි නවාතැන් ගන්න තමයි මේක හදලා තියෙන්නෙ. ඒ අනුව මෙම ප්‍රදේශයේ මුල් පදිංචිකරුවො වෙලා තියෙන්නෙ මැකින්ලි යුවල තමයි. ගින්දර ඇල්ලේ සිරි අසිරිය මුලින්ම විදගෙන තියෙන්නෙත් මේගොල්ලො. පස්සෙ 1890 දි මේ ප්‍රදේශය ජාතික උද්‍යානයක් බවට පත්කරලා තියෙනවා.

මේක ඇත්තටම ගින්දර කඩාහැලෙන දියඇල්ලක්ද?

මේ ගින්දර ඇල්ල ස්වභාවධර්මයේ විශ්මිත නිමැවුමක් කිව්වොත් නිවැරදියි. අඩි 3000ක් පමණ උසකින් යුක්තවන මේ ඇල්ල ගින්දර හෝ ලාවා හෝ කඩාහැලෙන දියඇල්ලක් නොවේ. මෙය නිර්මාණය වී තිබෙන්නේ කදු මුදුනේ තිබෙන ග්ලැෂියරය දියවීමෙනි. ග්‍රීෂ්ම කාලවලදී කදු ග්ලැෂියර් දියවී දියපහරවල් ලෙසින් පහළට ගලායාම සෞම්‍ය කලාපීය රටවල දක්නට ලැබෙන සාමාන්‍ය සංසිද්ධියකි. ඒ අනුව ගින්දර ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ ඒ ආකාරයටය. එසේනම් මේකට ගින්දර ඇල්ල කියන්නේ ඇයි? ඡායාරූපවලින් පෙනෙන ආකාරයට මෙයින් ගින්දර පහළට කඩා හැලෙන්නේ ඇයි?

මේ ආකාරයෙන් දියඇල්ලෙන් ගින්දර කඩාහැලෙන්නාක් මෙන් දිස්වන්නේ හිරුඑළිය නිශ්චිත කෝණකින් දියඇල්ල මත පතිතවන නිසාය. සූර්යාලෝකයේ මෙම පතනය සෑම දිනකම දක්නට නොලැබේ. එය වසරේ එක් කාලසීමාවකට පමණක් සීමා වේ. මෙම දුර්ලභ දර්ශනය දක්නට ලැබෙන්නේ සෑම අවුරුද්දකම පෙබරවාරි මාසයේ අවසන් සති දෙක තුළදීය. මෙම කාලය උදාවන තුරු ඡායාරූප ශිල්පීන් පුල පුලා බලාසිටී. ඇතැම් වර්ෂවලදී වායුගෝලීය තත්වයේ ඇතිවන යම් කැළඹිලි ස්වභාවයන් නිසා මෙම දර්ශනය දැකබලා ගැනීමට නොහැකි වේ. යහපත් වායුගොලීය තත්වයක් තිබුණද මෙය දර්ශනය වන්නේ පෙබරවාරියේ අග සවස්යාමයේ ඉතා කෙටි කාලසීමාවක් පමණි. එබැවින් මෙය දැකබලා ගැනීමට සංචාරකයෝ විශාල ප්‍රියතාවයක් දක්වති.

මෙලෙස විසිතුරු දියඇල්ලක් නිර්මාණය වී තිබෙන්නේ ස්වභාවධර්මයේ සුවිශේෂීතා කිහිපයක් එකට එකතුවීමෙන් නොවේද? මෙවන් දර්ශන ලෝකයේ ඉතාමත් විරළවන්නේ මෙම සංසිද්ධීන් එකට කැටිවූ ස්ථාන අල්ප වශයෙන් ලොවපුරා විසිරී තිබෙන නිසාය. මේ ලිපිය සමග ලබාදී තිබෙන පහත ඡායාරූප කිහිපයද බලා ගින්දර ඇල්ලේ සිරි අසිරිය ඔබත් විදගන්න.

                                                        -දුලාන් තනුශංක සිල්වා
                                                         පේරාදෙණිය විශ්වවිද්‍යාලය

2 comments:

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger