IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

විස්සයි-විස්සේ විනිසුරුවන් තරග පාවා දුන්නාද?

Post by Unknown | at 6:38 AM | 1 Comments | Categories
 ලාංකීය විනිසුරුවන් තරග පාවා දීමට ලක් වෙයිද?


පන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පසුගිය ඉරිදා නිමාවට පත්වූයේ කොදෙව්වන් ලද අනපේක්ෂිත ජයග්‍රහණයත් සමග මිලියන 21ක් පමණ වූ ලාංකිකයන්ව දැඩි ලෙස ශෝකයට පත්කරවමිනි. නමුත් මේ අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තිරය පිටුපස විවිධ කටකතා පැතිරෙමින් පවතී.මෙවැනි ප්‍රශ්ණ බොහෝවිට මතු කරන්නේ ඉන්දීය මාධ්‍ය මගින්ය. මේ දිනවල පැතිර යන ප්‍රසිද්ධම කතාව වන්නේ අයි.සී.සී.යේ ප්‍රධාන විනිසුරුවරු හය දෙනෙකු විසින් තරග පාවා දීමකට ලක්වීමේ සාක්ෂී හමුවී ඇති බවට කියන කතාවයි.ඇත්තටම මෙම කතාව ඉස්මතු කර දැක්වුයේ ඉන්දියාවේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාළිකාවක් මගින්ය.

ලෝක කුසලාන තරගාවලිය අවසන් වූ පසු මෙම ඉන්දීය රූපවාහිනි සේවය මගින් මුදලට එම තරගාවලියේ තොරතුරු ලබාදෙන බවට විනිසුරුවන් හය දෙනෙකු පොරොන්දු වූ බව පවසයි.මේ චෝදනාවට ගොදුරු වී ඇත්තේ පකිස්ථානයේ නදීම් ගෞරි හා අනීස් සිද්දික්, බංග්ලාදේශයේ නදීර් ෂා සහ ශ්‍රී ලංකාවේ ගාමිණි දිසානායක, මොරිස් වින්සන් හා සාගර ගාල්ලගේ යන විනිසුරුවරුන්ය.මෙහි භයානක තත්වය වන්නේ ලංකාවෙන් විනිසුරුවරු තිදෙනෙක්ම මෙම චෝදනාවට ලක්ව තිබීමයි.



චෝදනාවට ලක්වී ඇති පකිස්ථානයේ නදීම් ගෞරි ජාත්‍යන්තර ටෙස්ට් තරග 5 ක්,එක්දින තරග 20ක් හා 20-20 තරග 4කටත් සහභාගී වී ඇත.නදීර් ෂා විනිසුරු තවමත් අයි.සී.සී. චාත්‍යන්තර විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකි.ඉන්දීය මාධ්‍ය මගින් මේ සිදු කරන හෙළිදරව් කිරීම්වල සත්‍ය අසත්‍ය බව තවමත් සනාථ වී නැත.මෙම බංග්ලාදේශ විනසුරුවරයා බී.පී.එල්. තරගාවලියේදී ස්පෝට්ස මැනේජ්මන්ට් නැමැති සමාගම යටතේ එම සමාගම හිමිකම් දරන එම සමාගම අනුග්‍රහය ලබාදෙන ක්‍රිකට් කණ්ඩායමට වාසි සහගත වන ලෙස තීරණ ලබා දී ඇති බව ඔහුට එල්ල වන ප්‍රධාන චෝදනාවයි.



ශ්‍රී ලංකාවේ පැවැක්වූ එස්.එල්.පී.එල්. තරගාවලියේදීද මෙම චූදිත විනිසුරුවන් මෙසේ තරග පාවා දී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.එවුන් පවසන ආකාරයට ස්කයිප්,වීඩියෝ සංවාද මේ සදහා තමන් සතුව සාක්ෂි ලෙස ඇති බවද පවසා ඇත.මෙම ප්‍රශ්ණය 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ වි ඇත්තේ ලෝක කුසලාන පෙරහුරු තරගවලදී අතිරේක විනිසුරු සහ සිව්වන විනිසුරු ලෙස මෙම චූදිත විනිසුරුවන් දෙදෙනෙකු සහභාගී වි ඇති බැවිනි.නමුත් අයි.සී.සී.ය පවසන්නේ මෙම චූදිත විනිසුරුවන් කිසිවෙකු මෙවර 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී නොවූ බවත් සාක්ෂී ඇත්නම් ඒවා ගැන කියවමින් කාලය ගත කරනවාට වඩා වහාම එම සාක්ෂි තමන් වෙත බාර දෙන බවත්ය.



 මෙහි තවත් පැත්තක් ගැන අප කල්පනා කළ යුතුය.මෙම ඉන්දීය මාධ්‍ය මෙම චෝදනා එල්ල කර ඇත්තේ පකිස්ථාන,ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ විනිසුරුවරුන්ටය.ඔවුන්ගේ විනිසුරුවන් සියල්ලම හරි හොද අය වන අතර ඉතිරි දකුණු ආසියාතික විනිසුරුවරු ඉතා නරක පුද්ගලයන් බව ඔවුන් නොකියා කියයි.
 අයි.පී.එල්. එකේ සිදු වූ වංචනික ක්‍රියා අනන්තය.නමුත් ඒවා වසා ගනිමින් මොවුන් සිදු කරන්නේ ශ්‍රී ලංකාවේ SLPL සහ බංග්ලාදේශයේ BPL ක්‍රිකට් තරගාවලි අඩපණ කරන්නදැයි තවදුරටත් සැකයක් මතුවේ.ඉන්දියාවේ ගොඩක් මාධ්‍යවල සිරිත වන්නේ තමන්ගේ රටේ පොල් පරාල ප්‍රශ්ණ වසාගෙන අනුන්ගේ රටවල (විශේෂයෙන් අනෙකුත් දකුණු ආසියාතික රටවල ) පොල් කෙදි ප්‍රශ්ණ උලුප්පා දැක්වීමය.


හැරත් මේ වන විට අයි.සී.සී.යේ බොහෝ නිලතල හොබවන්නේ ඉන්දියානුවන් වන අතර එවුන්ගේ රටේ වැරදි වසා ගෙන වෙනත් රටවල වැරදි හුවා දැක්වීමට ඇති හැකියාව ඒ නිසා තවත් වැඩිය.පාකිස්ථානුවන් පවසන්නේ දැන් අයි.සී.සී.යන නමේ තේරුම ඉන්දියන් ක්‍රිකට් කවුන්සිල් ලෙස වෙනස් කළ යුතු බවයි. ඒ තරමටම අයි.සී.සී.යට ඉන්දියානු බලපෑම එල්ල වී ඇත. කෙසේ වෙතත් තවමත් මෙම චෝදනා නිවැරදි බව ඔප්පු වී නැත. මේවායේ සත්‍ය අසත්‍ය බව ගැන දැන ගැනීමට තව ටික කලක් බලා සිටිය යුතුය.ඉන්දියාවේ එම පෞද්ගලික කාළිකාවේ කරුනු හෙලි කරන තුරු මදක් විමසිල්ලෙන් සිටිමු....


ආසියා

1 comment:

  1. indian unta pissu.un parada una nisa mokak hari bailayak kiyanawa.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger