IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ලොව විශ්මයට පත් කළ අරුම පුදුම මිනිසා "යෙටී"

Post by Unknown | at 7:29 AM | 2 Comments | Categories

         යෙටී නම් විශ්මිත මානවයා ගැන නොදත් කරුණු



ලෝකයේ මන:කල්පිත සතුන් පිළිබදව ඇතැම් අවස්ථාවලදී කතාබහට ලක්වේ. කුඩා ළමුන්ට කතන්දර කියාදීමේදී විශේෂයෙන් මෙම මන:කල්පිත සතුන් පිළිබද තොරතුරු යොදාගනී. දියකිඳුරියන්, මකරුන් ආදිය මෙහිදී ප්‍රමුඛස්ථානයක් ගනී. මේ අතරින් 'යෙටී' නම් සත්වයාද මන:කල්පිත සත්වයෙක් වශයෙන් සම්පූර්ණයෙන්ම නිගමනයට ලක්කළ නොහැකිය. මන්දයත් යෙටී පිළිබදව ඇසින් දුටු සාක්ෂි ලොකයේ නොයෙක් ප්‍රදේශවලින් වාර්තාවන බැවිනි. 

අප කුඩාකල රූපවාහිනියේ විකාශනය වූ ටිං ටිං කාටුන් කතා මාලාවේද එක් කථාංගයක 'යෙටී' සිටිබව බොහෝදෙනෙකුට මතක ඇති. එහි යෙටී මිනිසුන්ට උදව්කරන මිත්‍රශීලී කෙනෙකු ලෙස පිළිඹිබු වේ. සැබැවින්ම යෙටී විසින් මිනිසාට එල්ල කරනු ලැබූ තර්ජනයක් තවමත් වාර්තාවී නැත. අපි මීළගට යෙටී පිළිබදව සැබෑ ලෝකයේ වාර්තාවූ කරුණු සම්බන්ධව විමසා බලමු. 


යෙටී හිම සහිත ප්‍රදේශවල ජීවත්වන මිනිසෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල සිරුර පුරා ලෝම වැසුණු සත්වයෙකි. යෙටී සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම තොරතුරු අනාවරණය වී තිබෙන්නේ 18වන ශතවර්ශයේදීය. ඒ හිමාල කඳුවැටිය ආශ්‍රිත කලාපයෙන්ය. විශේෂයෙන් මෙම යෙටී සම්බන්ධ තොරතුරු වාර්තාවන්නේ ආසියාව හා යුරෝපය ආශ්‍රිත කලාපවලින් පමණි. 

විසිවන ශතවර්ෂයේදී යෙටීව දැකබලා ගැනීමේ අරමුණෙන් පැමිණි සංචාරකයන්ගෙන් හිමාල කඳුකරය වැසීගියේය. හූ හඬක් නිකුත් කරමින් තම ආරක්ෂාව සදහා විශාල ගල්ගෙඩියක් අතින් රැගෙන යන මෙම යෙටීව දැකබලා ගැනීමේ අරමුණින් මෙලෙස පැමිණි සංචාරකයන්ට කිසිදිනෙක යෙටීව මුණ නොගැසිණි. නමුත් ඔවුන්ට යෙටීගේ පාසටහන් දැක ගැනීමේ අවස්ථාව උදාවිය.


එංගලන්තයේ Daily Mail පුවත් ආයතනය මගින් 1954 වර්ෂයේදී යෙටීව සොයා ගවේශනයක් ආරම්භ කළේය. මේ ගවේශනයේදීද එම පිරිසට යෙටීව දැකබලා ගැනීමට නොහැකිවූ අතර ඔහුගේ පාසටහන් ඡායාරූප ගතකර ගැනීමට හැකිවිය. 1970 දී හිමාල කඳුකරයේ කඳුශිඛරයක උස මැනීමට ගොස් සිටි මිනින්දෝරුවන්ට යෙටීව දැකගැනීමට ලැබුණු බව පැවසේ.

යෙටී සිටින බවට මෑතකදී ලැබුණු හොදම සාක්ෂිය

කාලයෙන් කාලයට යෙටී සම්බන්ධ විවිධ තොරතුරු ලැබුණද ඔහු පිළිබදව පැහැදිළි සාක්ෂියක් ලැබුණේ මෙම වසරේ අගෝස්තු මාසයේදීය. ඒ සයිබීරියාවෙන්ය. රුසියාවේ සයිබීරියා ප්‍රාන්තයේ 'කොමරෝ' නම් පළාතේ වනගත ප්‍රදේශයක් තුළ ධීවර කටයුතුවල නියුතු වූ ධීවරයන් පිරිසක් යෙටීලා 30 කගෙන් පමණ සමන්විත වූ කණ්ඩායමක් දැක තිබේ. මෙම ධීවරයන් වාර්තා කරන ආකාරයට යෙටීලාගේ සිරුර සම්පූර්ණයෙන්ම ලොම්වලින් වැසී තිබෙන දෙපාවලින් නැගීසිටින සත්ව කොට්ඨාශයක් ලෙස දක්වා තිබේ. එමෙන්ම මොවුන් සිරුරින් විශාල නොවන අතර මිනිසුන්ට වඩා තරමක් සිරුරින් විශාලවන බව පැවසේ.

යෙටීලා සම්බන්ධ තොරතුරු ගවේශනය කරන විද්වතෙකුවන ජාත්‍යන්තර මානව විද්‍යා මධ්‍යස්ථානයේ ප්‍රධානියාවන රුසියාවේ 'ඊගෝර් බර්සෙව්' මෙම මාසයේදී යෙටී පිළිබදව සෙවීමේ ජාත්‍යන්තර සමුළුවක් සංවිධානය කර තිබේ. පසුගිය වසරේ මෙම සමුළුවකින් පසුව කරනු ලැබූ සමීක්ෂණයකදී යෙටී කෙනෙකුගේ DNA සාම්පල සොයාගැනීමට හැකිවී තිබේ.

යෙටී මිනිසාට ඉතාමත් සමීප ගතිලක්ෂණ දරණ දියුණු බුද්ධිමත් ජීවී කොට්ඨාශයක් බව දැනටමත් කරුණු අනාවරණය වී ඇත. යෙටී තම නිවහන සදහා මිනිසා ඉදිකරනු ලබන නිවසට සමාන ගතිලක්ෂණ දරණ නිවහනක් ඉදිකරන බව තහවුරු වී තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී සයිබීරියාවේ දඩයක්කරුවන්ට යෙටීගේ දැවයෙන් කළ නිවහනක් හමුවූ අතර එයට ඇතුළු වීම සදහා ආරුක්කු හැඩති උළුවස්සක්ද ඉදිකර තිබුණු බව පැවසේ.

කෙසේ හෝ යෙටී යනු ඉතාමත් දුර්ලභ, වදවී යමින් පවතින, ලෝකයෙන් සැගවී සිටින සත්ව කොට්ඨාශයක් බව දැන් දැන් තහවුරු වෙමින් පවතී. එබැවින් කළ යුත්තේ මිනිසාට සමාන ඥාතිත්වයක් දරණ මේ අද්භූත සත්ව කොට්ඨාශය වදවීයාමට නොදී රැකගෙන ඔවුන්ට තම වර්ගයා බෝකිරීමට අවස්ථාව සලසා දීමයි. ඉදිරි කාලයේදී යෙටී සම්බන්ධ තොරතුරු අනාවරණය වනු ඇත. ඒ සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටිමු. 

-දුලාන් තනුශංක සිල්වා
 පේරාදෙණිය විශ්ව විද්‍යාලය

2 comments:

  1. ගොඩක් වැදගත් ලිපියක් ජය...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ළහිරු...!

      Delete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger