IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

මොනවද මේ මුත්‍රා බිත්තර කියන්නේ...

Post by Unknown | at 5:41 AM | 6 Comments | Categories

මුත්‍රා වලින් පිසෙන මුත්‍රා බිත්තර...

 

 

ඔබ අප සෑම දෙනාම බිත්තර ආහාරයට ගෙන ඇති.ඒවා විවිධ ක්‍රමවලට සකස් කරන්නත් පුළුවන්. හෝටල්,තානායම්,වෙනත් ආහාර සකස් කරන ස්ථානවල බිත්තර ආහාරයට එකතු කරන එක අනිවාර්ය කරුණක් බවට පත්වෙලා තියෙන්නේ.ඒත් කවදාවත් මුත්‍රා බිත්තර ගැන ඔබ අහලා තියෙනවද කියලා මම ඇහුවොත් ගොඩක්දෙනා මට දෙන උත්තරේ තමයි නැහැ අපි එහෙම දෙයක් අහලා නැහැ කියලා.ස්වල්ප දෙනෙක් මේ ගැන දන්නවත් ඇති.ඇත්තටම මේ මුත්‍රා බිත්තර කියන්නේ චීනයේ ඇතැම් ප්‍රෙද්ශවල සුලබ ආහාරයක්.මේක ඇහුවම සමහර අයට පිළිකුළක් දැනෙන්නත් පුළුවන්. ඒත් මේ වගේ ඇත්ත දේවල් අද ලෝකයේ තියෙනවා.


මම මේ කියන දේ බොරු කියලා හිතෙනවා නම් ඔබ සතියේ දිනක නැගෙනහිර චීනයේ ඩොන්ග්යැන්ග් (Dongyang )  නගරයේ ප්‍රාථමික පාසල් වැඩ අවසන් වන වෙලාවක ඒ පාසලක් ළගට ගියොත් ඒ පාසල් අසල වැඩිහිටියෝ පොරකමින් ඉන්නවා දකින්න පුළුවන්.ඒත් ඒ වැඩිහිටියෝ ගොඩක් දෙනෙක් ඇවිත් ඉන්නේ ඇත්තටම තමන්ගේ ළමයා එක්කගෙන යන්නද?නැහැ.එයාලාගෙන් ගොඩක්දෙනා ඇවිත් ඉන්නේ ඒ ප්‍රාථමික පාසලේ පිරිමි ළමයින්ගේ වැසිකිලියට යන්න.එයාලා හිස් අතින් නෙමෙයි ඇවිත් ඉන්නේ.ලොකු බකට් බේසම් අරගෙන...ඒ මොකටද දන්නවද?එයාලා බිත්තර තම්බන්නේ අවුරුදු 10ට අඩු පිරිමි ළමයින්ගේ මුත්‍රාවලින්.ඒකට අවශ්‍ය මුත්‍රා එයාලා ප්‍රාථමික පාසල්වල වැසිකිලිවලින් එකතු කරගන්නවා.



ඇත්තටම ඔයාලා දැන් කල්පනා කරනවා ඇති වතුරවලින් බිත්තර තම්බන්නේ නැතුව ඇයි මුත්‍රාවලින් බිත්තර තම්බන්නේ කියලා.එයාලා සියවස් ගණනාවක් තිස්සේ සම්ප්‍රදායක් විදියට ඒක සිදුකරනවා.අන්න ඒක නිසා එයාලා මුත්‍රාවලින් තම්බන බිත්තරවලා අපි කියන්නේ මුත්‍රා බිත්තර කියලයි.මේ සදහා යොදා ගන්නේ කන්‍යා පිරිමි ලමයින්ගේ මුත්‍රා විතරයි.කන්‍යා පිරිමි ළමුන් කියන්නේ වයස අවුරුදු 10ට අඩු පිරිමි ළමුන්ට.Zhejiang පළාතේ වැසියන් පවසන්නේ මෙසේ මුත්‍රා බිත්තර ආහාරයට ගත්තම ශරීරයේ රුධිර ගමනාගමනය හොද වෙනවා වගේම හෘද රෝගත් අඩුවෙනවා කියලයි.ඒ වගේම අත් පා සන්ධිවල රිදුම් අඩු වෙනවලු.


නමුත් මේක ඔවුන්ගේ විශ්වාසයක් විතරයි.ඔවුන් මේ මුත්‍රා බිත්තර සකස් කරන්නේ අපි ආහාරයට ගන්නා සාමාන්‍ය බිත්තරවලින්මයි.වෙනසකට තියෙන්නේ ඔවුන් මේ බිත්තර තම්බන්න ජලය වෙනුවට යොදාගන්නේ මුත්‍රා.මේ මුත්‍රා බිත්තර සකස් කරන්න දවසක් විතර ගතවෙනවා.මුලින්ම බිත්තර මුත්‍රාවල පොගවලා ටික වෙලාවක් තියලා තමයි භාජනයක දාලා බිත්තර මුත්‍රාවලින් තම්බන්නේ.එම වැසියන් මුත්‍රා බිත්තර සකස් කරද්දී හමන සුවදටත් ගොඩක් කැමතියි.ඩොන්ග්යැන්ග් නගරයේ වීදියක් දිගේ ඔබ ඇවිදගෙන ගියොත් සෑම ආහාර වෙළදසැලකම මුත්‍රා බිත්තර විකුනන්න තියෙනවා.මෙයින් බිත්තරයක් යුවාන්1.50(ඇ.ඩො.0.25)ක් විතර වෙනවා.එම මිළ සාමාන්‍ය තම්බපු බිත්තරයක් වගේ දෙගුණයක් විතර මිළක් ගන්නවා.ඒත් මිනිස්සු වැඩිපුර කන්න කැමති ඒ වැඩි මිළක් තියෙන මුත්‍රා බිත්තර කියලයි වෙළෙන්දන් කියන්නේ.එම නගරයේ සියළු ආපනශාලා හොටල් මුත්‍රා බිත්තරවලින් පිරිලා තියෙන්නේ.ඒ වගේම මේ සදහා යොදාගන්න මුත්‍රාවලට පුළුවන් තරම් අළුත් මුත්‍රා තමයි යොදා ගන්නේ.


ඉතිං මේ මුත්‍රා බිත්තර වලින් එයාලා කියන විදිහට ඇත්තටම සිරුරේ රෝග සුව වෙනවද?මේ ගැන හොයලා පරීක්ෂණ පවත්වපු වෛද්‍යවරු නම් කියන්නේ ඒ වගේ ලොකු හිතකර තත්වයක් මේ මුත්‍රා බිත්තර වලා නැති බවත්,මේ වගේ මුත්‍රාවලින් කෑම පිසිනකොට ඒක සෞඛ්‍යයට හා සනීපාරක්ෂාවට අහිතකර වන බවත්ය.මොකද මුත්‍රා කියන්නේ මිනිස් සිරුරෙන් පිටවෙන් බහිස්‍රාවී ද්‍රව්‍යයක් නිසා.අපේ ශරීරයේ තියෙන වීෂ සහිත අහිතකර ද්‍රව්‍ය ඉවත් කරන්නේ මුත්‍රාවලින් කියන එක අමතක කරන්නත් එපා. මේ විදිහට මුත්‍රා බිත්තර සකස් කරලා ආහාරයට ගන්න එක චීනයේ ඩොන්ග්යැන්ග් වැසියන්ගේ සම්ප්‍රදායක්.අපි එයාලගේ සම්ප්‍රදායට ඉඩදීලා ඉදිමු.මේවා අත්හදා බලන්න යන එක නම් භයානක බව හොදට මතක තියාගන්න.

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

6 comments:

  1. නියම ලිපියක් අමිල. අැත්තටම මම මීට කලින් ෙම් ගැන අහලා තිබුෙණ නෑ. ෙගාඩක් වටින ලිපියක්. දිගටම ෙම්වෙග් ෙනාදන්න ෙතාරතුරු අැසුරින් ලිපි සකස් කරලා සිරසි ඒකට දාන්න. ස්තූතුයි!

    ReplyDelete
  2. You seems like having very good reporting skills malli. Quite nice to see your articles. I read almost every one.

    Madhura ayya

    ReplyDelete
  3. thanx dulan anda also thanx madura aiye...i think u will keep a gud touch with our future letter posts.

    ReplyDelete
  4. මෙහෙම දෙයක් මේ ඇහුවමයි

    ReplyDelete
  5. ikeiya..ada thamai ahuwe...kohoma unath eka eyalage culture ekane...apita owa gala penne na.api hodata pirisiduwata kama beema hadana ayane...

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger