IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ලංකාවේත් රතු වීදියක් ඇරඹෙයිද?

Post by Unknown | at 2:53 PM | 5 Comments | Categories

රතු වීදියක් ලංකාවට සුදුසුද?

 

වෙලද සැල්වලින් සිදු කරන්නේ කුමක්දැයි යමෙක් ප්‍රශ්ණ කළහොත් එයට දෙන පිළිතුර කුමක්ද?හරි සරලයිනේ වෙළදසැල්වලින් කරන්නේ පාරිභෝගිකයාට අවශ්‍ය භාණ්ඩ විකුණන එක.ඒත් මේ වන විට විවිධාකාර අන්දමේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මතුවෙමින් පවතී.මේ අතරින් මත්කුඩුවලට ලොල් වූ පාරිභොගිකයන් මෙන්ම කාමාතුරයින්ද පාරිභෝගිකයන් වී හමාරය.මෙවැනි කාමාතුරයින් නිසා ලෝකයේ ඔවුන්ගේ අවශ්‍යතා සංසිදවීම උදෙසා වෙනමම පදෙස් ,දිස්ත්‍රික්ක, වීදි වෙන් කරවා ඇත් මේ සදහා වෙන්වු දිස්ත්‍රික්ක වීදි රතු වීදි, රතු දිස්ත්‍රික්ක නමින් හදුන්වන අතර මේ සදහා ඇතැම් රටවල් නිල වශයෙන් අවසර ලබා දී ඇත.
ඇත්ත වශයෙන්ම රතු වීදියක වාසය කරන්නනේ නගර සෝබනියන් නැතිනම් ගණිකාවන්ය.එවුන්ට පැවරී ඇති කාර්ය භාරය වන්නේ කාමාතුර පාරිභෝගිකයන් පිනවීමටය.ඒ සදහා ඔවුන් හට සෑහෙන්න වැටුපක් ලැබේ.ලෝකයේ ඇති පැරණිම වෘත්තිය ලෙස සලකන මෙය රජයේ අනුග්‍රහය ඇතිව අද වන විට ඇතැම් රටවල ක්‍රියාත්මක වෙයි.තායිලන්තය,සිංගප්පුරුව වැනි ආසියාතික රටවල පවා අද මෙය දක්නට ලැබේ.


එමෙන්ම මේ රතු වීදිය සමග සමගාමීව ගමන් කරන තවත් එක් ව්‍යාපාරයක් වන්නේ කැසිනෝ ව්‍යාපාරයයි.මේ වනවිට ඇමරිකාවේ ලාස් වේගාස් මොන්ටි කාලෝ වැනි විශාල කැසිනෝ ශාලා පවතින නගර හැරුණු විට එක්සත් රාජධානිය,දකුණුඅප්‍රිකාව,ඕස්ට්‍රේලියාව,පෝලන්තය වැනි රටවල පවා කැසිනෝ ශාලා සුලබය.ඉතාලිය වැනි රටවල රතු දිස්ත්‍රික්ක නමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව නගර සෝබනියන් වසන දිස්ත්‍රික්ක පවා වෙන්කර ඇත.

මේ ලිපිය මගින් අද මා විස්තර කරන්නට යන්නේ ලෝකයේ රතු දිස්ත්‍රික්ක ගැනවත්,කැසිනෝ ශාලා ගැනවත් නොවේ.ලංකාවේ රතු වීදි දෙකක් ස්තාපිත කරන්න යනවා කියලා ආරංචි කටකතා දැන් දැන් ඇසෙන්නට ගනියි.මේවා ඇත්තටම කටකතාද නැතිනම් රජයෙන් මේ සදහා දැනටමත් මූලය ප්‍රතිපාදන වෙන් කර ඇතිදැයි තවමත් නොදන්නා කරුණකි.නමුත් විවිද පුවත්පත්වල පළවන තොරතුරුද සළකා බලන කළ කොළඹ කොටුවේ ඕල්කට් වීදිය අසලින්ද,කළුතර කැලිඩෝ වෙරළ තීරයද මේසදහා වෙන් කරීමට සැරසෙන බව කටකතා පැතිරෙයි.


  ඇත්තටම මෙහි සත්‍යක් නැත්තේ යැයි සිතා එක්වරම බැහැර කළ නොහැකිය.මන්දයත් වරක් කළුතර කැලිඩෝ වෙරළ තීරයේ සුද්දන්ට නිදහසේ හැසිරිය හැකි නිරුවත් වෙරළ තීරයක්(Nude Beach)වෙන් කිරීමට සැරසෙන බවටද රාවයක් පැතිර ගියේය.
නමුත් මීටත් වඩා භයානක කරුණ වන්නේ මේ රතු වීදි සංකල්පයයි. මොකද මෙමගින් නීතිමය අවසර ඇතිව ක්‍රියාත්මක වන ගණිකා මඩම් රට පුරා ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවය වැඩිය.මෙවැනි ආකාරයේ වීදි ඉන්දියාවේ පවා නිළ නොවන මට්ටමේ පවතින අතර ලංකාව වැනි සදහම් ප්‍රදීපයකට මෙවැන්නක් කිසි සේත් උචිත නැත.‍.මේ සදහා පක්ෂ පාතීව කතා කරන ඇතැම් උදවිය පවසන්නේ මෙමගින් විශාල ආදායමක් ලංකාවට උපයා ගත හැකි බවයි.දැන් රටේ තත්වය ආර්ථිකය එතරම් යහපත් නොවන බව අප සැම දන්නා ප්‍රසිද්ධ රහසකි.කවුරු මොන කිරුම් මිනුම් දත්ත පොත් පිටින් ඉදිරිපත් කළත් ඇත්ත කතාව ලංකාව තවදුරටත් යන්නේ දුගී තත්වයට මිස සුබ සංවර්ධනයකට නොවේ.



ඉතිං එවැනි කරකියාගත නොහැකි අවස්ථාවක මෙවැනි රතු වීදියක් ආරම්භ කර දේශයේ පතිවත විකුණා කෑමෙන් හෝ සල්ලි ටිකක් හම්බ කරගන්නවා නම් හොදයි කියන තත්වයේ ඇතැමුන් පසුවෙති.
අනෙක් අතට ලංකාවට මේවන විට පැමිණෙන්නෙ මධ්‍යම පාංතික සංචාරකයන් වන අතර ඔවුන් නිතර එහේ මේහේ රට වටේ ගමන් කරන්නේ පාරේ බස් එකේ කෝච්චියේ එහෙමත් නැතිනම් ත්‍රීවිල් එකකින්ය.එවැනි පුද්ගලයන් ආහාර පාන ගන්නේද ලොකු ලොකු හෝටල් වලින් නොව පාර අයිනේ කඩවලින්ය.ඉතිං මෙවැනි තත්වයක සංචාරකයන්ගෙන් අපේ රටට ගාණක් කඩා ගැනීමට නම් රතු වීදියක් නැතුවම බැරිය.



ලෝකප්‍රකට කැසිනෝ රජෙකු වන ඩෙල්ටා කැසිනෝ ශාලා හිමිකරු රාකේෂ් චින්චිවාලා පවසා ඇත්තේ ලංකාව ආසියාවේ හොදම කැසිනෝ මධ‍්‍යස්ථානය කළ හැකි බවයි.ඔහු මේ වනවිට කොළඹ කොටුව ආසන්නයේ විශාල ගොඩනැගිල්ලක් පවා මිළදී ගෙන ඇත.

තවත් සමහරෙකුගේ මතයක් වන්නේ මෙවැනි රතු වීදි ආරම්භ කිරීමෙන් බාලවයස්කාර ස්ත්‍රී දූෂණ,අපචාර අඩවන බවයි.මක්නිසාද යත් එවැනි අවශයතා වලින් පෙලෙන පුද්ගලයන් රතු වීදි කරා ගොස් තම අවශ්‍යතා සපුරා ගන්නා බැවිනි.සිංගප්පූරුවේ රතු වීදි ඇති කලේ එරටට එන පිටරැටියන්ගෙන් එරට කෙල්ලන් බේරා ගැනීමටබවද,සිංගප්පූරුවේමාධ්‍ය පවසයි.නමුත් මෙලෙස රතු වීදි පිහටුවීමෙන් අපචාර අඩු නොවන අතර ලංකාව වැනි දිළිදු රටක එවැන්නක් කිරීමෙන් අපචාර වැඩි විය හැකි බව බොහෝ සමාජ විද්‍යාඥයන් මෙන්ම මානෝ වෛද්‍යවරුන් පවා පවසා ඇත.මක් නිසාද යත් අපචාර දූෂණ අඩු කිරීමට රටක මහජනයා සහ රට යම්තාක් දුරකට සංවර්ධිතව පැවතිය යුතු බවද ඔවුන් පවසයි.



රතු වීදි සංකල්පය ඉතාලිය ,සිංගප්පූරුව, ඇමරිකාව වැනි රටකට උචිත විය හැකිය.නමුත් ලංකාව වැනි බෞද්ධ රටකට රතු වීදිය යන්න උචිත නොවේ.එවැනි ක්‍රියාමාර්ගවලින් සිදුවන්නේ රටට විනාශයක් මිස සංවර්ධනයක් නොවේය යන්න මගේ මතයයි.ලංකාවේ ඝෞරවය කෙලෙසා දැමන අමනයෙක් ලෙස මේ රතු වීදි සංකල්පය හැදින්විය හැකිය.මෙය තවමත් පිහිටුවීම ගැන ස්ථීර ක්‍රියාමාර්ගයක් ඇතිදෝයි කිසිවෙකු නොදනි.ඔබ ලාංකිකයෙකු වශයෙන් රතු වීදිය ලංකාවේ පිහිටුවීමට දක්වන අදහස් මේලිපිය අවසානයේ යොමු කරන්න.දුප්පත්කම නිසා අපේ රටේ ගෞරවය කෙලෙසා ගන්නවාට වඩා කුසගින්නේ මිය යන එක උතුම් බව සලකන්න.

ආසියා

5 comments:

  1. Definitely agree with tour point.
    I won't be a man to sell my women to foreign perverts to earn more. Thus, I consider all young women in my country as my sisters,that apply to all of them as well.

    ReplyDelete
  2. Thatz right madura aiya..all of our women are our sisters we shuld protect them

    ReplyDelete
    Replies
    1. ur ideas r great.. real people & human.

      Delete
  3. Issara ape rata prasidda wela thibune asiyawe danyagaraya hatiyata. Namuth dn me aandu hadagena balayata pathwena hama minihama dagalanne lankawe sancharaka wayaparaya nanwala rate minissu pradarshana baanda karanna. Lankawata ena sancharakayek apu den. Namuth me rate govi thana nanwala gaththanam adu gane rate inna kollange kellange agawal tika wath hadenawane. Boru nam hithala balanna lankawe onama gewaththaka manyokka alayak bahinawane eth wena rata walata ehema polawak wath ne. Mn tika kaleka idan me blog eka kiyawanawa. Eka nisa mata hodata therenawa ape campus wala inna ayyala akkala ratata hodak karannay aragala karanne kiyala. Eka nisa apith oyalage paththe. Puluwannam man kalin kiyapu kathawa ganath ape rata thula sanwadayak athi karanna......

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔබ කියපු කතාව සහතික ඇත්ත... ලංකාවේ ගොවිතැන ඉහළ මට්ටමකට ගත්තා නම් සංචාරකයන්ට වැද වැද ඉන්න ඕනේ නැහැ අපි.ඇත්තටම සංචාරක කර්මාන්තය මගින් ලංකාවට විදේශ විනිමය ලැබුණට ඒක දීර්ඝ කාලීන වශයෙන් පාඩුවක් විදිහටයි මම දකින්නේ.මොකද මෙයින් විවිධ අපයෝජන වැඩි වෙන එක විතරයි වෙන්නේ.කොළඹ ගෝල් ෆේස් එකේ ඉඩම් ගන්න් දැන් චීනයයි ඉන්දියාවයි හෙන පොරයක් යනවා.ඒ අපිට ආදරේට නෙවෙයි ඒවාවල කැසිනෝ ක්ලබ් දාන්න.ඔයාගේ ඉල්ලීම අපි ඉදිරි කාලයෙදි ලිපියක් මගින් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා.ස්තූතියි!

      Delete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger