IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ෆේස්බුක් මුවාවෙන් ආ බංග්ලාදේශ මුස්ලිම් අන්තවාදය

Post by Unknown | at 8:00 PM | 1 Comments | Categories

බංග්ලාදේශයේ නොහික්මුණු  අන්තවාදය...




මා අද මේ ඔබට යොමු කරන ලිපිය බෞද්ධයෙක් හැටියට පෞද්ගලිකව මටත් මෙය කියවන ඕනැම ආගමක පුද්ගලයෙකුටත් ශෝකය උපදවන එකක් වනවා නියතයි. මුස්ලිම් ආගමට මහත් කැලලක් වූ Innocence of muslims චිත්‍රපටිය නිසා විශාල ප්‍රමාණයක් වූ ලෝක වාසි ඉස්ලාම් භක්තිකයන් කැළඹිණි.මක් නිසාද මෙම චිත්‍රපටිය පුරාවට ඉස්ලාම් ආගමට අපහාස වන අයුරින් කතාන්තරය සකස් කර ඇති බැවින් මුස්ලිම් ජනතාව එයට දැඩි විරෝධයක් දැක්වීමයි.ඇත්තටම ඒ චිත්‍රපටි නිෂ්පාදකයාට,අධ්‍යක්ෂකවරයාට නිසි දඩුවම් ලැබිය යුතුය.

මක් නිසාද යත් ඔවුන් කර ඇත්තේ ආගමකට අපහාස වන දඩුවම් ලැබිය යුතු වරදකි. මෙවර මා සදහන් කරන්නට යන්නේ අපිට සමීපතම දකුණු ආසියාතික රටක් වන බංග්ලාදේශයේ සිදුවූ සත්‍ය සිද්ධියකි.මෙය සිදු වී දැන් මසකට ආසන්න කාලයක් ගතවුවද මේ ප්‍රවෘත්තිය පුවත්පතක තිබී මා ඇස ගැටුනේ මේ ලගදී දවසකයි.මීට මසකට පමණ පෙර බංග්ලාදේශයේ චිතගොන් හි රාමු ප්‍රෙද්ශයේ බෙංගාලි තලේබාන්වරු විසින් එහි වාසය කරන ජුම්මා ගෝත්‍රික බෞද්ධයින්ට එලව එලවා පහර දී ඇත.ඔවුන්ගේ නිවාස ඉඩකඩම් සියල්ල ගිනිබත් කර ඇති අතර එම වැසියන්ට ඇදිවත පමණක් අවසානයේ ඉතිරි විය.



මෙය 1971දී බංග්ලාදේශය නිර්මාණය වීමෙන් පසුව එරට බෞද්ධයන්ට එල්ල වූ දැවැන්තම ප්‍රහාරය මෙය බව බංග්ලාදේශ බෞද්ධ සංගමයේ තානාපති අජිත් බරුවා පවසා ඇත.මෙරට මෙන්ම ඉස්ලාම් රාජ්‍යයක් බිහි වීමට ප්‍රථම බංග්ලාදේශය බෙංගාල ප්‍රදේශය ඉතා සැදැහැවත් බෞද්ධයන්ගෙන් සමන්විත වූ අතර පසුව මෙහි ඉස්ලාම් රාජ්‍යයක් බිහි වීම නිසා බොහේ බෞද්ධ විහාරස්ථාන විනාශ විය.බංග්ලාදේශ මහානායක 83 හැවිරිදි සත්‍යප්‍රියහිමිපාණන් ප්‍රකාශ කලේ 1971දී එරට සිටි බෞද්ධයන්ට පකිස්ථාන හමුදා පහර දීමට පැමිනෙද්දී  තමන්චීනයේ බෞද්ධ සැදැහැවතුන් බව පැවසු විටි පකිස්ථාන හමුදා ඔවුන් හට පහර නොදුන් බවයි.එයට හේතුව එකල පකිස්ථානයට උදව් කලේ චීනය බැවිනි.බංග්ලාදේශයේ තෙවැනි විශාලතම ආගම බුද්ධාගම වන අතර එය මුළු ජනගහනයේන 0.7%ක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකි.මෙවැනි ඉතා සුළුතර වු බෞද්ධයන් පිරිසකට බංග්ලාදේශ තලේබාන්වරු හිරිහැර කරන්නේ ඇයිදැයි තවමත් නොදනී.



මෙම සිද්ධියට අදාල හේතුව ලෙස සැලකෙන්නේ ඉතා හාස්‍යජනක එකකි.බංග්ලාදේශයේ බෞද්ධ තරුනයෙකුගේ ෆේස්බුක් ප්‍රොෆයිල් එකට එම තරුණයා හරිහැටි නොදන්නා පුද්ගලයෙකු විසින් ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ රූපයක් ටැග් කර ඇත.මෙම හේතුව නිසා කුපිත වී ඇති බෙංගාලි තලේබාන්වරු ඔවුන්ගේ සුපුරුදු ම්ලේච්ඡත්වය විදහා පාමීන් රාමු ප්‍රදේශයේ බෞද්ධයින්ගේ ගෙවල් දොරවල් ගිනි තබා ඇත.ඇත්තෙන්ම මේ තරුණයා පවසන පරිදි එම රූපය ටැග් කළ පුද්ගලයා තමන් නාදුනන අයෙක් බවත් මෙය සංවිධානය කල සංහාරයක් බවත් පවසයි.මේ සම්බන්ධයෙන් පුද්ගලයන් 300ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත.ඇත්තටම මේ වගේ නින්දිත ලෙස මොවුන් හැසිරී අපේ බෞද්ධාගම විනාශ කරන්නට යන්නේ ඇයි?මෙය දැන් බංග්ලාදේශයේ පමණක් නොව තායිලන්තය ඇෆ්ගනිස්ථානය වැනි රටවල පවා සුලබයි.


බංග්ලාදේශයේ මිලියන 150ක් වන ජනගහණයෙන් බෞද්ධයින් සිටින්නේ ලක්ෂ 5ක් පමන වන්නටය.මෙයින්  එරටේ ෆේස්බුක් භාවිතා කරන්නේ ලක්ෂ 3කට ආසන්න පිරිසකි.මොවුන් අසරණ බෞද්ධයින්ව තම කටගැස්මට ගන්නට තැත් කිරීම නම් තුච්ඡ ක්‍රියාවකි.බෙංගාලි තලේබාන්වරු විසින් බංග්ලාදේශයේ වසර 300කටත් වඩා පැරණී දැවයෙන් නිම වූ විහාරයක්,එමෙන්ම ත්‍රිපිටක වහන්සේලා විනාශ කර ඇත.මේ ක්‍රියාකාරකම් නිසා බොහෝ බෞද්ධයින් බංග්ලාදේශය අත්හැර යන ලකුණු පෙනේ.මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ මෙය මුළු මහත් බෞද්ධ ලෝකයටම කළ විනාශයක් බැවිනි. 


 
මේක මගේ රටේ මුළු බෞද්ධ ශිෂ්ටාචාරයටම කළ විනාශයක් යැයි තවදුරටත් මාහිමිපාණන් ප්‍රකාශ කල ඇත.කුමන ආගමකට වුවත් අපහාස කිරීම එම ආගමිකයන් විනාශ කිරීමට තැත් කිරීම වැරදිය.බොහෝවිට උගත්කමෙන් අඩු නොදියුණු පුද්ගලයන් ඉහත මා සදහන් කළ විනාශයන් සිදු කරයි.අපි අපේ රටේ බෞද්ධාගම පෙරටත් වඩා රැකගැනීමට දැන් කාලය එළඹී ඇත.ඒ සදහා ජාතිවාදය අවුස්සාලිය යුතු නැත.මා මේ සදහන්කළ ලිපියේ කරුණුද සිහියට ගෙන බුද්ධ ධර්මය සුරැකීමට පෙළගැසෙමු.

ආසියා

1 comment:

  1. Aramuna pahadily.
    Kuranaye thiyenne allahwa pili ganne nathi hama ekekma marala daanna. Lokaye thiyena anthawaadima agama thamai Islam. Dan Muslim wela thiyena Asian countries godak issara Bodu ratawal. Ape rateth thambinge janagahana anupathaya dan hodatama wadi. Kawada hari lankawata wenneth Bangladesh walata wela thiyena de thamai. Sarwagamika nidahasata muwawela ada sinhalayawa nihada karala thiyenne. Ekai mewa therum karala denna giyama samaharu apita jaathiwadi label 1 alawanne.

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger