IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

අසහාය නායකත්වයේ නිමාව

Post by Unknown | at 8:00 AM | 3 Comments | Categories
               මහේල විස්සයි-විස්ස නායකත්වයෙන් සමුගනී


ඊයේ අපේ ලංකාවේ සෑම ගෙදරක්ම දිනය ආරම්භයේ සිටම බලාගෙන සිටියේ රාත්‍රී 7ට පැවැත්වෙන 20-20 අවසාන මහා තරගය නැරඹීම සදහාය.කොදෙව්වන්ට ගහන එක එතරම් අමාරු නැති බව අපි බොහෝ දෙනා සිතූහ.ක්‍රිස් ගේල් අවුට් කරගත්තොත් නම් වැඩේ ගොඩ මචං...මේවා මැච් එකට පෙර අපිට පාර තොට්දී මිනිස්සු කතා කරපු දේවල්ය.

ඇත්තටම අපි හැමෝම සිතුවේ ඒක එහෙම වෙයි කියලාය.කාසියේ වාසිය දිනා කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර කොදෙව් පිතිකරුවන් පළමු පන්දු වාරයේ සිටම හොදට හිර විය.ජොන්සන් චාල්ස් ලකුණු නොලබාම දැවී යද්දී  ලාංකික බලාපොරොත්තු තවත් ඉහළ ගියේය.ඊළගට ප්‍රබල පිතිකරු ,අපි කවුරුත් දවා ගැනීමට කැමැත්තෙන් සිටි ගේල් පන්දු 16කදී ලකුණු 3 ක් පමණක් ලබාගෙන දැවී ගියේය.මේ අවස්ථාවේදී ඇත්තටම අපේ කණ්ඩායම තරගයෙන් සියයට 50ක්ම ජයගෙන සිටියහ.මහේලගේ අති විශිෂ්ට නායකත්වය මෙහි ප්‍රධාන හේතුව විය.


නමුත් මාලන් සැමුවෙල්ස් සහ බ්‍රාවෝ ඉතා සෙමින් පන්දුවට පහර දෙමින් නමුත් තම කඩුල්ල රැක ගනිමින් මැච් එක ඇදගෙන ගියේය.වරක් කොදෙව්වන් ඕවර 12කදී ලබා සිටියේ ලකුණු 48ක් පමණි.ඊයේ මා දුටු ඉතිහාසගත නැවත විකාශය වූයේ මාලන් සැමුවෙල්ස් ජීවන් මෙන්ඩිස් ගේ පන්දුවකට ලෝන්ග් ඕෆ් වෙත ලබාදුන් උඩපන්දුව කුලසේකර අතින් ගිලීහී යාමයි.මේ වෙලාවෙ සැමුවෙල්ස් ලබා සිටියේ ලකුණූ 20ක් පමණි.ඉන්පසුව ඔහු ඉතිරි පන්දු 22කදී ලකුණු 56ක්ම ලබා ගත්තේය.2011 ලෝක කුසලාන අවසාන මහා තරගයේදීද කුලසේකර ගාම්බීර්ගේ උඩපන්දුව අත්හැරිය අතර ඉන්පසු ගාම්බීර් ලකුණු 96ක් ලබා ගත්තේය.ඊයේ නැවතත් ඉතිහාසය පුනරූපණය කලේය.



ඉන්පසුව නම් මාලන් සැමුවෙල් මාලිංගගේ දෙවන ඕවරයට ලකුණු 21 ක්ද ඉතිරි ඕවර් 2කට ලකුණු 29ක්ද ලබා ගනිමින් කොදෙව්වන් ස්ථාවර ලකුණු 138කට රැගෙන ගියහ.මේ තරම්වත් හොදට කොදෙව්වන්ව පාලනය වුනේ මහේලගේ අසහාය නායකත්වය සහ මෙන්ඩිස් මැතිව්ස්ගේ දක්ෂ පන්දු යැවීම නිසාය.

"ඕවර් 12කින් පස්සෙත් මාලිංග පන්දුවාර එකයි යවලා තිබුණේ ඒක නිසා මට හිතුණා මගේ කන්ඩායමේ අංක එකේ පන්දු යවන්නාට තව ඕවරයක් ලබාදෙන්න.සැමුවෙල්ස් පල්ලේකැලේදී මාලිංගට හොදින් ක්‍රීඩා කළේ නැහැ,ඒත් ඔහු අවසාන මහා තරගයේදී මාලිංගට ස්කෝර් කරා.ක්‍රිකට් කියන්නේ ඒක තමයි."මහේල මාධ්‍ය හමුවේදී පවසා ඇත.




"අපි සැමුවෙල්ගේ half chance එකක් මිස්කරගත්තා,මම හිතන්නේ ලකුණු 20-30ක වෙනසක් එතනින් ඇතිවුනා.ලකුණු 110-120ක් වගේ වුනා නම් තරගය අපිට ජයග්‍රහණය කරන්න තිබුණා." මහේල තවදුරටත් පවසා ඇත. 12 වැනි පන්දුවාරයේ සිට වාර්ෂාවක ලකුණු පැමිණි බැවින් ඩක්වත් ලුවිස් ක්‍රමය ගැන සිතීම නිසා මහේලද කලබල විය.අන්තිමේදී ඉක්මන් කඩුළු 3ක් බිද වැටුණු අතර වර්ෂාවක් පතිත වුයේද නැත.වැස්ස ගැන නොසිතා සාමාන්‍ය විදිහට අපේ පිතිකරුවන් ක්‍රීඩා කළා නම් තරගය ජයගන්නට තිබුණි.අවසානයේ කුලසේකර පැමිණ රාම්පෝල්ට ඇටි හැලෙන්නට ඕවරයට ලකුනු 21ක් ලබා ගනිද්දී.ඩැරන් සැමී ඇතුළු කොදෙව්වන් හා කොදෙව් පුහුණුකරු සිටියේ හොද ගානට බය වෙලාය.ඒවගේ තවත් ඕවරයක් ගියා නම්හොදය.ඒත් අවසානයේ කොදෙව්වන් ජය ගත්තේය.ගෝත්‍රික නැටුම් සහ ගන්නම් නැටුම් මිශ්‍ර නැටුම් පෙන්වුයේ අපේ ප්‍රේක්ෂකයින්ට ඔච්චම් කරන්නාක් මෙනි.




නමුත් මෙහිදී අප කතා කළ යුත්තේ අපේ කණ්ඩායම මේතාක් දුර රැගෙන ආ මහේල නැමැති අසහාය නායකයාය.නාලන්ද විද්‍යාලයෙන් ක්‍රකට් ජීවිතයට අත්පොත් තැබූ ඔහු 2003 ලොක කුසලාන තරගයේදී මුළු තරග 9ටම ලකුනු 20 සීමාව පමණක් පසු කිරීම නිසා කාලයක් ටීම් එකෙන්ද එළයට දමා සිටියේය.නමුත් ඔහුගේ කැපකිරීම් උත්සහයන් නිසා නැවත කණ්ඩායමට පැමිණ නායකත්වය ලබාගෙන එංගලන්තයට එරෙහිව එංගලන්තයේදීම  5-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කරමින් තම නායකත්වයේ අගය කියා පෑවේය.2007 ලෝක කුසලානයේ අවසාන මහා තරගය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවු අතර 2009 දී නායකත්වයෙන් ඉවත් වී නැවත 2012 සිට ඩිල්ෂාන්ගෙන් කණ්ඩායම බාර ගන්නා විට පිට පිටම තරගාවලි ගණනාවක් පරාජයට ලක්වී තිබුණි.



ඒ වන විට අපේ කණ්ඩායම තිබු තත්වයෙන් ගොඩ ගත්තේ මහේල ජයවරධන නැමැති විශිෂ්ට නායකයා විසිනි.ටෙස්ට් තරග 133කදී ලකුණූ 10540ක්ද,පන්දුවාර 50තරග 382කදී ලකුණු 10772 ක්ද ලබාගෙන ඇති ඔහු 20-20තරග 44කට ක්‍රීඩා කර ලකුණු 1224ක් ලබාගෙන ඔහු ලොව ප්‍රබලතම පිතිකරුවන් අතරින් කෙනෙකි.ඔහුගේ අසමසම 20-20 තරගවල ක්‍රිකට් නායකත්වයෙන් ඊයේ ඔහු ඉවත්විය.ඒ වෙනුවට කුමන පුද්ගලයෙකු පත්කරයිදැයි තවමත් නොදනි.නමුත් මහේල යනු විහිෂ්ටයෙකි.ඊයේ තරගය අවසානයේදී ඔහු කියා සිටියේ, "කණ්ඩායමක් විදිහට අපි කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරා.මේ වගේ ලොකු තරගාවලියකදී අපිටත් ඕන කලේ අපේ ප්‍රේක්ෂකයින්ට යම්දෙයක් ලබාදෙන්න.ඒත් අපේ බලාපොරොත්තු සුන්වුනා.අපි දුක් වෙනවා අපේ ක්‍රීඩාලෝලින්ගේ අවශ්‍යතාවය ඉටු නොවුන එක ගැන" යැයි මහේල ඉතා නිහතමානීව පැවසීය.

"මම මේ තරගාවලියේදී ක්‍රිකට් පාලක මන්ඩලය සමග කතාකළා,මම කලින් ඉදන්ම ඔවුන්ට කියලා තිබුණේමෙවර 20-20 තරගාවලියෙන් පස්සේ 20-20 තරගවල නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා" මහේල ඊයේ පැවසීය.තවදුරටත් ඔහු කියා සිටියේ ලබන ජනවාරි මාසයේ ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලියෙන් පසු ඔහු ටෙස්ට් සහ එක්දින ක්‍රීඩාවල නායකත්වයෙන්ද සමුගන්නා බවයි.ඊයේ අවසාන මහා තරගය පරාජය වූවාට වඩා මම නම් ගොඩක්ම දුක් වුනේ මහේල නායකත්වයෙන් ඉවත් වීම ගැනය.එහුට තව කාලයක් නායකත්වය දැරිය හැකි පුද්ගලයෙකි.
 

ඇත්තටම සංගා,මහේල වැනි ක්‍රීඩකයන් නැවත අපිට බිහිකරගැනීම ඉතා අමාරුය. ශ්‍රී ලංකා කන්ඩායමේ සියළු ක්‍රීඩකයන් ඊයේ අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් සෑම උත්සහයක්ම දරා තරගය ජය ගැනීමට වෙහෙසුණු අතර ඔවුන්ට අපි ඒ වෙනුවෙන් ගරු කළ යුතුය.විශේෂයෙන් මහේල ජයවර්ධන යනු ලෝකයේ අති සුපිරි නායකයෙක් ලෙස නම් කලොත් එය නිවැරදිය.නැවතත් ලෝක කුසලානයක් දිනා ගැනීමට ඔවුන් ළගින් අපි සියළු දෙනා සිටිය යුතුය.ඔවුන් දැඩි වෙහෙසක් දරා අවසාන මහා තරගය දක්වා පැමිණි ගමන ගැන ස්තූති පුර්වකව කතා කළ යුතුය.එළඹෙන නවසීලන්ත කණඩායමේ ශ්‍රි ලංකා සංචාරයේදී අපේ කොල්ලන්ට හොදින් ක්‍රීඩා කිරීමට හැකි වේවායි තවමත් 20-20 ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල අංක 1 සිටින අපේ ශ්‍රීලංකා කණ්ඩායමට සුබ පතමු!

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

3 comments:

  1. with out maharajanan

    ReplyDelete
  2. maheeellaaaaaaaaaaa.................

    ReplyDelete
  3. කාටවත් දැන් මාවන් අතපත්තුව මතක නෑ...2004 දී කවුද හොදම නායකයා වුනේ...මාවන්ට තැන නැති වුනේ කවුරු නිසාද?

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger