IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

තාමත් පාවිච්චි කරන්නේ පරණ key board එකද?

Post by Unknown | at 6:26 AM | 0 Comments | Categories

                             Laser Keyboard  එක ගැන දන්නවද?


දිනෙන් දින තාක්ෂණයෙන් දියුණු වන ලොකයේ තවත් විශිෂ්ට නිර්මාණයක් ගැන තමා කතා කරන්න හදන්නෙ.අපේ සාම්ප්‍රදායික key board එක වෙනුවට මෙන්න අළුත් key board එකක්.ඒ තමයි virtual laser keyboard එක.එ කියන්නෙ දැන් අපිට key board එකක් වෙනුවට පාවිච්චි කරන්න තියෙන්නේ cube එකක්.හොඳයි නේද වැඩේ.



අඳුරේදී හොඳින්ම භාවිතා කරන්න පුලුවන් එකම key board එක තමයි ම VirtualLaserkeyboardඑක.මෙක iphone, ipad,smartphone,PDA, MAC & Tablet PC මෙන්ම bluetooth වලින් වැඩ කලහැකි ඔනෑම උපකරණයකට භාවිතා කරන්න පුළුවන්.මෙය වඩාත් වැදගත් වන්නේ ව්‍යාපාර කටයුතු වල නිරත වූවන් සඳහාය.මෙම key board එක සාමාන්‍ය key board එකක් වගේම වැඩ කරන්න පුළුවන්.මෙහි භාවිතා වන්නේ optical mouse වගේම ආලෝක හඳුනාගැනීමේන් වැඩ කරන තාක්ෂණයක්.මෙහි key භාවිතා කරන විට සාමාන්‍ය key boad එකක් වගේ ශබ්දයකුත් ඇතිවෙන ලෙස සාදා තිබෙනවා.මෙය ලංකා රුපියල් 20000ක පමණ මිලක් වෙනවා.



අපි බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා.


පියවර 1

මෙහිදී සිදුවෙන්නේ key board එකක ආකෘතියක් මොකක්හරි පෘෂ්ඨයක් මත හැදෙන එකයි.ඒ සඳහා red diode laser තමයි භාවිතා කරන්නේ.මෙය නිකම්ම නිකම් පුවරුවක ආකෘතියක් පමණයි.ඒ කියන්නේ key board එකක ෆොටො එකක් වගේ.

පියවර 2

මෙම පියවරේදි වෙන්නේ අධෝ රක්ත කිරණ එහෙම නැත්තම් infra red ray වල කාර්යයයි.පළමු පියවරේදී සාදාගත් key board එක උඩින් මිලි මීටර කීපයක් ඉහලින් අධෝ රක්ත කිරණ පටලයක් ලෙස ඇතිවෙනවා.එම පටලය අපිට පෙනෙන්නේ නෑ.අපි මොකක්හරි  key  එකක් එබුවොත් අපෙ අඟිල්ලේ වැදිලා අධෝ රක්ත කිරණ සංවේදක කරා පරාවර්තනය වෙනවා.

පියවර 3

මෙහිදී සිදුවන්නේ සංවේදක ක්‍රියාවකි.පරාවර්තනය වූ අධෝ රක්ත කිරන මෙම සංවේදක වලට ලැබීමෙන් CMOS image සංවේදකයට image එකක් නැත්තම් ඡායාවක් හටගන්නවා.එය සංවෙදක chip එකක් මගින් තවදුරටත් වර්ධනය කර අදාල key එක පරිඝනකයට ලබා දෙනවා.මෙහි ඇති chip එක මගින් කිරනය හටගත් නියම වෙලාව හා පරාවර්තන කිරනය ඇතිවූ ස්ථානය හඳුනාගැනෙනවා.


ඔයාලට මේක ගැන හදලා තියෙන නියම වීඩියෝ එකක් තියෙනවා.මේ වීඩියෝ එක බැලුවම ඒක තවත් හොදට පැහැදිලි වේවි.

                                          2MB වීඩියෝ එක මෙතනින් බලන්න

සජිත් වෙනුෂ්ක යටගම්පිටිය
රුහුණු විශ්ව විද්‍යාලය




No comments:

Post a Comment

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger