IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

සිගරට් කතාපොතේ අළුත්ම පිටුව ඊ-සිගරට්

Post by Unknown | at 6:00 AM | 2 Comments | Categories

මොනවද මේ e-සිගරට් කියන්නේ?



ලංකාවේ බොහෝ දෙනෙක්,විශේෂයෙන් පිරිමි පාර්ශවය මේ වෙනකොට සිගරට් බොන්න ඇබ්බැහි වෙලා තියෙන්නේ,ඒක මම ඔයාලට අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නැහැනේ,බස් හෝල්ට් එකේ හංදියේ කඩේ, එතකොට මහ පාරේ ගමන් කරනකොට අද ගොඩක් මිනිස්සු පුරුද්දට වගේ සිගරට් කොටයක් අදින්න අමතක කරන්නේ නැහැ. මම අද මේ ලිපියෙන් කියන්න යන්නේ හැමදාම එන සාම්ප්‍රදායික ලිපිවල වගේ දුම්පානයෙ අහිතකර තත්ව සදහන්, ඒකෙන් අපි වැලකී ඉදිමු කියන පාඨය දාලා ලිපිය ඉවර කරන්න නෙමෙයි.ඇත්තටම දුම්පානය කරන්න ඇබ්බැහි වුන පුද්ගලයෙක්ට මේ ලිපි කියවන්න දීලා නම් ඒක නවත්තන්න අමාරුයි.අද මේ ලිපියෙන් හෙළිදරව් කරන්නේ බොහෝ දෙනෙක් නොදන්න e-සිගරට් ගැන,ලංකාවේ තාම ජනප්‍රිය නැති වුනාට මේවනවිට යුරෝපයේ,ඇමරිකාවේ බහුලව පාවිච්චි කරන e-සිගරට් ගැන..



e-සිගරට් කියන්නේ Propylene glycole සහ glycerin මිශ්‍රණයක් සහිත  වාෂ්පශීලී දියරයක් ඉලෙක්ට්‍රොනික් උපාංගයකට එකතු කරලා හදපු උපකරණයක් මේකෙන් සිගරට් එකක් පානය කරද්දි දැනෙන නිකොටින්වල උත්තේජනයට සමාන උත්තේජනයක් ලැබෙනවා. මේ උපකරණයේ ප්‍රධාන කොටස් කිහිපයක් තියෙනවා.


1.LED light cover
2.Battery (also houses circuitry
3.Atomizer (heating element)
4.Cartridge (mouthpiece)

බැටරිය- ගෙඩාක් කුඩා බැටරියක් තමයි මේකට යොදාගෙන තියෙන්නේ, lithium-ion rechargeable battery(නැවත චාර්ජ් කළ හැකි ලිතියම් අයන් බැටරියක්)


Atomizer- මේ කොටසින් තමයි රසායනික මිශ්‍රණය වාෂ්ප කරලා රත් කරන්නේ. මේක ඊ-සිගරට් උපකරණයේ ප්‍රධාන කොටසක්. මේකේ රසායනික දියර මිශ්‍රණයට කලින් සදහන් කල විදියට propylene glycol(PG), vegetable glycerin(VG), සහ polyethylene glycol 400(PEG400) යන දේවල් එකතු කරනවා.


මීට අමතරව කිකොටින් රසය කෘතිමව යම් ප්‍රමාණයකට එනතු කරලා තියෙන්නේ. වෙළදපොලේ දැන් ඊ සිගරට්ටුවට හොද ඉල්ලුමක් තියෙනවා. සිගරට්ටුවක් ආකාරයටම සකස් කර ඇති මේක සියුම් ප්ලාස්ටික් ඇසුරුමක් ලෙස තියෙන්නේ. මේක වැඩ කරන්නේ සියුම් බැටරියකින්.මේ උපකරණයේ තියෙන ලයිට් එක මුලින්ම නිල් පැහැයෙන් තියෙන්නේ නමුත් සිගරට් එක පානය කරද්දි මේක රතුපැහැයට හැරෙනවා.මේකෙන් පිටවෙන වාෂ්පය උරන එක තමයි කරන්නේ.ඒකේ තියෙන ෆල්ටරයෙන් දුම පෙරිලා ඇවිත් දුම බොන කෙනාගේ මුඛයට ඇතුල් වෙනවා.



මේ සිගරට්ටුවෙන් පිටවෙන දුම නිල් පාටයි.ඒ සිගරට්ටුවේ Smoke Free-Health Cigarette "හානිකර නොවන සිගරට්ටුවක් පානය කරන්න" යන අදහස සහිත ප්‍රකාශණයක් සටහන් වී තිබෙනවා. මෙම සියුම් උපකරණය අපේ රටේ මුදලින් රු.2000-3000ක් අතර අගයක් ගනු ඇතැයි බලාපොරෙත්තු වෙන්න පුළුවන්.


මේ සිගරට්ටුව ඔබට බස්රියේදි, සිනමා ශාලාවලදී, භාවිතා කරන්න පුළුවන්, ම්ක පත්තු කරන්න ලයිටරයක් ගිනිපෙට්ටියක් අවශ්‍ය වෙන්නෙත් නැහැ. ඕනෑම වෙලාවක දුම්පානය කරමින් සට ඒක සාක්කුවේ දාගන්න පුළුවන් මොකද ඒක සාක්කුවට දැම්ම ගමන් අක්‍රීය වෙන විදිහට ආලෝක සංවේදී ලෙස සාදා තිබෙන නිසා. ඒකෙන් සාක්කුව පිච්චෙන්නෙත් නැහැ. සාක්කුවෙන් එළයට අරන් බැටරිය ක්‍රියාත්මක කරන්න විතරයි තියෙන්නේ.


මේ ඊ-සිගරට්ටුවේ සෞඛ්‍ය හිතකාමී තත්වය ගැන කතාකරන්නත් ඕනේ. ලෝක සෞඛ්‍ය සංවිධානය(World Health Organization) පවසන විදිහට මේ උපකරණය නිකොටින් සිගරට් වෙනුවට දැනට හදුන්වා දී තිබෙන හොදම ආදේශකයලු. ඒ වගේම මේකේ සාමාන්‍ය සිගරට් එකකට වඩා අඩු නිකොටින් ප්‍රමාණයක් අඩංගු වෙන නිසා, සෞඛ්‍යයට හිතකර බවයි පැවසෙන්නේ. ඇමරිකාව, ජර්මනිය, නවසීලන්තය වැනි රටවල කරපු පරීක්ෂණවලිනුත් ඊ-සිගරට් එකේ සෞඛ්‍ය හිතකාමී තත්වය සනාථ කරලා තියෙනවා.



මේ උපකරණය අද ඉන්දියාවේ නම් ගොඩක් භාවිතා කරනවා.මේ පිළිබදව ගොඩක් දෙනා කතා කරන්න ගත්තේ 2010දී තිරගත වූ The tourist නැමැති චිත්‍රපටියේ සුපිරි නළු Johny Depp විසින් මෙම ඊ-සිගරට්ටුව භාවිතා කරන දර්ශණ නැරඹීමෙන් පසුවයි.කොහොමවුනත් තාම මේ ඊ-සිගරට්ටුව ලංකාවට නම් ආධුනිකයි.ඉස්සරහට ලංකාවෙත් මේක ප්‍රචලිත වුනොත් දුම්බීමෙන් ඇතිවන  පිළිකා රෝග යම්තාක් දුරකට හරි අඩුවෙයි.


                                                -රුචිර තාරක ඇල්පිටිය
                                                  Finlay's tea export company


2 comments:

  1. ඒ වගේම අපි මේකෙදි කියන්න ඕන කවදාහරි මේ සිගරැට්ටුව ලංකාවට ආවාම සිගරැට් නොබොන අය මේකට පුරුදුවෙන්න එපා කියලා. සිගරැට් බොන අය විතරක් මේක ආදේශකයක් විදිහට පාවිච්චි කළොත් නේද හොද? මොකද සිගරැට් බොන අයට ලාංකීය සමාජය තුළ එතරම් තත්වයක් නැති නිසා. කොහොම උනත් මේක ප්‍රචලිත උනොත් රජයට පිළිකා රෝගීන් සදහා වෙන් කරන මුදල ටිකක් අඩුකරන්න පුළුවන් වෙයි.

    හැබැයි මේක පාව්ච්චි කරන්න බොහෝවිට ඉඩකඩ තියෙන්නෙ මුදල් තියෙන මිනිස්සු තමයි. දුප්පත් මිනිහා පුරුදු විදියට සිගරැට් කොටය බීඩිය උරාගෙන ඉදියි නේද?

    ReplyDelete
  2. සිගරට් බොන්නැති මිනිහා දිව්‍ය ලෝකෙන් සිගරට් ගෙනාවත් බොන්නේ නැහැ...ඒ වගේම තමයි සිගරට් බොන කෙනෙක් සිගරට් බිව්වම අපායට යනවා කිව්වත් සිගරට් බොන එක නතර කරවන්න අමාරුයි...මම නම් හිතන්නේ මේක සිගරට් වලාට ඇබ්බැහි වෙලා ඉන්න අයට හදපු හොද ආදේශකයක්

    සිගරට් වලින් ශරීරයට ඇතිවන අහිතකර තත්ව ගොඩක් වැලකෙනවා.අනිත් එක මේක රු 2000ක් වගේ වෙන්නේ,මේ වගේ දෙයක් එක පාරක් මිලදී ගත්තම අවුරුදු ගාණක් රි චාර්ජ් කර කර පාවිච්චි කරන්න පුළුවන්...

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger