IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

බහිස්‍රාවී පද්ධතිය හා සමස්ථිතිය

Post by Unknown | at 7:36 PM | 4 Comments | Categories

බහිස්‍රාවී පද්ධතිය හා සමස්ථිතිය

    රුධිර සංයුතියරුධිර ph, රුධිර පරිමාව හා රුධිර පීඩනය වෙනස් කරමින්,රුධිර සාන්ද්‍රණය පාලනය කරමින්, බහිස්‍රාවී ඵල හා ආගන්තුක ද්‍රව්‍ය ඉවත් කරමින් බහිස්‍රාවී පද්ධතිය සමස්ථිතියට දායක වේ.

    වෘක්ක 2කින් ,මූත්‍ර වාහිනි 2කින්,මූත්‍රාශයකින් හා මූත්‍ර මාර්ගයකින් බහිස්‍රාවී පද්ධතිය සෑදී තිබේ. රුධිර ප්ලාස්මාව පෙරීමෙන් අනතුරුව ජලය වැඩි ප්‍රමාණයක් හා ද්‍රාව්‍ය රුධිර පද්ධතියට එකතු වේ. ඉතිරි ජලය හා ද්‍රාව්‍ය මූත්‍ර සෑදීමට යෙදවේ. එම මූත්‍ර මූත්‍ර වාහිනි ඔස්සේ මූත්‍රශයට ගොස් එහි ශරීරයෙන් පිටවන තුරු  ගබඩාකර තබාගගනී.



වෘක්ක වල ව්‍යුහ හා පටක විද්‍යාව

       වෘක්ක යුගලය මදක් රත් පැහැ වන අතර බෝංචි බීජ හැඩැතිය. මෙය උදර කුහරය තුල උදර කුහරයේ පසු බිත්තිය හා උදරච්චදය අතර පිහිටයි. උදරච්චදයට පි‍ටුපසින් පිහිටන නිසා ප්‍රතිඋදරච්චදීය ලෙස හඳුන්වයි. මෙය තුන් වන කටී කශේරුව හා අවසාන උරස් කශේරුව මට්ටමේ පිහිටයි. 11වන හා 12 වන පර්ශු වලින් ආංශික වශයෙන් ආරක්ෂාව සපයයි.දකුණුපස වෘක්කය වම්පස වෘක්කයට මදක් පහලින් පිහිටයි මංද අක්මාව දකුණුපසින් වැඩි ඉඩ ප්‍රමාණයක් ගන්නා බැවිනි.
වෘක්කවල බාහිර ව්‍යුහ විද්‍යාව

       දර්ශීය වැඩිහිටියෙකුගේ වෘක්ක 10-12cm පමණ දිගයි.5-7cm පමණ පළලයි. 3cm පමණ ඝනකමකින් යුක්තයි. බර 135-150g පමණ වේ. එක් එක් වෘක්කවෙ බොකු ගැසුණු මුහුණත කශේරුව  දෙසට පවතී. බොකු ගැසුණු පෙදෙසේ මධ්‍යය වෘක්ක ලපය(renal hilum) ලෙසින් හඳුන්වනු ලබයි. මූත්‍ර වාහිනි,වසා වාහිනිරුධිර වාහිනි හා ස්නායු මෙම ලපය තුලින් වෘක්ක ඇතුළු වේ. එක් එක් වෘක්කව පටල 3 කින් ආවරණය වේ. ඇතුළතින්  ඇති පටලය වෘක්ක ප්‍රාවරය(renal capsule) ලෙස හඳුන්වයි. එය සිනිඳු විනිවිද පෙනෙන පටලයක් වන අතර මූත්‍ර වාහිනි සමග අඛණ්ඩව සම්බන්ධ වේ. මෙය ක්ෂිතියට(trauma) එරෙහිව බාධකයක් වේ. එමෙන්ම වෘක්ක වල හැඩය පවත්වා ගැනීමට දායක වේ. මධ්‍ය පටලය මේදමය ප්‍රාවරය(adipose capsule) ලෙස හඳුන්වයි. මෙය මේද පටකයෙන් සෑදී ඇත. මෙයත් ක්ෂිතියෙන් වෘක්ක ආරක්ෂා කරන අතර උදර කුහරය තුල තදින් ‍රැඳී සිටීමට දායකවේ. මතුපිටින් ම තිබෙන පටලය වෘක්කීය කවලිකාව(renal fascia) ලෙස හඳුන්වනු ලබයි. මෙය විවිධ ඝනකම් වලින් යුත් සිහින් පටලයකි. මෙමගින් වෘක්ක උදර කුහරයට බැඳ තබයි. මෙය උදරච්චදය දක්වා පවතී.

වෘක්ක වල කාර්යය.

1. රුධිරයේ අයනික සංයුතිය පාලනය.
    අයන කීපයක රුධිර ගත අයන මට්ටම පාලනය කිරීමට වෘක්ක දායක වෙනවා. ගොඩාක් වැදගත්       Na+,K+,Ca2+,Cl- හා HPO4 2-

2. රුධිර ගත ph මට්ටම පාලනය.
    රුධිරයෙ වූ H+ විවිධ වූ ප්‍රමාණ වලින් වෘක්ක මගින් බහිස්‍රාවය කරන අතර HCO3- රඳවා ගනී.HCO3-    ස්වාරක්ෂක ක්‍රියාව සිදු කරයි.

3. රුධිර පරිමාව පාලනය කිරීම.
    ජලය මූත්‍ර සමග පිටකරමින් හෝ රඳවා ගනිමින් රුධිර පරිමාව පාලනය කරයි.රුධිර පරිමාව වැඩි වන විට රුධිර පීඩනය වැඩි වන අතර රුධිර පරිමාව අඩු වන විට රුධිර පීඩනය අඩු වේ.

4. රුධිර පීඩනය පාලනය.
    රෙනින් එන්සයිමය ස්‍රාවය කරමින් වෘක්ක රුධිර පීඩනය පාලනය කිරීමට දායක වේ.

5.හෝමෝන නිපදවීම.
වෘක්ක විසින් හෝමෝන 2ක් නිපදවයි.Calcitriol(vitamin D වල ක්‍රියාකාරී ආකාරය)ca2+ සමස්ථිතියට උපකාරී වේ.Erithropoietin රතු රුධිරාණු නිපදවීම උත්තේජනය කරයි.

6. රුධිර සන්ද්‍රනය පාලනය කිරීම.
    වෘක්ක වෙන් වෙන්ව  මුත්‍රා වල ජලය අඩු වීම හා ද්‍රාව්‍ය අඩු වීම පාලනය කරයි. වෘක්ක 300milliosmoles per literක නියත රුධිර සාන්ද්‍රනයක් පවත්වා ගනී.

7. රුධිර ගත ග්ලුකෝස් මට්ටම පාලනය.
    අක්මාව වගේ වෘක්ක වලට පුළුවන් බාවිතා කරන්න amino acid glutamine නව ග්ලුකොස් නිපදවීමෙ ක්‍රියාවලියෙදි.

8. බහිස්‍රාවී ඵල හා ආගන්තුක ද්‍රව්‍ය බැහැර කිරීම.
    මුත්‍ර නිපදවීම මගින් මෙම ද්‍රව්‍ය බැහැර කිරීම සිදුවේ. වෘක්ක වලින් ග්ලුකොස් ප්‍රතිශෝෂනය වන්නේ 180mg per 100ml වන තුරු පමනි.ඉතිරිය මූත්‍රා සමග බැහැර වේ.

*වෘක්ක වල පිහිටීම හා වටපිටාව


ඉහත දැක්වු විස්තරවලට අමතරව වකුගඩුවල ව්‍යුහය සහ කෘත්‍ය පිළිබද වැඩි විස්තර මානව බහිස්ස්‍රාවීය පද්ධතිය නැමැති E-Book මගින් ලබාගන්න පුලුවන්. ඒක මම ළගදීම සිරසි තුලින් ඔබට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා......


                                                 -සජිත් වෙනුෂ්ක යටගම්පිටිය
                                                  පළමු වසර
                                                  රුහුණු විශ්ව විද්‍යාලය

මෙම ලිපියේ සම්පූර්ණ අයිතිය සජිත් වෙනුෂ්ක යටගම්පිටිය සොයුරා සතුවන අතර මෙය සිරසි සබ්ස් වෙනුවෙන් ඔහු විසින් නිර්මාණය කරන ලද්දකි. මෙවන් ලිපි නිර්මණ ඔබටද අපවෙත එවිය හැකිය. ඒසදහා පහත ඊ-මේල් ලිපිනයෙන් අප හා සම්බන්ධ වන්න.
contact.sirasi.@gmail.com





4 comments:

  1. බොහෝම ස්තූතියි සජිත් මේ වගේ ලිපියක් සයිට් එකට දැම්මට. මේ විෂය කෙෂ්ත්‍රය ගැන අපි වැඩිය දන්නෙත් නෑනෙ. ඒ නිසා ඔයාගෙ විෂය කෙෂ්ත්‍රයට අදාල තව ගොඩක් ලිපි, PDF file එහෙම සයිට් එකට දාන්න. එහෙනම් දිගටම වැඩේ කරගෙන යන්න...ජයවේවා!

    ReplyDelete
  2. ස්තුතියි දුලාන් අයියේ.

    ReplyDelete
  3. මහා ධමනිය කාර්ය දැම්මා තව හොඳයි යි

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger