IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1 IMAGE-1

ටී ෂර්ට් මිළදී ගනිද්දී ඔබ නොදැකපු දේවල්

Post by Unknown | at 9:13 PM | 5 Comments | Categories

නූතන ටී ෂර්ට්වල ඔබ නොදුටු දේවල්...




කාලෙන් කාලෙට තරුණ පරපුරේ විලාසිතා වෙනස් වෙනවා සමහර කාලවලට අපිට දැකගන්න පුළුවන් විලාසිතා තවත් කාලෙකදී හාතපසින් වෙනස් වෙනවා.හැබැයි තරුණ පරපුරේ මේ විලාසිතාවලින් බොහෝමයක් ගැහැනු ළමුන් සදහා තමයි නිර්මාණය වෙලා තියෙන්නේ.ඉතිං මෙහෙම මම කිව්වා කියලා කොල්ලෝ ටික හිතයිද දන්නේ නෑ ඇයි අපි ෆැෂන් කරන්නේ නැද්ද කියලා ඇත්තටම කොල්ලෝ කෙල්ලෝ දෙගොල්ලොම අද විලාසිතා වලා ගොඩක් නැඹුරුයි.මුළු ලංකාවෙන්ම ගොඩක්දෙනා (හැමදෙනෙක්ම වගේ)ටී ෂර්ට් අදිනවා ඇති කියලා අපි හැමෝම දන්න දෙයක්.අද කාලේ ටී ෂර්ට් කියන එක ගැහැණු පිරිමි දෙපාර්ශවයේම පොදු ඇගළුමක් බවට පත්වෙලා තියෙන්නේ.හැමෝම ටී ෂර්ට් එකක් ගනිද්දී ඒක මහලා තියෙන රෙදි වර්ගය එතකොට ඒකේ පාට,නිමවුම ගැන බලනවා ඇති ඒත් ඊට අමතරව ඔබ අනිවාර්යයෙන් බැලිය යුතු ඒත් ඔබට බොහෝ වෙලාවට බලන්න අමතක වෙන දේවල් ගොඩාක් තියෙන බව ඔබ දන්නවද?



අද කාලේ තරුණ පරපුර අදින ටී ෂර්ට් වලින් බොහෝමයක් විවිධ වදන්වලින් සමන්විත වෙනවා.මේ වදන්,කියමන් ටී ෂර්ට් එකේ මුද්‍රණය කරලා තියෙන්නේ නම් ඉංග්‍රීසියෙන්.ඒත් අපි පොඩ්ඩකට ඒ ටී ෂර්ට්වලා සදහන් කරලා තියෙන දේවල්වල තේරුම බලලාම ඒක මිළදී ගන්නවා නම් හොදයි නේද?නැත්තම් අපි ඒක ඇදන් යන වෙලාවක ඉංග්‍රිසි හොදට දන්න කට්ට්ය ඒවා කියෙව්වාම ඒ ටී ෂර්ට්වල මුද්‍රණය තියෙන්නේ අසභ්‍ය වචන නම් අපේ චරිතයත් ඒ වෙලාවෙම විනාස වෙනවා.මොකද අද කාලේ  සමහර ටී ෂර්ට්වල ඒ වගේ දේවල් තියෙන නිසා.උදාහරණයක් විදිහට I am Ape කියලා සමහර ටී ෂර්ට්වල සදහන් වෙනවා.ඒකේ තේරුම "මම වදුරෙක්" කියන එක.ඉතිං ඒ වගේම FCUK කියලා සදහන් වෙන ටී ෂර්ට් තියෙනවා ඒක එක පාරට දැක්කහම පේන්නේ අසභ්‍ය වචනයක් වගේ.ඒත් ඒකේ තේරුම පොඩියට යටින් ලියලා තියෙනවා French Connection United Kingodom කියන සංවිධානයේ මුල් අකුරු හතර එකතු කරලා.


සමහර ටී ෂර්ට්වල Asshole by birth කියලත් සදහන් වෙනවා.ඒකත් ගොඩක්දෙනෙක් දන්න ඉංග්‍රිසියේ අසභ්‍ය වචනයක්.   Kiss the cook කියලා සදහන් වෙන එක එක පාරටම බැලුවම පේන්නේ    Kiss the cock වගේ.ඒක නිසා ටී ෂර්ට් මිළදී ගන්නකොට ඒකේ ලස්සන ගැන වගේම ඒවාවල මුද්‍රනය කරලා තයෙන දේවල් ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ.


 මේ වගේ අසභ්‍ය වචන වගේම විහිළු තහළු සහිත කියුම් සමහර ටී ෂර්ට්වල දකින්න පුළුවන්.උදාහරණ විදිහට  This is my drinking shirt,I smile because I have no idea whats going on,Body by beer වැනි හාස්‍යජනක යෙදුම් දක්නට පුළුවන්.මෙවැනි ටී ෂර්ට්වලට අමතරව කියුම් වෙනුවට පින්තූර පමණක් මුද්‍රණය කරපු ඒවාත් වෙළදපොලේ තියෙනවා.



මේ විදිහට අපි හොද ටී ෂර්ට් එකක් තෝර ගත්තා කියමු ඊට පස්සෙත් ඒ ටී ෂර්ට් සෝදනකොට හෝදලා වේලන්න දානකොට ටී ෂර්ට් එකේ ටැග් එකත් පොඩ්ඩක් කියවලා බලනවා නම් තමයි හොද.ගොඩක් කට්ටිය සාප්පුවෙන් ටී ෂර්ට් එක අරගෙන ආපු ගමන් ටැග් ගලවලා වසි කරලා දානවා.ඒවාවල තියෙන සංකේත ටිකත් පොඩ්ඩක් දැනගෙන හිටියා නම් අපිට ටී ෂර්ට් එක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.අපි හැම දෙනාටම තියෙන ප්‍රශ්ණයක් තමයි ගොඩක් ටී ෂර්ට් අරගෙන වැඩි කල් යන්න කලින් අව්වට පිල්ස්සෙන එක.ටැග් එකේ විදිහට ඒක කියවලා බලලා අපි වැඩ කරනවා නම් අපිට ටික කාලයක් ඒක හොද තත්වයේ තියාගන්න පුළුවන්.




ඒ වගේම ටී ෂර්ට් ඒ වගේම වෙනත් නිමි ඇදුම්වල තියෙනවා ජාත්‍යන්තර සංකේත සලකුණු කරලා.ඒවා ගැනත් ටිකක් සලකලා බලලා ගන්න එක ඇගට ගුණයි.මොකද ඒ සංකේත වලින් අපිට ඒ ඇදුම නිමවා ඇති ආකාරය ගැන යම් අවබෝධයක් ලැබෙනවා.පහත දැක්වෙන්නේ එවැනි සංකේත කිහිපයක්.මේවාට කියන්නේ Laundary symbols කියලා.


  1. 30°C උෂ්නත්වය(කාමර උෂ්ණත්වයේදී) සෝදයි
  2. 40°C උෂ්ණත්වයේදී සෝදයි
  3. 60 °C උෂ්ණත්වයේදී සෝදයි
  4. 90 °C උෂ්ණත්වයේදී සෝදයි
  5. රෙදි මැදීම පහළ උෂ්ණත්වයේදී
  6. රෙදි මැදීම මධ්‍යම  උෂ්ණත්වයේදී
  7. රෙදි මැදීම ඉහළ උෂ්ණත්වයේදී
  8. මෙම සංකේතය අඩංගු රෙදි මැදීම සිදු නොකරයි.
  9. විසිරි වියළිම පහළ උෂ්ණත්වයේදී
  10. විසිරි වියළිම මධ්‍යම උෂ්ණත්වයේදී
  11. විසිරි වියළිම ඉහළ උෂ්ණත්වයේදී
  12. මෙම සංකේතය අඩංගු නම් විසිර වියළීම සිදුකර නැත
  
ඉතිං මේ ආකාරයට ඉහතින් මා දැක්වූ කරුණු සැලකිල්ලට අරගෙන ඔබේ ටී ෂර්ට් එක ගන්නවා නම් ඔබ වෙනදාටත් වඩා වැදගත් කෙනෙක් විදිහට සමාජයට යන්න පුළුවන්.

අමිල චාමර ගුණසිංහ
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය

5 comments:

  1. Mage T-Shirt eke Fuck Hard kiyala print karala thiyanawa,theruma mokakda danne ne,thawa ekaka (y) me picture eka thiyanawa

    ReplyDelete
  2. good post.knew good things.thanks

    ReplyDelete
  3. http://sphotos-h.ak.fbcdn.net/hphotos-ak-frc1/v/702892_462710833793245_466255906_n.jpg?oh=f0932e9152bf5d564e5cac56ec114768&oe=50BE73AE&__gda__=1354689270_7245a4ef8d22ac86120852a41fae45b7


    check the link

    ReplyDelete

Sponsors : Copyright © 2012. සිරසි - All Rights Reserved
Template Design by Sirasi Powered by Blogger